සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය
සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ මීට වසර බිලියන 4.6කට පෙර සිදුවූ යෝධ අණුක වළාකුළක කුඩා කොටසක් ගුරුත්වාකර්ෂණය සමග හැකිලීමෙනි. මෙම විශාල අණුක වළාකුළ සූර්ය නිහාරිකාවක් ලෙසද හදුන්වයි. ආසන්නයේ සිදු වූ සුපර්නෝවා පිපිරුමකින් ඇති වූ කම්පන තරංගයක්, බොහෝ විට මෙම යෝධ අණුක වළාකුළෙහි බිඳවැටීම ආරම්භයට හේතු වී ඇත. මෙම බිඳ වැටුනු ස්කන්ධයෙන් බොහෝ ප්‍රමාණයක් කේන්ද්‍රයෙහි එකතු වී සූර්‍යයා නිර්මාණය වී ඇති අතර ග්‍රහලෝක එය වටා කක්ෂගත වන තුනී තැටියක පිහිටයි. ඒ සමගම, ග්‍රහලෝක වටා කක්ෂගත වෙමින් චන්ද්‍රයන්,වල්ගාතරු වැනි අනෙකුත් සෞරග්‍රහ මණ්ඩල වස්තූන් නිර්මාණය වී ඇත.
මීළගට සූර්යයා, ග්‍රහලෝක හා අනෙකුත් සෞරග්‍රහ මණ්ඩල වස්තූන් නිර්මාණය
වූ ආකාරය සලකා බලමු.
සූර්යයාගේ
උපත
●
ඉහත
සඳහන් කළ දූවිලි වළාවෙහි වැඩි වශයෙන් හයිඩ්‍රජන් හා හීලියම් වායු අන්තර්ගත වී ඇති අතර අනෙකුත් වායූන් අන්තර්ගත වී
ඇත්තේ සුළු ප්‍රතිශතයකිනි. එම දූවිලි වළාවෙහි මධ්‍යයෙහි
ගුරුත්වාකර්ෂණය අධික වීම නිසා වායූන් වළාවේ මධ්‍යයට ඇදේ. පසුව එම පරමාණු තාපය ජනනය
කරමින් එකිනෙක ගැටීම හේතුවෙන් හරයේ පීඩනය අධික ලෙස වැඩි වී ඇත. අවසානයේ, එහි ඇතිවන අධික උෂ්ණත්වය (කෙල්වින් අංශක මිලියන එකක) හේතුවෙන් ඔවුන් න්‍යෂ්ටික
විලයන නම් ක්‍රියාවලියකට ලක්ව පරමාණුවල මධ්‍යයන්හි ඇති ප්‍රෝටෝන
විලයනය වීමට පටන් ගෙන ඇත. මෙම අවස්ථාවේ දී හිරු
පූර්ණව වැඩුණු ප්‍රධාන අනුක්‍රම තාරකාවක් බවට පත්ව ඇත. දැනුදු අප සූර්යයා ප්‍රධාන අනුක්‍රමයේ
තරුවක් වන අතර තවත් වසර බිලියන 5-6ක් පමණ ප්‍රධාන
අනුක්‍රමයේ තාරකාවක් ලෙස පවතිනු ඇත. මෙහිදී අනුක්‍රමයේ ඇති පදාර්ථයෙන් 99%කට වඩා වැඩි ප්‍රතිශතයක් සූර්යයාට අයත්
වේ.
ග්‍රහලෝක
වල උපත
නිහාරිකාවේ පැවති සූර්යයාට අවශෝෂණය නොවූ පදාර්ථයන්, සූර්යයාගේ ගුරුත්වාකර්ෂණය මගින් කක්ෂයේ රඳවා ඇති දූවිලි හා වායු සහිත පැතලි තැටියක් ලෙස සූර්යයා වටා කැරකෙයි. මෙම තැටිය ප්‍රාක්ග්‍රහ තැටිය ලෙස හඳුන්වයි. සෑම ග්‍රහලෝකයක්ම ආරම්භ වී ඇත්තේ ප්‍රාක්ග්‍රහ තැටියේ ඇති ක්ෂුද්‍ර ධූලි ලෙසය. පරමාණු සහ අණු විශාල අංශු බවට එකට එකතු වී සියුම් ඝට්ටන මගින්, පසුව සැතපුමක පමණ විෂ්කම්භයකින් යුත් වස්තූන් ලෙස ගොඩනැගුණු අතර ඒවා ග්‍රහලෝක ලෙස හැඳින්වුනි. මෙම ග්‍රහලෝක වෙනත් වස්තූන් ගුරුත්වාකර්ෂණයෙන් ආකර්ෂනය කර ගැනීමට තරම් විශාල වේ. මෙහිදී ග්‍රහලෝක වල ඝට්ටන අධික වේගයකින් සිදු වුයේ නම්, ඉන් එක් එක් ග්‍රහලෝක සුනුවිසුනු වී යාමට ඉඩ තිබුණි. නමුත් බලපෑම් ප්‍රමාණවත් තරම් මෘදු වීම නිසා වස්තූන් ඒකාබද්ධ වී වසර මිලියන 10 සිට 100 දක්වා මෙම ග්‍රහලෝක සූර්යයා වටා ඕවලාකාර මාර්ගවල කක්ෂගත වෙමින් වර්ධනය සිදු වුණි.
ප්‍රාක්ග්‍රහ තැටිය
●
මෙහි
අවසානයේදී, අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටක් ඉතිරි විය. සූර්යයා වෙතින් හමන තාරකා
සුළං (stellar wind) හේතුවෙන් ග්‍රහලෝක පාෂාණමය නැතහොත් භෞමික ග්‍රහලෝක සහ වායුමය ග්‍රහලෝක
ලෙස කොටස් දෙකකට බෙදේ. මෙම සුළං කෙතරම් ප්‍රබල ද යත් සූර්යයාට ආසන්නතම ග්‍රහලෝක හතරේ
වායූන් බොහොමයක් හමා යන අතර, ඒවායේ පාෂාණ සහ ලෝහ පමණක් නොවෙනස්ව කුඩා වේ. ඒවා පාෂාණමය හෝ භෞමික ග්‍රහලෝක
ලෙස හඳුන්වන්නේ එබැවිනි. පිටත ග්‍රහලෝක හතර සූර්යයාට වඩා බොහෝ දුරින් පිහිටා ඇති අතර
එහි සුළඟට ඔවුන්ගේ අයිස් සහ වායූන් ඉවතට ගෙන යා නොහැක. කුඩා පාෂාණමය හරයක් පමණක් සහිත
ඒවා වායුමය ලෙස පැවතුනි.
තාරකා සුළං (Stellar wind)
චන්ද්‍රයන් ගේ උපත
●
පෘථිවියට
ආසන්නතම පාෂාණමය වස්තුව චන්ද්‍රයා ය. එය ගමන් කරන්නේ සූර්යයා වටා නොව පෘථිවිය වට වේ. එම නිසා එය ග්‍රහලෝකයක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයෙහි ඇති චන්ද්‍රයන්
නිර්මාණය වී ඇත්තේ ගැටීම් සහ එක් එක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණය යන ක්‍රම දෙක මගින්
බව දැනට සැලකේ. පෘථිවියෙහි චන්ද්‍රයා නිර්මාණය වී
ඇත්තේ ඝට්ටනයකින් බව විශ්වාස කරයි. එයට හේතු වන්නේ
අතීතයේ චන්ද්‍රයා පෘථිවියට මදක් ආසන්නව පැවතියද එය තවමත් වසරකට අගල් 2ක් පමණ වේගයකින්
ඉවතට ගමන් කරන නිසාය.
අප සෞරග්‍රහ මණ්ඩලය සෑදී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලපෑම යටතේ පදාර්ථ එකට
එකතු වීම හේතුවෙන් බව තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔරායන් නිහාරිකාවේ කොටසක සිදුවන
ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් අප සෞරග්‍රහ මණ්ඩලයේ ද සිදුවෙමින් පවතින නිසාය.
1995 දී ස්විට්සර්ලන්තයේ තාරකා විද්‍යාඥයින් ප්‍රථම වරට අපේ සෞරග්‍රහ
මණ්ඩලයෙන් ඔබ්බට සාමාන්‍ය තරුවක් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක් සොයා ගන්නා ලදී. එවැනි
ග්‍රහලෝකයක් බාහිර ග්‍රහලෝකයක් ලෙස හැඳින්වේ. 2012 ජූනි වන විට, බාහිර
ග්‍රහලෝක 700කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තහවුරු කර ඇත.
2009 දී,
NASA ආයතනය විසින් සිග්නස් සහ ලයිරා තාරකා මණ්ඩල අසල කලාපයේ වාසයට සුදුසු
බාහිර ග්‍රහලෝක සෙවීම සඳහා දුරේක්ෂයක් සූර්යයා වටා කක්ෂයට යවන ලදී. කෙප්ලර් මෙහෙයුමේ
කේන්ද්‍රස්ථානය වන මෙම දුරේක්ෂය ආලෝක වර්ෂ සිය ගණනක් හෝ දහස් ගණනක් ඈතින් පිහිටි තරු
100,000ක් නිරීක්ෂණය කරනු ඇත.
සාරාංශයක් ලෙස, සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වන්නේ තාරකාවක්
හා ග්‍රහලෝක මූලික කර ගනිමිනි. ග්‍රහලෝක යනු තාරකාවක් වටා පරිභ්‍රමණය වන වස්තූන් වේ.
ග්‍රහලෝක සෑදෙන්නේ වායූන් සහ දූවිලි සහිත තැටියක ඇති අංශු වලින් වන අතර ඒවා තාරකාව
වටා කක්ෂගත වන විට එකට ගැටී ඇලී තිබේ. තාරකාවට ආසන්නතම ග්‍රහලෝක පාෂාණවලට නැඹුරු වන්නේ,
තාරකාවේ සුළඟ ඒවායේ වායූන් ඉවතට හමා යවන නිසා සහා ඒවා තාරකාවේ ගුරුත්වාකර්ෂණයෙන් ආකර්ෂණය
වන බරින් වැඩි ද්‍රව්‍යවලින් සෑදී ඇති නිසා වේ.
©️ Nethini Wickramaarachchi
Graphic by : Heshani Jananjalee
J'pura Astronomy Club
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
Comments
Post a Comment