Mercury at Greatest western Elongation | බුධ ග්‍රහයාගේ බටහිර උපරිම දීර්ඝනය


බුධ ග්‍රහයාගේ බටහිර උපරිම දීර්ඝනය තාරකා විද්‍යාත්මක සංසිද්ධියකි. මෙහි Elongation යන්නෙන් හදුන්වනු ලබන්නේ පෘථීවියේ සිට නිරීක්ෂණය කරන විට සූර්යයා සහ ග්‍රහලෝකයක් හෝ වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක් අතර කෝණික වෙන්වීමය. මෙම කෝණික වෙන්වීම සූර්යයාගේ නැගෙනහිර සහ බටහිර දෙසට සිදුවන අතර මෙය අංශක වලින් මනිනු ලැබේ. 
ඒ අනුව බුධ ග්‍රහයා මෙම වර්ෂයේදී එනම් 2023 දී ජනවාරි 30 වන දින සූර්යයාගේ සිට අංශක 25 ක කෝණයකින් එහි විශාලතම බටහිර දීර්ඝනයට (Elongation)  ළඟා වේ. බුධ ග්‍රහයා, උදෑසන අහසේ ක්ෂිතිජයට ඉහළින් එහි උසම ස්ථානයේ පවතින බැවින් මෙය බුධ ග්‍රහයාගේ බටහිර උපරිම දීර්ඝනය (Elongation) නැරඹීමට සුදුසුම කාලය වේ. එමෙන්ම බුධ ග්‍රහයාගේ බටහිර උපරිම දීර්ඝනය (Elongation), සූර්ය උදාවට මද වේලාවකට පෙර නැගී බැස යන බව දර්ශනය වේ. එබැවින් මෙය සූර්යයාට පෙර නැගී එන උදෑසන වස්තූන් ලෙස හැඳින්වේ.
මෙම අවස්ථාව දුරේක්ෂයක් හරහා නැරඹීමේදී බුධ ග්‍රහයාගෙන් 63%ක් ආලෝකමත් වී දර්ශනය වේ. එහිදී බුධ ග්‍රහයා ගිබස් අවධියක පිහිටයි. එමෙන්ම ජනවාරි 30 වන දින බුධ ග්‍රහයාගේ බටහිර උපරිම දීර්ඝනය (Elongation) දර්ශනය වුවද ඉන්පසුව ද ග්‍රහලෝකය තවත් දීප්තිමත් වන බැවින් පෙබරවාරි මස ද මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය නැරඹිමේ හැකියාවක් පවති.


©️ Shashikala Lakmini 
Graphic by : Priyashantha Perera


J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2023
#planetof_Observation💫

Comments

Popular Posts