Jupiter at Opposition

 


වාර්ෂිකව සිදුවන තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස Jupiter at Opposition හැඳින්විය හැකිය. මෙහි Opposition යනු යම් ග්‍රහලෝකයක පිහිටීම සූර්යයාට හා පෘථීවියට සාපේක්ෂව දැක්වීම වේ. ඒ අනුව Jupiter at Opposition යන්නෙන් අදහස් වන්නේ සූර්යයා සහ පෘථීවිය සමඟ බ්‍රහස්පති ග්‍රහයා ඒක රේඛීයව පිහිටන සුවිශේෂී තාරකා විද්‍යාත්මක සංසිද්ධිය වේ.

Jupiter at Opposition යන තාරකා විද්‍යාත්මක සංසිද්ධිය සිදු වන්නේ බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාට ප්‍රතිවිරුද්ධව අහසේ පිහිටන විට පෘථීවිය බ්‍රහස්පති ග්‍රහයා සහ සූර්යයා අතරින් ගමන් කරන අවස්ථාවේදී . තවද මෙහිදී සෞරග්‍රහ මණ්ඩලය බ්‍රහස්පති ග්‍රහයා සහ පෘථීවිය සූර්යයාගේ එකම පැත්තේ පිහිටනු ලබයි. මෙය පහත රූප සටහන් මගින් පෙන්වා දිය හැක.

මෙම සිදුවීම සෑම මාස 13කට වරක් එනම් වාර්ෂිකව සිදුවන අතර එමඟින් ග්‍රහලෝකය වසරේ වෙනත් ඕනෑම වෙලාවකට වඩා විශාලව හා දීප්තිමත්ව දිස් වේ. මෙම වසරේ දී සැප්තැම්බර් මස 26 දින ලංකාවේ වේලාවෙන් පෙරවරු 1.30 පමණ මෙම සංසිද්ධිය දැක ගත හැකිය.

මෙම අවස්ථාවේදී බ්‍රහස්පති ග්‍රහයා මීන රාශියේ වැතිර සිටින බැවින් රාත්‍රියේදී  වැඩි කාලයක් දෘශ්‍යමාන වන අතර දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පමණ වන විට එහි ඉහළම අවස්ථාවට ළඟා වේ

එනම් කොළඹ සිට මෙම සිදුවීම පස්වරු 18:35 සිට පෙරවරු 05:31 දක්වා දැකගත හැකිය. මෙහිදී පස්වරු 18.35 දැකගත හැකි වෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයෙන් 7° ක උන්නතාංශයකට ප්‍රවේශ වන විට ය. තවද දකුණු ක්ෂිතිජයට ඉහළින් මධ්‍යම රාත්‍රීියේ (00:03), 82°ක උන්නතාංශයකදී අහසේ උසම ස්ථානයට ළඟා වනු ඇත.

මේ ආකාරයට මෙම වසරේ සිදුවන Jupiter at Opposition යන සංසිද්ධිය විස්තරාත්මකව පෙන්වා දිය හැක. මෙම සංසිද්ධිය ලබන වසරේදී නොවැම්බර් මස 02 දින නැවත දැක ගැනීමට හැකිවේ.


©️ Shashikala Karunathilaka

Graphic by : Priyashantha Perera

J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts