නිහාරිකා | NEBULAE
(ආරම්භයත් අවසානයත් එතැනය) ..........
විශ්වය දෙස බැලූ විට බොහෝමයක් දෑ පිලිබදව අපට නිරීක්ෂණය කල හැකි නමුත්
ඇත්තටම අපේ පියවි ඇසට දැක ගත හැකි වනුයේ අභ්‍යවකාශයේ
ඇති බිලියන සංඛ්‍යාත ලොකු,මධ්‍යම,කුඩා යනුවෙන් විවිධ විශාලත්වයෙන් යුක්ත තාරකාවන් වේ.මෙම
සියලුම වර්ගයේ තාරකාවල උපත සිදුවන්නේ නිහාරිකාවක් තුලදීය.එලෙසම බොහෝ තාරකා විද්‍යාලෝලීන්ගේ
මතයට අනුව විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව බවට පිලිගනු ලබන්නේත් නිහාරිකාව හෙවත්
නෙබියුලාවයි. ඉතා
වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන්
සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණ වලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල
සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත
වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින්
යුතු වේ.
තාරකා උපත ලබන්නේ නිහාරිකා යනුවෙන් හැදින්වෙන වායු සහ දූවිලි වලින් සමන්විත යෝධ වලාකුළු
වලිනි.මෙම වලාකුළු ගුරුත්වය නිසා භ්‍රමණය වීමට පටන්ගනී.එවිට
හාත්පස වායු එහි ඇදී එයි.ඒවායේ අන්තර්ගත පරමාණු එකට ගැටීම නිසා තාපය ජනිත වී වළාකුළු
බැබළීමට පටන්ගනී.ප්‍රතිරූප තාරකාව ( Proto star)ලෙස
හැදිනවෙන මෙම බැබළෙන වලාකුල අවසානයේ ප්‍රධාන තාරකාවක්
( main sequence star) බවට පත්වේ.
සියළුම වර්ගයන්හි තාරකාවල උපත සිදුවන්නේ නිහාරිකාවන් තුළදී
ය. සාමාන්‍යයෙන් නිහාරිකාව තුළ සිදුවන ගුරුත්වජ බිඳවැටීම් (gravitational
collapses) මගින් නව තරු ඇති වන බවට පිළිගැනේ. මේ අනුව නිහාරිකාවක් තුළ ගුරුත්වජ හා
චුම්බක ක්ෂේත්‍රයන්හි ඇති වන වෙනස්වීම් නිසා නිහාරිකාවේ වළාකුළු කොටස් බිඳ වැටෙමින්
වඩාත් කුඩා වළාකුළුවලට කැඩී වෙන් වේ. මෙම බිඳවැටීම සිදුවන විට ඒ අවට උෂ්ණත්වය ශීඝ්‍රයෙන්
ඉහළ නගින අතර කුඩා වළාකුළු කොටස් තම කෝණික ගම්‍යතාව ස්ථාවරව පවත්වාගැනීම සඳහා වඩාත්
වේගයෙන් තමා වටා භ්‍රමණය වීමට පටන් ගනියි.වළාකුළේ මධ්‍යය කෙල්වින් 2000 - 2500 පමණ උෂ්ණත්වයකට ළඟාවන විට
එහි අඩංගු හයිඩ්‍රජන් වායුව හයිඩ්‍රජන් පරමාණු බවට බිඳී වෙන් වීම සිදු වේ. මධ්‍යය තුළ
න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා ඇරඹෙන්නේ උෂ්ණත්වය කෙල්වින් 10,000ක පමණ අධික අගයකට
ළඟා වූ පසු ය. මේ බිළිඳු තාරකාවක උපත යි. අවසානයේදී තාරකාව සතු වන හයිඩ්‍රජන් හා හීලියම්
ප්‍රමාණය මත එම තාරකාව අයත් වන්නේ කුමන කාණ්ඩයට ද යන්න තීරණය වේ. මෙය ක්ෂණිකව සිදුවන්නක්
නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන මන්දගාමී ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන්
සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා දසදහසක් පමණ හෝ ඊටත් වඩා නිර්මාණය කිරීමට අවශ්‍ය පදාර්ථ
නිහාරිකාවක් සතුව තිබේ. පෘථිවියට සමීපතම නිහාරිකාව Helix Nebula ලෙස හැඳින්වේ.
