Delta Aquariid meteor shower




Delta Aquariid උල්කාපාත වර්ෂාව යනු දීර්ඝතම මෙන්ම මන්දගාමී උල්කා වලින් සමන්විත උල්කා වර්ෂාකි.
සෑම වසරකම ජූලි 12 සිට අගෝස්තු 23 දක්වා කාලය තුළ උල්කාපාත වර්ෂාව සිදු වේ.ජූලි 29 සහ 30 දින වල මධ්‍යම රාත්‍රියෙන් පසු මෙය උපරිමයට ලගාවන අතර දක්ෂිණ අර්ධ ගෝලයේ Delta Aquaris තාරකාවට ආසන්නයේ සිට දැක ගත හැක.මෙම කාලය තුළ උල්කා 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් දැක ගත හැකි වේ.මෙම උල්කා තත්පරයට කි.මී. 41 පමණ වේගයකින් ගමන් කරයි .මෙය Aquaris තාරකා රාශියේ Delta Aquaris තාරකාවට ආසන්නයේ සිට පෙනීමට ආරම්භ වන නිසාවෙන් මෙම උල්කා වර්ෂාවට මෙම නම ලැබී ඇත.
මෙය 96P/Machcholz වල්ගා තරුව නිසාවෙන් හට ගැනේ.
ජූලි 29 මධ්‍යම රාත්‍රියෙන් පසු චන්ද්‍ර ආලෝකය 68% අඩු වේ.එම නිසා චන්ද්‍රයාගේ ආලෝකය නිසාවෙන් මෙම උල්කා වර්ෂාව නිරීක්ෂණට සිදු වන බාධාව අවම වේ.අපගේ ඇස් අදුරට හුරු වූ පසු මෙම උල්කා වර්ෂාව නිරීක්ෂණය පහසු වේ.  

©Pasan Rathnayake 

Graphic by: Hiruni Ishanka

 ~ J'pura Astronomy Club~

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY
 

 J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Observation💫

Comments

Popular Posts