Neptune at Opposition.

 


Neptune at Opposition යනු වාර්ෂිකව සිදු වන තාරකා විද්‍යාත්මක සිද්ධියකි. යම් ග්‍රහලෝකයක පිහිටීම සූර්යයාට හා පෘථිවියට සාපේක්ෂව දැක්වීම “Opposition” යන්නෙන් අදහස් වේ. සූර්යයා සහ පෘථිවිය සමග ඒක රේඛියව නෙප්චූන් ග්‍රහයා පිහිටන එම සුවිශේෂී අවස්ථාව “Neptune at Opposition” යනුවෙන් හැදින් වේ.

මෙවිට සූර්යයා සහ නෙප්චූන්  අතර මැදට පෘථිවිය පැමිණෙන අතර පෘථිවිය හා නෙප්චූන් අතර දුර ආළෝක මිනිත්තු 240 තරම් අවම අගයක පවති. එනම් මෙම Neptune Opposition අවස්ථාවේදී පෘථිවිය හා නෙප්චුන් අතර පවතින දුර අවම වේ.

වාර්ෂිකව සිදු වන මෙම සංසිද්ධිය මෙම වසරේ සැප්තැම්බර් මස 16 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 4.30 ට පමණ දැකගත හැකි වනු ඇත. මෙය බොහෝ විට කුම්භ රාශියට ආසන්නව පවති. මෙදිනදි නෙප්චූන් ග්‍රහලෝකය වෙනදාට වඩා විශාලව හා දීප්තිමත්ව, එනම් +7.8 විශාලනයකින් යුතුව දීප්තිමත් නිල් පැහැයකින් දිස් වන නමුත් එය කිසි විටෙක පියවි ඇසින් නිරික්ෂණය කල නොහැකි වේ. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක අතරින් පියවි ඇසින් නිරික්ෂනය කල නොහැකි එකම ග්‍රහයා නෙප්චූන් වේ. මේ නිසා මෙම සුවිශේෂී සංසිද්ධිය නිරික්ෂණය කිරීමට දුරේක්ෂයක් හෝ දෙනෙතියක් වැනි විශාලන උපකරණයක් භාවිතා කිරීමට සිදු වේ.

තාරකා විද්‍යාවට ඇලුම් කරන බොහෝ දෙනා නිරික්ෂණය කිරීමට කැමැත්තක් දක්වන සංසිද්ධියක් ලෙස මෙය සැලකිය හැකි වේ. 


©️ කිත්මිණි කසුන්තා ගිණිගේ

Graphic by : Milan Weerasinghe


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

 



Comments

Popular Posts