උල්කාපාත වැසි | METEOR SHOWERS


 

උල්කාපාත වර්ෂාවක් යනු කුමක්ද ?

උල්කාපාත වර්ෂාවක් යනු රාත්‍රී අහසේ එක් ස්ථානයක සිට උල්කාපාත ගණනාවක් විකාශනය වීම හෝ ආරම්භ වීම නිරීක්ෂණය කරන ආකාශ සිදුවීමකි. මෙම උල්කාපාත ඇතිවන්නේ උල්කාපාත ලෙස හැඳින්වෙන කොස්මික් අපද්‍රව්‍ය ධාරාවන් සමාන්තර ගමන් පථවල සිට අතිශයින් අධික වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙනි.

මෙම  කොස්මික් අපද්‍රව්‍ය යනු කලින් කලට අභ්‍යවකාශය හරහා  ධූමකේතු ගමන් කිරීමේදී ඉතිරි කර දමා යන කොටස් අභ්‍යවකාශයේ සැරිසරන වෙනත් ග්‍රාහක කැබැලි වැනි ද්‍රව්‍ය වේ.

බොහෝ උල්කාපාත වැලි කැටයකට වඩා කුඩා බැවින් ඒවා සියල්ලම පාහේ විසුරුවා හරින අතර කිසි විටෙකත් පෘථිවි පෘෂ්ඨයට නොපැමිණේ. වායු ගෝලයෙන් ඇතිවන අධික ඝර්ෂණය  හේතුවෙන් ඒවා පොළොවට පතිත වීමට  පෙර දැවි අවසන් වන බැවිනි .

වාර්තාගත දීර්ඝතම උල්කාපාත වර්ෂාව 

මා විසින් සොයා ගත් කරුණු වලට අනුව ඉතිහාසයේ සිදුවූ දීර්ඝතම උල්කා වර්ෂාව නම් 1966 සිදුවූ leonid වර්ෂාවයි. එය තත්පරයකට උල්කාපාත 40 ක් තරම් ඉහළ වේගයක් ඇති කළ බව සදහන් වේ.

මෙම පින්තූරය 1966 නොවැම්බර් 18 වන දින ඇරිසෝනා හි ටක්සන්(Tucson) අසල කිට් පීක් ජාතික නිරීක්ෂණාගාරයෙන් (Kitt Peak National Observatory)  ගන්නා ලදී. රේඩාර් අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ 1966 කුණාටුවට, කුඩා අංශුවල සාපේක්ෂ ඉහළ ප්‍රතිශතයක් ඇතුළත් වූ  බවයි.

මෙය දුටු පුද්ගලයන් පවසන්නේ එය තම ජීවිතයට දුටු ආකර්ශණීයම සහ අදහා ගත නොහැකි සුන්දර දසුනක් බවයි.

සාමාන්යෙන් අපිට රාත්‍රී අහස හොදින් නිරීක්ශනය කරන්නට හැක්කේ කිසිදු ආලෝකයක් නොමැති වූ විටය. වගේම ඉතා හොදින් අහසේ සිදු වන මෙවන් සිදුවීම් නිරීක්ශනය කල හැකි වන්නේද  යම් වෙලාවක් ඔබ අහස දෙස එක දිගට බලා සිටීමෙන් අනතුරුවය. මන්දයත් ඔබේ දෑස් එයට හුරු වීමට යම් කාලයක් ගන්නා බැවිනි .එවිට ඔබට උල්කාපාත වර්ෂා පමණක් නොවේ චන්ද්‍රිකා පද්දති ගමන් කරන දසුන් පවා දැක ගත හැක.එවැනි උල්කාපාත වර්ෂාවක්  ශ්‍රී ලංකාවටත්  දැක ගැනීමේ අවස්ථාවක් 2020 අගෝස්තු මස හිමි වුණි. එය නමින් perseids.  එම දුර්ලභ අවස්තාව ඔබ මග නොහැරගත් බවට මම විශ්වාස කරමි.


©️ කිෂානි චාමිකා

Graphic by : Heshani Jananjalee

J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts