මහා පිපිරීම | The Big Bang

 


මහා පිපිරීම යනු කුමක්ද?

1927 දී Georges Lemaitre නම් තාරකා විද්‍යාඥයෙකු විශේෂ සංකල්පයක් ඉදිරිපත් කරන ලදී.  ඔහු පැවසුවේ බොහෝ කලකට  පෙර විශ්වය ආරම්භ වූයේ තනි ලක්ෂ්‍යයක් ලෙස බවයි. එමෙන්ම දැනට පවතින තරම් විශ්වය විශාල වීම සදහා විශාල ප්‍රසාරණයක් සිදු විය යුතු බවයි. එය දිගින් දිගටම සිදුවන බවද ඔහු සඳහන් කරන ලදී.

විශ්වය ඉතා විශාල ස්ථානයක් වන අතර එය ඉතා දිගු කාලයක් පුරා පවතින්නකි. එබැවින් විශ්වයේ ආරම්භය ගැන සිතීම ඉතා දුෂ්කර වේ.

මීට ආසන්න වසර දෙකකට පමණ පසු එඩ්වින් හබල් නම් තාරකා විද්‍යාඥයා වෙනත් මන්දාකිණි අපෙන් ඈත් වන බව සොයා ගන්නා ලදී. එමෙන්ම අපට සමීප මන්දාකිණි වලට වඩා දුරින් පිහිටි මන්දාකිණි ඉතා වේගයෙන් අපෙන් ඈත් වෙමින් පවතින බවද ඔහු විසින් සොයාගන්නා ලදී. මේ අනුව පැහැදිලි වන්නේ මේවා විශ්වය ආරම්භයේදී ඉතා ලඟින් තිබී ඇති බවයි. 

අද අපට විශ්වයේ දකිය හැකි සෑම දෙයක්ම (තරු, ග්‍රහලෝක, වල්ගා තරු, ග්‍රහක) ආරම්භයේදී නොතිබුණි.

ඒවා පැමිණියේ කොහෙන්ද?

පළමුව පරමාණු සහ පරමාණු ඛණ්ඩ නිර්මාණය  වී එය තව දුරටත් වර්ධනය වී මන්දාකිණි බිහි විය. ඒ් සමගම මන්දාකිණි කඩා වැටී එකට එකතු විය. නව තරු ඉපදෙමින් මිය යමින් සිටියදී ග්‍රහක, වල්ගා තරු, ග්‍රහලෝක සහ කලුකුහර වැනි දේ ඇති විය. ඒ් අනුව විශ්වයේ ආරම්භයද බොහෝ දුරට එයම බව සළකයි. මේ අනුව එය සමහරුමහා පිපිරුමලෙස හඳුන්වයි.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව විශ්වය ආරම්භවී වසර 13,800,000,000 ක් හෙවත් බිලියන 13.8 ක් පමණ ගත වී ඇත. එය ඉතා දිගු කාලයකි.


©️ රවිදු ලෙනෝරා

Graphic by : Heshani Jananjalee

J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2023
#planetof_Education💫

Comments

Popular Posts