September Equinox


 

September Equinox හෙවත් Southward Equinox ලෙස හඳුන්වනු ලබන්නේ සූර්‍යයා ආකාශ සමකය හරහා දකුණු දෙසට ගමන් කරන බව පෙනෙන මොහොතයි. කැලැන්ඩර වර්ෂය සහ නිවර්තන වර්ෂය අතර ඇති වෙනස්කම් හේතුවෙන් සිදුවන මෙම විෂුවයේදී (equinox) සමකයේ සිට සූර්‍යයා නැගෙනහිරින් නැඟී බටහිරින් බැස යයි. දකුණට විෂුවයට පෙරදී සූර්‍යයා උතුරට නැඟී බැස යන අතර පසුව එය දකුණු දෙසට නැඟී බැස යාම සිදු වේ.

උතුරු අර්ධ ගෝලයේ තාරකා විද්‍යාත්මක ග්‍රීෂ්ම සෘතුවේ අවසානයත් තාරකා විද්‍යාත්මක සරත් සෘතුවේ ( සරත් විෂුවය ) ආරම්භයත් සනිටුහන් කරන මෙම සැප්තැම්බර් විෂුවය තාරකා විද්‍යාත්මක ශීත සෘතුවේ අවසානයත් දක්ෂිණ අර්ධ ගෝලයේ තාරකා විද්‍යාත්මක වසන්තයේ ( වසන්ත විෂුවය ) ආරම්භයත් සනිටුහන් කරයි.

සැප්තැම්බර් මාසයේ 21 දින සිට 24 දින දක්වා ඕනෑම වේලාවක මෙම විෂුවය සිදුවිය හැකි අතර 2022 වර්ෂයේදී සැප්තැම්බර් විෂුවය සිදුවන්නේ 23 වන දින අලුයම 01.04 පමණ වේ.


©️ හිරුණි චමෝද්‍යා

Graphic by : Milan Weerasinghe


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts