Geminids Meteor Shower 2022

 


තත්පරයට කිලෝමීටර 70 පමණ වේගයෙන් අප පෘථිවි වායුගෝලයට ඇතුළු වී වාෂ්පීකරණයට ලක්වෙමින් ආලෝක ධාරා ඇති කරන අභ්‍යවකාශ සුන්බුන් කැබලි අප උල්කාපාත ලෙස හදුන්වයි. සරලව "අභ්‍යවකාශ පාෂණ" (Space rocks) ලෙසද මෙම උල්කාපාත හදුන්වනු ලැබේ. සෑම වසරකම දෙසැම්බර් මාසයේ දැක ගත හැකි ඉතාමත් සුවිශේෂී උල්කාපාත වර්ෂාවක් ලෙස Geminids උල්කාපාත වර්ෂාව ප්‍රචලිත වී ඇත. වසර 200 ක් පමණ අතීතයක් ඇති Geminids උල්කාපාත වර්ෂාව පළමු වරට දර්ශනය වී ඇත්තේ 1833 මිසිසිපි ගංගාවේ බෝට්ටුවක සිටි පිරිසකටයි. ඉතාමත් දීප්තිමත් වීම සහ උල්කාපාත ඉතාමත් වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වීම නිසා සෑම වසරකම "හොදම" උල්කාපාත වර්ෂාව බවට පත්වෙන Geminids උල්කාපාත වැස්ස 2020 වසරේදී ඉතාමත් මනරම් උල්කාපාත වර්ෂාව බවට පත්විය. Geminids උල්කාපාත වර්ෂාවේ උල්කාපාත ඉතාමත් දීප්තිමත්, වේගවත් සහ විවිධ පැහැයන්ගෙන් යුත් ආලෝක ධාරා, විශේෂයෙන්ම සුදු, කහ, දීප්තිමත් කොළ, රතු සහ නිල් පැහැයෙන් යුත් ආලෝක ධාරා ඇති කරනු ලැබේ. මෙලෙස විවිධ පැහැයන් වලින් යුත් ආලෝක ධාරා ඇති වීමට තරමක් දුරට හේතු වී ඇත්තේ සෝඩියම් සහ කැල්සියම් වැනි ලෝහ අංශු වල බලපෑමයි. Geminids උල්කාපාත වර්ෂාවේ විශේෂය වන්නේ එය සාමාන්‍ය‍ය උල්කාපාත වර්ෂා මෙන් වල්ගා තරුවක් සමග සම්බන්ධ නොවීමයි. එය සම්බන්ධ වන්නේ ්‍රාහකයක් සමගයි. එම ්‍රාහකය 3200 Phaethon වන අතර තවමත් මෙම 3200 Phaethon ්‍රාහකයෙහි සම්භවය පිළිබද නිශ්චිත තොරතුරු හමුවී නොමැත. එසේම අනෙකුත් උල්කාපාත මෙන් නොව Geminids උල්කාපාත වර්ෂාවට අයත් උල්කාපාත ඝනත්වය අතින් ඉහල වීම නිසා දැවී යාමට පෙර පෘථිවි පෘෂ්ඨයට සැතපුම් 29ක් පමණ ඉහළට ළගා වීම සිදුවේ.

උල්කාපාත වර්ෂාවක් හා සම්බන්ධ සෑම උල්කාපතයකටම සමාන කක්ෂ පවතින අතර මෙම උල්කාපාත සියල්ල අහසේ එකම ස්ථානයකින් පැමිණෙන බව පෙනේ. මෙම ස්ථානය Radiant ලෙස හදුන්වන අතර Geminids උල්කාපාත වර්ෂාවේ මෙම Radiant ලක්ෂ්‍යය මිථුන (Gemini) තාරකා මණ්ඩලයට අයත් වන බැවින් මෙසේ Geminids උල්කාපාත වර්ෂාව යන නම ලැබී ඇත. මෙවර දෙසැම්බර් 04 සිට දෙසැම්බර් 24 වන තෙක් මෙම උල්කාපාත වර්ෂාව සිදුවන අතර උච්චතම අවස්ථාව දෙසැම්බර් 14, 15 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) දින වලදී සිදුවේ. මෙවර උච්චතම අවස්ථාවේදී පැයට උල්කාපාත 150 වැනි ප්‍රමාණයක් දැකගත හැකිවනු අතර එදින රාත්‍රී 8.30 පමණ උතුරේ සිට අංශක 58ක් නැගෙනහිර දිශාවට (Azimuth) සහ අංශක 9.4 උන්නතාංශයකින් Geminids උල්කාපාත වර්ෂාව දැකගත හැකි වනු ඇත.


©️ Lahiru Wimalarathna

Graphic by : Milan Weerasinghe



J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫


Comments

Popular Posts