ඔරායන් (Orian) තරු රටාව


    අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තාරකාය. ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඒවා ඉතා ආකර්ශණීය ලෙස පොළොවේ සිට නරඹන අප හට දිස් වේ. ආකාශ වස්තූන් සිතියම්ගත කිරීමේ පහසුව සඳහා තාරකා රටා හඳුන්වා දීම පැරණි නාවිකයන් ගොවීන් මෙන්ම තාරකා විද්‍යාඥයින්ගේද නිරීක්ෂණයන්ට අනුව සිදු වී ඇත. මෙහි ආරම්භය මින් වසර 6000කට පමණ පෙර සිදු වූ බව මෙසපොතේමියා ශිෂටාචාරයේ සාක්ෂිවලට අනුව සනාථ වේ.

    විවිධ ජාතීන් විසින් තරු රටා සිතියම්කොට විසිතුරු නම් ලබා දුන්නද ධ්‍රැවාසන්නයේ අහස ඔවුන්ට නිරීක්ෂණය නොවිණි. විශේෂයෙන්ම දකුණු භාගයේ වෙසෙන්නන්ට උත්තර ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. උතුරු අර්ධගෝලයේ වෙසෙන්නන්ට දරුණු ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. මේ හේතුවෙන් සමහර තරු කණ්ඩායම් ඔවුනොවුන්ගේ දෘෂ්ටියෙන් ගිලිහුණි. පැරැන්නන්ගේ දෘෂටියෙන් ගිලිහුණු තරු පොකුරුද නිරීක්ෂණයකොට දැනට පවතින නවතම තරු රටා ඉදිරිපත් කරන ලද්දේ 16 වන සියවසයේදීය.  දැනට පවතින තරු රටා 88ක් සහිත සිතියම නිර්මාණය වූයේ 1922දීය. එය අන්තර්ජාතික තරකා විද්‍යා සංගමය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී.

    ඒ තරු රටා අතුරින් විශේෂ තරු රටාවක් වන දඩයක්කාරයා හෙවත් ඔරායන් තරු රටාව ගැන තමා මේ ලිපියෙන් සදහන් කරන්නේ. පුරා වෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මැනවින් නිරූපනය කරන මෙය උත්තර සහ දක්ෂිණ අර්ධගෝල දෙකෙහිම දැකගත හැකිය. දීප්තිමත් තරු හතකින් යුත් තාරකා රටාවකි. මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල්යෝධ තරුවලින්(Blue Giants) ද සමන්විත වේ. මීට අමතරව ඔරායන්ගේ දකුණු උරහිසෙහි රතු සුපිරියෝධ තාරකාවක්(Red Supergiant) වන Betelgeuse පවතී. මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එය අප සුර්යාටත් වඩා අතිශයින් විශාල වේ. Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යා මෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි. ඔරායන්ගේ බෙල්ට්හි තරු තුන ඔබ වෙතට පනින්නේ මධ්‍යම දීප්තියෙන් යුත් කෙටි පේලියක් ලෙස, ඔරායන්ගේ දීප්තිමත්ම තාරකා වන බෙටෙල්ගියුස් සහ රිගල් අතර මැද ය. ඔබ පටි තාරකා සොයා ගත් පසු M 42 ලෙස හැඳින්වෙන ඔරායන් නිහාරිකාව ද ඔබට සොයා ගත හැකිය. ඔබ එය දෙස බලන විට, නව තාරකා උපත ලබන ස්ථානයක් වන තාරකා තවානක්(නිහාරිකාවක්) දෙස බලා සිටී.

    හිස සලකුණු කරන තරු තුන සහ බද පටියෙන් එල්ලෙන කඩු කොපුව නිරූපණය කරනු ලබන තරු තුන දීප්තියෙන් අඩු තරු තුන වේ. දඩයක්කාරයාගේ හිස උතුරු දිශාවට හැරී තිබෙන නිසාවෙන් උතුරු දිශාව හදුනා ගැනීමට මෙමෙ තරුරටාව උපකාරී වේ.

    ග්‍රීක කතන්දර අනුව මෙම තාරකා රටාවට දඩයක්කාරයා යැයි නම් තැබීමට හේතුව මෙසේය. අතීත ග්‍රීක කතන්දරයකට අනුව ග්‍රීසියේ සිටි රූමත් තරුණියන් සත් දෙනෙකු දිනක් කැළයක් තුලින් ගමන් කරමින් සිට ඇත. මේ රූමත් ළදුන් සත්දෙනා වනය තුලින් ගමන් කරමින් සිටියදී ඔරායන් හෙවත් දඩයක්කරු මේ තරුණියන් දැක ඔවුන් පසුපස හඹා ගොස් ඇත. කෙසේ හෝ දඩයක්කරුගෙන් බේරුණ මේ තරුණියන් මේ බව සීසර් අධිරාජ්‍යයාට පැමිණිලි කර ඇත. මේ රූමත් තරුණියන් සෑම අයෙකුටම දැක බලා ගන්නත්, තරුණියන්ගේ ආරක්ෂාව සදහාත් අහසේ තාරකා හතක් බවට පත් කර ඇත. අද අප හත්දින්නත් තරු ලෙස හදුන්වන්නේ ග්‍රීක පුරාවෘත්ත වල කියැවුන පෙර කී යුවතියන් සත් දෙනාය. මේ බව දැනගත් දඩයක්කරු සිත් වේදනාවට පත්ව හත්දින්නත් තරු රටාව ආසන්නයේම තරු රටාවක් බවට පත් වී ඇත. ඔරායන් හෙවත් දඩයක්කරු ලෙස අප හදුන්වන්නේ එම තාරකා රටාවයි.

    ලොව ගලෙන්, ගඩොලින් නිර්මිත දැවැන්තම නිර්මාණයන් වන මෙම පිරමිඩ හා චෛත්‍යයන් ඔරායන් තාරකා රටාවේ බද පටියට අනුරූපීව නිර්මාණය කලේ කවුරුන්ද? ඊජිප්තුවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව මෙක්සිකෝවේ ඇස්ටෙක්වරුන් (Aztec) විසින් නිර්මිත පිරමිඩ ත්‍රිත්වයත්, චීනයේ Xian පිරමිඩ ත්‍රිත්වයත් ඔරායන් බද පටියේ තාරකා ත්‍රිත්වය හා සැසදේ.

    ඔරියන්හි දීප්තිමත්ම තාරකා හත රාත්රී අහසේ සුවිශේෂී hour glass හැඩැති තාරකා වර්‍ගයක් හෝ රටාවක් සාදයි. රිගල්, බෙටල්ජියුස්, බෙලාට්‍රික්ස් සහ සායිෆ් යන තරු හතරක් දළ වශයෙන් සෘජුකෝණාස්රාකාර හැඩයක් ගන්නා අතර එහි මධ්‍යයේ ඔරායන් පටියේ තාරකා තුන වන අල්නිටක්, අල්නිලම් සහ මින්ටකා ඇත. ‘පටියෙන්’ බැස යන්නේ තාරකා තුනේ කුඩා රේඛාවකි, ඔරායන් කඩුව (එහි මැද ඇත්ත වශයෙන්ම තරුවක් නොව ඔරායන්  නිහාරිකාව) ද දඩයක්කාරයාගේ කඩුව ලෙස හැඳින්වේ.

    ඇල්ෆා ඔරියෝනිස් ලෙස නම් කරන ලද බෙල්ටියුජස් යනු එහි ජීවිතයේ අවසානය ආසන්න වන M වර්ගයේ රතු සුපිරියෝධ තරුවකි. එය ඔරායන්හි දෙවන දීප්තිමත්ම තරුව වන අතර එය අර්ධ වෘත්තාකාර-විචල්‍ය තාරකාවකි. එය දඩයක්කාරයාගේ "දකුණු උරහිස" නියෝජනය කරයි (ඔහු නිරීක්‍ෂකයාට මුහුණ ලා සිටින බව උපකල්පනය කරමින්). එය සාමාන්‍යයෙන් රාත්‍රී අහසේ 11වන දීප්තිමත්ම තාරකාව වන නමුත් 2019 අවසානය වන විට මෙය 10වන දීප්තිමත්ම සිට 23වන දීප්තිය දක්වා වෙනස් වී ඇත. පෘථිවියේ සිට ඉතා පැහැදිලිව පෙනෙන සුපර්නෝවා පිපිරීමක් හේතුවෙන් එහි ජීවිතයේ අවසානය අපේක්‍ෂා කෙරෙනු ඇති අතර සමහර විට පෘථිවි චන්ද්‍රයා අභිබවා දිවා කාලයේදී දෘශ්‍යමාන වේ. බොහෝ විට මෙය ඉදිරි වසර 100,000 තුළ සිදු විය හැක.

    ඔරායන් යනු බොහෝ සංස්කෘතීන් වල හොඳින් දන්නා තාරකා මණ්ඩලයකි. ඕස්ට්‍රේලියාවේ ඔරායන්ගේ පටිය සහ කඩුව සෑදෙන තාරකා සමහර විට බඳුන හෝ සාස්පාන් ලෙස හැඳින්වේ. දකුණු අප්‍රිකාවේ ඔරායන් පටියේ තාරකා තුන හැඳින්වෙන්නේ ඩ්‍රී කොනිංස් (රජවරුන් තිදෙනා) හෝ ඩ්‍රී සස්ටර්ස් (සහෝදරියන් තිදෙනා) ලෙස ය. ස්පාඤ්ඤයේ සහ ලතින් ඇමරිකාවේ එම තාරකා හැඳින්වෙන්නේ ලාස් ට්‍රෙස් මාරියා නොහොත් මේරි තුන්දෙනා ලෙස ය.

    බීටල්ජුස් (Betelgeuse)වසර මිලියන 10 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන අතර තාරකාව ඉතා වේගයෙන් පරිණාමය වූයේ එහි ඇති අතිමහත් ස්කන්ධය නිසා යැයි සැලකේ. ඉදිරි වසර මිලියනය තුළ එය සුපර්නෝවා ලෙස සිය ජීවිතය අවසන් කරනු ඇත. එය සිදු වූ විට, එය රෑට පමණක් නොව, මහ දවාලේදී ද අහසේ සොයා ගැනීම පහසු වනු ඇත. පෙබරවාරි සහ මාර්තු යන මාස වල දී රාත්‍රී 8 ට පමණ ඔරායන් තරු රටාව රාත්‍රී අහස් කුස දීප්තිමත්ව  පායා තිබෙනු අපිට නීරීක්ෂණය වනු ඇත

 

©️සිත්මි නිමාශා

Graphic by : Pavith Madhura

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Education💫

Comments

Popular Posts