Ursid උල්කාපාත වර්ෂාව | Ursid meteor shower

 


වලාකුළු රහිත පැහැදිලි රාත්‍රී අහස නිරීක්ෂණය කරනවිට, ඇතැම්විටදී එකවරම තාරකා කඩා හැලෙන්නාක් මෙන් දිස්වන ආලෝකධාරා නිරීක්ෂණය  වේ. ඒවා උල්කාපාත ඇදහැලීමක් ලෙස හදුන්වයි.

වල්ගාතාරුවක් (comet) හෝ ග්‍රාහකයක් (Asteroid) සූර්යයා වටා ගමන් කිරීමේදී එම වල්ගාතරුවෙන් පිටතට විහිදෙන පාෂාණමය හෝ ලෝහමය කොටස් හරහා පෘථීවි කක්ෂය වැටී ඇති අවස්ථාවලදී, පෘථීවිය ඒ හරහා ගමන්කරන විට එම සුන්බුන් කොටස් පෘථීවියේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එය වෙත ඇදී එයි. මෙලෙස ඇදී එන උල්කා කොටස් පෘථීවි වායුගෝලයේ ගැටීම නිසා ඇතිවන ඝර්ෂණය හේතුවෙන් ඒවා ගිනිගෙන දහනය වෙමින් ඒවායෙහි චාලකශක්තිය ආලෝකය, තාපය ආදී ශක්ති ප්‍රභේද බවට පත්වෙමින් විනාශවීමේ සංසිද්ධිය උල්කාපාත වර්ෂාවක් ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් වාර්ෂික්ව දෙසැ. 17 ත් දෙසැ. 25 ත් අතර නිරීක්ෂණය කළ හැකි උල්කාපාත වර්ෂාව Ursid උල්කාපාත වර්ෂාව ලෙසහඳුන්වයි. මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ කුඩා වලසාතරුරටාව (Ursa minor constellation) පසුබිම් කරගෙනය. මෙම තරුරටාව උතුරු දිශාවේ නිරීක්ෂණය කළ හැකි අතර එය පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ ධ්‍රැවතාරකාව (Polarize) මෙය තුළ පිහිටා ඇති නිසාවෙනි. උල්කාපාත වර්ෂාවක උච්චතම අවස්ථාව වන්නේ එහි විකිරණ ලක්ෂ්‍යය (radiant point) අහසේ ඉහළින්ම ස්ථානගතව ඇති විටය. Ursid උල්කාපාත වර්ෂාවේ විකිරණ ලක්ෂ්‍යය Ursa minar තාරකා මණ්ඩලයේ ‘Beta ursae minors Kochab’ තරුව වේ. Ursid උල්කා වර්ෂාව ඇතිවන්නේ 8P/Tuttle ධූමකේතුව (වල්ගාතරුව) නිසාය. මෙම ධූමකේතුව සෑම වසර 13.5 ට වරක් සූර්යයා වටා ගමන් කිරීමේදී සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන විට වල්ගාතරුව විසින් ඉතිරි කරන ලද සුන්බුන් කොටස් නිසා Ursid වර්ෂාව ඇතිවේ. 8P/Tuttle ධූමකේතුව කිලෝමීටර් 4.5 ක් පමණ විශ්කම්භයකින් යුතු මධ්‍යම ප්‍රමණයේ වල්ගාතරුවකි. සූර්යයා වටා ඇති එහි අධික ඉලිප්සාකාර කක්ෂය අපගේ සූර්යයාට සමීපතම වනවිට 1.03 AU ( AU - නක්ෂත්‍ර ඒකක) වන අතර සූර්යයාගෙන් පිටතම ලක්ෂයේදී 10.37 AU වේ. සාමාන්‍යයෙන් මෙම උල්කා වර්ෂාවේදී උල්කාපාත 33kms-1 ක පමණ ප්‍රවේගයකින් පෘථීවි අවකාශයට ළඟාවේ.

 2022 වසරේදී Ursid උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දෙසැම්බර් 22/23 දිනවලදී ශ්‍රී ලංකාවට දිස්වනු ඇත. මෙම අවස්ථාවේදී උන්නතාංශය (Altitude) 8'300 සිට 17'800 අතර පරාසයක පිහිටයි. මෙහිදී පැයකට උල්කාපාත 5 ක් 10 ක් පමණ නිරීක්ෂණය කළ හැකිවේ. දෙසැ. 23 දින අලූයම 3.00 සිට 6.00 පමණ දක්වා කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව ශ්‍රී ලංකාවේ කොළඹ සිට නැරඹිය හැකි බව පුරෝකථනය කර ඇත. දෙසැ. 23 වන දින අලූයම නවසඳ (Newmoon) උදාවන නිසා උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය සඳහා සඳ එළියෙන් එතරම් බලපෑමක් නොවනු ඇත.


©️ P.S.S. Perera

Graphic by : Priyashantha Perera



J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫


Comments

Popular Posts