තාරකාවක උපත නිහාරිකාවක් මගින් සිදුවනවාක් මෙන්ම එහි අවසානය ද නිහාරිකාවක් ලෙසම සිදුවිය හැකිය. ඒ විශේෂ තාරකා කාණ්ඩ දෙකක ජීවිත කාලයේ අවසන් අවධි ලෙසිනි. ඒ අනුව අප සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු ග්‍රහ නිහාරිකා බවට පත්වන අතර වඩා විශාල තාරකා සුපර්නෝවා පිපිරුමට මුහුණ දුන් පසු ඉතිරි වන අවශේෂ කොටස්ද නිහාරිකා බවට පත් වේ.සියළුම නිහාරිකා ඉහත කාණ්ඩයන් දෙකද ඇතුළුව ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ගීකරණය කළ හැක.
- ග්‍රහ නිහාරිකා (Planetary Nebulae) - සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු එය සතුව පැවති පිටත පෘෂ්ඨයන්හි අවශේෂ කොටස් දුමාරයක් මෙන් පිටතට මුදාහරී. මෙය ග්‍රහ නිහාරිකාවක් ලෙස හැඳින්වෙන අතර එහි ආයුකාලය වසර දහස් ගණනකට සීමා වේ.
- අඳුරු නිහාරිකා (Dark Nebulae) - අඳුරු නිහාරිකා මගින් ආලෝකය නිකුත් නොකරන අතර විටෙක දීප්තිමත්ව බබළන බව ඒ පිළිබඳ ව පර්යේෂණ කරන විද්‍යාඥයෝ පවසති. මේවා අවට ඇති තාරකා මගින් අඳුරු නිහාරිකා තුලට ආලෝකය ලැබෙයි. නමුත් දීප්ති නිහාරිකා මෙන් අඳුරු නිහාරිකා ආලෝකය උරා නොගන්නා අතර ලැබෙන ආලෝකය පරාවර්තනය කරයි. මෙම පරාවර්තිත ආලෝකය නිසා සමහර අඳුරු නිහාරිකා ද ආලෝකයෙන් බබළනු දැකිය හැකිය. පරාවර්තන නිහාරිකා යනුවෙන් හඳුන්වන්නේ මේවාය.
අන්තර් තාරීය මාධ්‍යය හා තාරකාවල පරිණාමය අතර පවතිනුයේ ප්‍රභල සම්බන්ධතාවයකි.
තාරකා නිර්මාණය වන්නේ අන්තර් තාරීය පදාර්ථ ගුරුත්වාකර්ශණය ඔස්සේ එකට එක් වීමෙනි. තාරකාවක්
ආලෝකමත් වී බැබලෙමින් පවතිනුයේද මෙම මාධ්‍යය තුලමය. තාරකාවක් මිය යනුයේද මෙම මාධ්‍යය
තුලමය. විශේෂයෙන් තාරකා මිය යාමේ එක් ආකාරයක් වන සුපර්නෝවා පිපුරුමකින් පසු අදාල සුන්බුන්
කොටස් එක් වන්නේද මෙම මාධයටමය. උදාහරණයක් ලෙස ‘Crab Nebula’ නම් නිහාරිකාව නිර්මාණය
වී ඇත්තේ සුපර්නෝවා පිපුරුමක ප්‍රථිපලයක් ලෙසිනි. තවද මේ වන විට විද්‍යාඥයින් නිහාරිකා
කිහිපයක නව තාරකා නිර්මාණය වෙමින් පවතින ස්ථාන බොහොමයක් හදුනා ගෙන තිබේ. විශේෂයෙන්ම
ඔරායන් තාරකා රාශිය තුල පිහිටි, ඔරායන් සහ අශ්ව හිස නිහාරිකා තුලද මෙවැනි ස්ථාන
බොහොමයක් පවතී. අප ජීවත් වන පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලයද නිර්මාණය වී ඇත්තේ මෙවැනි
ආකාරයේ නිහාරිකාවක් තුලින් බව විශේෂයෙන් සදහන් කල යුතුය.බොහෝ නිහාරිකාවන්හි සැබෑ වර්ණය
අප ඡායාරූප වලින් දකිනවාට වඩා ඉතා අඩු ය. ඒවායේ සමහර වර්ණ තීව්‍රතාවයන් මිනිස් ඇසට
පවා සංවේදී නොවේ. විද්‍යාඥයන් විසින් අධ්‍යයන කටයුතුවල පහසුව සඳහා මෙවැනි ඡායාරූපවල
සැබෑ වර්ණයන් යම්තාක් දුරට වැඩිදියුණු (color enhancing) කරනු ලැබේ.
©️ Kavindya Vidurangi
Graphic by : Heshani Jananjalee
J'pura Astronomy Club
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
Comments
Post a Comment