THE DRACONID METEOR SHOWER

 


මේ ඔක්තෝබරයේ ඔබ මගහැර නොගත යුතුම සංසිද්ධියකි Draconides උල්කාපාත වර්ෂාව. අගෝස්තුවේ අහස හැඩ කරන Perseids උල්කාපාත වර්ෂාව තරම් චමත්කාරයක් ගෙන එන්නට බොහෝවිට අසමත් වූවත් විටින් විට ඉතා චිත්තාකර්ෂණීය සංදර්ශනයන් මවා පාන මෙය රාත්‍රී අහස නිරීක්ෂකයන්ගේ නෙතට රසඳුනක් බව නොරහසකි.

Draco තාරකා රාශිය පසුබිම් කරගෙන ඇතිවන බැවින් Draconides යන නාමය මෙම උල්කාපාත වර්ෂාවට ලැබී තිබෙනවා. Giacobinides ලෙසින් හැඳින්වෙන මෙය 21P හෙවත් Giacobini-Zinner ආවර්තීය ධූම කේතුවේ ගමන් මාර්ගයේ ඇති අයිස් හා පාෂාණ කැබලි සමඟ පෘථිවිය ඝට්ටනය වීමෙන්  ඇති වන්නක්.  Giacobini-Zinner ධූම කේතුවට සූර්යයා වටා ගමන් කිරීමට වසර 6 1/2 කාලයක් ගත වන අතර එය ප්‍රංශ ජාතික තාරකා විද්‍යා‍ඥ  Michel Giacobini විසින් 1900 දී සොයා ගැනුණකි.

Draconides උල්කාපාත වර්ෂාව ඔක්තෝබර් 6 සිට ඔක්තෝබර් 10 දක්වා කාල සීමාව තුළදී ක්‍රියාකාරී වන අතර එහි උච්චතම අවස්ථාව එළඹෙන්නේ ඔක්තෝබර් 9 වෙනිදාය. මෙවර පැයකට උල්කාපාත 10 ක් පමණ දැක ගත හැකි වන බව තාරකා විද්‍යාඥයන් අදහසයි. උතුරු අර්ධ ගෝලයේ draco තාරකා මණ්ඩලයේ මකර හිස ප්‍රදේශය මෙහි කේන්ද්‍රය ලෙසට සළකන්නට පුලුවන් . මධ්‍යම රාත්‍රියෙන් පසු හිරු උදාවට ප්‍රථමයෙන් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට සුදුසුම කාලයයි.

උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කිරීමට විශේෂිත උපකරණ අවශ්‍ය නොවන නමුත් පැහැදිලි අහසක් සේම යම් තරමක ඉවසීමක් තිබිය යුතුම වෙනවා. ප්‍රථමයෙන් කෘතීම ආලෝකයෙන් තොර නිශ්චල නැරඹුම් ස්ථානයක් සොයා ගත යුතු අතර දෑස් අඳුරට හුරු වන තුරු මිනිත්තු  20 ක් පමණ සිටින්නටත් වේවිරාත්‍රී යාමයේ කාළගුණයට ගැළපෙන අන්දමේ උණුසුම් ඇඳුමකින් සැරසීමට අමතක කරන්නට එපා.

 

ඉතින් මේ සියල්ල සිහි තබාගෙන ඔක්තෝබරයේ පළමු උල්කාපාත වැස්සේ චමත්කාරයෙන් තෙමෙන්න.

 

දිනය: 2022 -  ඔක්තෝබර් 8-9

වේලාව: මධ්‍යම රාත්‍රී 12 ත් 2 ත් අතර


©️ සප්නා ලියනාරච්චි

Graphic by : Priyashantha Perera


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫


Comments

Popular Posts