Mercury at Greatest Eastern Elongation

 


තාරකා භෞතික විද්‍යාවේදී, ග්‍රහලෝකයක Elongation යනු පෘථිවිය යොමු ලක්ෂය ලෙස සලකමින් සූර්යයා සහ ග්‍රහලෝකය අතර ඇතිවන කෝණික වෙන් වීමයි. කුඩා (Inferior) ග්‍රහලෝකයක විශාලම Elongation වීම සිදුවන්නේ එම ග්‍රහලෝකයේ පිහිටීම, සූර්යයා වටා ඇති කක්ෂීය මාර්ගයේ, පෘථිවියේ නිරීක්ෂකයාට ස්පර්ශකයක් වන විටය.

බුධ සහ සිකුරු යන ග්‍රහලෝකය දෙක, කුඩා (Inferior) ග්‍රහලෝක ලෙස හඳුන්වන අතර එයට හේතුව වන්නේ ඔවුන්ගේ කක්ෂයන්, සම්පූර්ණයෙන්ම වාගේ පෘථිවි කක්ෂයේ පිහිටා තිබීම යි. ග්‍රහලෝකයක් එහි Elongation එකෙහීදී, පෘථිවියේ සිටින අයෙකුට දිස්වන්නේ සූර්යයාගෙන් ඉතාමත්ම ඈතින් පවතින ලෙසයි. ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම වාගේ ඉතාමත්ම හොදින් දැක ගත හැකි වන්නේද එම අවස්ථාදී වේ. කුඩා (Inferior) ග්‍රහලෝකයක් හිරු බැස ගිය පසු දිස් වේ නම් එය Greatest Eastern Elongation වීමට ආසන්න යැයි හදුන්වනු ලබන අතර මෙම දෙසැම්බර් 21 වන දින අපට දැකගත හැකි වන්නේද මෙවැනිම බුධ ග්‍රහයා හා සම්බන්ධ greatest eastern elongation අවස්ථාවයි.බුධ ග්‍රහයා උපරිම Elongation කෝණය අංශක 18 ත් 28 ත් අතර වේ.

දෙසැම්බර් 21 වන දින හිරු බැස යන දිශාව දෙස සම්පූර්ණයෙන් අදුරු වැටීමට පෙර දුරදක්නයක් භාවිතයෙන් බැලීමෙන් බුධ ග්‍රහයා දැක ගත හැකි වනු අතර දුරේක්ෂයක් භාවිතා කරන්නේ නම්, 60% ක පමණ දීප්තියකින් බුධ ග්‍රහයා දැක ගැනීමට අවස්ථාව ලැබේ.



©️ Lahiru Wimalarathna

Graphic by : Priyashantha Perera



J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts