Exoplanets ගවේශනය



අපේ මන්දාකිණියේ තරු බිලියන ගණනක් වටා වෙනත් සෞරග්‍රහ මණ්ඩල පවතින්නේදැයි මානව සංහතියට බොහෝ කාලයක් තිස්සේ පැවති ගැටලුවට පිලිතුරු දෙමින් පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ එවැනි බාහිර ග්‍රහලෝක හෙවත් exoplanets සිය දහස් ගණනක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්විය.

මෙලෙස් exoplanet හදුනාගැනීමට යොදාගත් අතීතයේ සිට ප්‍රධාන වශයෙන් යොදාගත් ක්‍රමවේදයක් ලෙස Doppler method දැක්විය හැක. ග්‍රහලෝකය හා මව්තාරකාව යන දෙකම යම් පොදු ස්කන්ධ කේන්ද්‍රයක් වටා ගුරුත්වාකර්ෂණයෙන් එකිනෙකා ආකර්ෂනය වෙමින් ප්‍රත්‍යාවර්ත චලිතයක් ඇති කරමින් කක්ශගතවෙමින් පවතී.එම ප්‍රත්‍යාවත චලිතය. කෙලිනම නීරීක්ශනය කල නොහැකි නමුත් ග්‍රහලෝකය මගින් තාරකාව මත ඇති කරන කම්පන ,එය අප දෙසට එන විට හා ඉවතට යනවිට ඩොප්ලර් ආචරණයට ලක්වීම නිරීක්ෂණය කල හැක. මෙම ඩොප්ලර් වෙනස්වීම භාවිතා කරමින් එම ග්‍රහලෝකයේ ප්‍රමානය තාරකාවට ඇති දුර ආදිය පිලිබඳ කරුණු ලබාගත හැක. මෙය භාවිතා කල හැක්කේ බ්‍රහස්පති වැනි විශාල හෝ ඊටත් වඩා විශාල ග්‍රහලෝක සදහා පමණි.මෙමගින් පෘථිවියට සමාන කුඩා ග්‍රහලෝක සොයාගැනීම අපහසු වනුයේ ඒවා මගින් නිර්මාණය කරනුයූ හදුනා ගැනීමට නොහැකි කම්පන පමනක් නිසාය

තවත් එක් නිරීක්ෂණ ආකාරයක් ලෙස transit method එක දැක්විය හැක.යම් ග්‍රහලෝකයක් එහි තාරකාව ඉදිරිපසින් ගමන් කරන් විට එය "transit “ ලෙස හැදින්වේ.මෙලෙස ග්‍රහලෝකය, තාරකාව ඉදිරියෙන් transit වන විට , එය තාරකාවේ ආලෝකයෙන් යම් ප්‍රමාණයක් අවහිර කරනු ලැබේ. එනම් ග්‍රහලෝකයට ඉදිරිපිටින් ගමන් කරන විට තාරකාව මදක් දීප්තිමත් ලෙස පෙනේ. මෙලෙස එම තාරකාවේ දීප්තිය වෙනස් වන ආකාරය තාරකා විද්‍යාඥයන්ට නිරීක්ෂණය කල හැකි අතර එම ග්‍රහලෝකයේ ප්‍රමාණය හදුනාගැනීමටද මෙය උපකාරී වේ.  මෙලෙස එක් එක් transit අතර කාලය  අධ්‍යනය කිරීමෙන්, එම ග්‍රහලෝකය එහි තාරකාවෙන් කොතරම් දුරින් පවතීද යන්නද සොයාගත හැක. මේ ක්‍රමය මගින් වසර දෙකකට වඩා කක්ශීය කාල පරිච්ඡේදයන් (orbital periods) සහිත් ග්‍රහලෝක පහසුවෙන් හදුනාගත නොහැක.මන්ද යත් තාරකාව සහ ග්‍රහලෝකය එක් දෘශය රේඛාව ඔස්සේ පෙල ගැසීමට ඇති අවස්ථා ඉතා අල්ප වන බැවිනි.

Exoplanets ඉතාමත් සෘජුව නිරීක්ෂණය මගින් ඒවා පැහදිලිව හදුනාගත හැකි නමුත් එයා ඉතාමත් දුශ්කර කටයුත්තකි. ඔබ විශාල ක්‍රිකට් ක්‍රීඩාංගනයක දැවන්ත ආලෝක ප්‍රභවයක් ලග සිටින් කණාමැදිරියෙක් නීරීක්ශනය කල හැකිද? එය ඉතාමත් අපහසු කටයුත්තක් බව ඔබට වැටහේ...exoplanets සසෲජුව නීර්ක්ශයඑයට හේතුව වනුයේ ඉතා විශාල ග්‍රහලෝක වුවද,එහි මව් තාරකාවේ ආලෝකයෙන් ඉතා කුඩා ප්‍රමාණයෙන් පරාවර්තනය කරන නිසා එම ආලෝකය ග්‍රහනය කීරීම ඉතා අපහසු වේ.එසේම අදාල ග්‍රහලෝකයේ සිට තාරකාවට පවතින් දුර වැඩිවන විටද පරාවර්තිත ආලෝක ප්‍රමාණය අඩුවේ. එම කටයුත්ත ඉතා සංකීර්ණ වන අතර සංකීර්ණ දුරේක්ශද අවශ්‍ය වේ.මේ ක්‍රමය භාවිතයෙන් දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක ප්‍රමාණය අල්ප වේ.

මෙලෙස විවිධාකාර ක්‍රම යොදාගනිමින් දැනට exoplanets 4201 ක් සොයාගෙන තිබේ. මෙලෙස exoplanets ගවේෂණයේ අවසන් ප්‍රතිපලය ජීවය පවතින වෙනත් ග්‍රහලෝකයක්ද වුවහොත් එයා තාරකා විද්‍යාව නව මානයකට රැගෙනයනු බව නොඅනුමානය .

©තිලිණි වැලිකුඹුර
Graphics by Deshan Rathnayake

මූලාශ්‍ර :
https://exoplanets.nasa.gov/

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education

Comments

Popular Posts