නව සඳ | New Moon

 


තාරකා විද්‍යාවේදී, නව සඳ යනු චන්ද්‍රයා සහ සූර්යයා එකම සූර්යග්‍රහණ දේශාංශ ඇති පළමු චන්ද්‍ර අවධියයි.

සුර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය එකම රේඛාවක පෙළගැසෙන අවස්ථාවේ පෘථිවියට මුහුණලා ඇති චන්ද්‍රයාගේ පැත්ත අඳුරේ පැවතීම නිසා නව සඳ දැකිය නොහැකි වේ.  මෙය සංයෝජන (Conjunction) හෝ Syzygy ලෙස හඳුන්වයි. දිවා  කාලයේ අහසේද නව සඳ උදාවේ. එය සුර්යයා මෙන් එකම වෙලාවක නැගී බැස යන අතර පියවි ඇසින් දැකීමට නොහැකි තරම් සූර්යයාගේ දීප්තියට සමීප වේ. කෙසේ වෙතත් නව සඳ දැකිය හැකි එක් අවස්ථාවක් ඇත. ඒ සූර්යග්‍රහණයක් අතරතුරයි.

වඩදිය හා බාදිය අතර වෙනස්කම් වලට විශාලතම හේතුව වන්නේ නව සඳ හා පූර්ණ චන්ද්‍රයාගේ වෙනස්වීමයි. මෙම චන්ද්‍ර අවදීන්හීදී චන්ද්‍රයා හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය එක්ව සාගරයේ ජලය එකම දිශාවකට තල්ලු කරයි. මෙම වඩදිය තත්ත්වය Spring උදම් හෝ King උදම් ලෙස හදුන්වයි

නව සඳ රාත්‍රීන් අදුරු රාත්‍රීන් වේ. ඒවා බොහෝ විට ග්‍රහලෝක, උල්කාපාත වර්ෂා හා තරු පොකුරු, නිහාරිකා හා මන්දාකිණි වැනි ආකාශ වස්තූන් නැරඹීමට සුදුසුම කාලය වේ. චන්ද්‍රග්‍රහණ වලදී හැර සඳේ මතුපිටින් අඩක් සැම විටම ඍජු හිරු එළියෙන් ආලෝකමත් වී පවතී. පෘතුවියේ සිට අපට දැකිය හැකි ආලෝක ප්‍රමාණය සැම විටම වෙනස් වන අතර මෙය චන්ද්‍ර අවධියක් ලෙස හදුන්වයි.

බටහිර සංස්කෘතිය තුල, චන්ද්‍ර මාසය ප්‍රාථමික හා අතරමැදි චන්ද්‍ර අවදීන් 4කට බෙදා වෙන් කරයි. නව සඳ යනු පළමු ප්‍රාථමික චන්ද්‍ර අවධියයි. මීලග තුන වන්නේ පළමු කාර්තු චන්ද්‍රයා (Frist Quarter Moon), පූර්ණ චන්ද්‍රයා හා තුන්වන කාර්තු චන්ද්‍රයා (Third Quarter Moon) යන අවධියි. මීට අමතරව, අතරමැදි සඳ අදියර 04කි. ඒවා නම් වර්ධනය වන සඳ (The waxing crescent moon), වර්ධනය වන ගිබ්බස් සඳ (The waxing Gibbous moon), ක්ෂය වෙමින් පවතින ගිබ්බස් සඳ (The waning Gibbous moon) හා හීන වෙන අඩ සඳ (The waning crescent moon) වේ. මෙම නව සඳ බොහෝ ආගමික හා සංස්කෘතික නිවාඩු දිනයන් සදහා මග පෙන්වයි. උදාහරණයක්  ලෙස පෙබරවාරි මස නව සඳ, චීන දින දර්ශනයේ චන්ද්‍ර වර්ෂයේ අරම්භය සනිටුහන් කරයි.


©️ සචිනි දසුනිකා දේවින්දි

Graphic by : Priyashantha Perera


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫


Comments

Popular Posts