හබල් දුරේක්ෂය | Hubble Space Telescope

 



තාරකා විද්‍යාඥයා එඩ්වින් හබල්ට කරනු ලබන ගෞරවයක් වශයෙන් මෙම දුරේක්ෂය හබල් දුරේක්ෂය ලෙස හදුන්වනු ලබයි.

වර්ෂ 1990 අප්‍රේල් 24 වන දින නාසා ආයතනයේ පිරිස මෙය අභ්‍යවකාශයට රැගෙන යාමට උපකාරී කරගෙන ඇත්තේ Discovery shuttle යි. මේහි සම්පුර්ණ බර 11 000 kg පමණ වේ. එසේම මෙය  විශ්කම්භය 2.4mක පමණ දර්පණයකින් ද සමන්විත වේ. විද්‍යාඥයින් දක්වන ආකාරයට හබල් දුරේක්ෂට ආලෝක වර්ෂ  බිලියන 13.4 වඩා  ඈතින් තිබෙන දේ නිරීක්ෂණය කිරීමට හැකියාව පවතියි.

හබල් දුරේක්ෂය සිය ජීවිත කාලය තුල නිරීක්ෂණ මිලියන 1.5 වඩා සිදුකර තිබෙන අතර,එහි සොයා ගැනීම් පිළිබඳ ව සමාලෝචනය කරන ලද විද්‍යා පත්‍රිකා 19 000 අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හබල් දුරේක්ෂයේ මෙහෙයුම් අතර වැදගත් මෙහෙයුම් ලෙස පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 13.4 දුරින් පිහිටි GSZII මන්දාකිණි නිරීක්ෂණ කිරීමත්,  විශ්වය ප්‍රසාරණය වන ආකාරය පිළිබඳව අධ්‍යනය කිරීමට උපකාරී වීමත් දැක්විය හැකිය. තවද බ්‍රහස්පති ග්‍රහයා සමග වල්ගා තරුවක්  ගැටෙන ආකාරය නැරැඹීමට හා ප්ලේටෝ ග්‍රහයාගේ චන්ද්‍රයින් වන Nix හා Hydra සොයාගැනීමටත් හබල් උපකාරී වී ඇත. එසේම විශ්වයේ විශාල අභිරහසක් වන අදුරු පදාර්ථයෙහි ත්‍රිමාණ සිතියමක් නිර්මාණය කිරීමටත් , විශාල මන්දාකිණි මධ්‍යයේ දැවැන්ත කළු කුහර පිහිටා තිබෙන බවත් හබල් මගින් සොයාගෙන තිබේ.

මෙම දුරේක්ෂය අක්‍රීය නොවී පවත්වා ගන්නේ සූර්‍ය කෝෂ මගිනි . ඒ අනුව ප්‍රධාන ශක්ති ප්‍රභවය වන්නේ සූර්යායි. මෙහි අඩි 25 ක් පමණ වන සූර්‍යකෝෂ 2ක් පිහිටා තිබේ.සූර්‍යා මගින් ලබාගන්නා ශක්තිය සූර්‍ය කෝෂ තුල ගබඩාකර, විද්‍යුතය බවට පත්කර විදුලිය ලබාගනියි.

මෙහි තිබෙන සූර්ය පැනල මගින් වොට් 5500 පමණ විද්‍යුතයක් නිපදවාගැනීමට හැකියාව තිබේ .විද්‍යුතය ගබඩා වන්නේ නිකල් හයිඩ්‍රජන් බැටරි  6කය. දළ වශයෙන් ගතහොත් එය කාර් බැටරි 20 -22 පමණ ප්‍රමාණයක් ගනී.

දැනට පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් 340 පමණ ඉහලින් හබල් දුරේක්ෂය පිහිටා තිබෙන අතර එය දිනකට කක්ෂ පහළොවක් සම්පුර්ණ කරනු ලැබේ.දළ වශයෙන් දැක්වුවහොත් සෑම විනාඩි 95 කට වරක්ම චන්ද්‍රිකාව තත්පරයට සැතපුම් පහක් එනම් කිලෝමීටර් 8 ක වේගයෙන් ගමන් කරනුලැබේ.



©️ Nirosha Ranaweera

Graphic by : Heshani Jananjalee


J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts