FULL MOON | පූර්ණ චන්ද්‍රයා 🌕

 


රාත්‍රි අහසේ දිප්තිමත්ම සහ විශාලතම වස්තුව චන්ද්‍රයා වේ. පූර්ණ චන්ද්‍රයා මුල් කරගනිමින් ඇති  වූ විවිධ සංස්කෘතික හා ආගමික චාරිත්‍ර වාරිත්‍ර, උත්සව ආදිය ඈතඅතීතයේ සිට අදටත් ලෝකයේ බොහෝ ස්ථානවල දක්නට ලැබේ.

චන්ද්‍රයා පෘථීවියේ "එකම ස්වභාවික චන්ද්‍රිකාව" ලෙස හැඳින්විය හැකි අතර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පස්වන විශාලතම උපග්‍රහයා වේ. (විශ්කම්භය-2,159 miles (3,475 km)) පෘථීවියේ චංචලතාව ස්ථාවරව පවත්වාගෙනයාමල උදම්රළ ඇති වීම, දේශගුණික තත්ත්ව මධ්‍යස්ථව පවත්වාගෙනයාම හා පෘථීවිය අංශක (23o5’) ඇලවීම ස්ථාවරව පවත්වාගැනීම ආදිය සඳහා චන්ද්‍රයා ඉතා වැදගත් වේ. මේ නිසා චන්ද්‍රයා යනු පෘථීවියේ ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන ආකාශ වස්තුවකි. 

සෙඳන් ආලෝකය  නිපදවිය නොහැකි අතර එය සූර්යයාගෙන් පැමිණෙන ආලෝකය පරාවර්තනය කරන නිසා අපට එය දිස් වේ .

පූර්ණ චන්ද්‍රයා Luna’,’Selena’  ආදී නම් වලින් විද්‍යාඥයින් හඳුන්වයි. තවද අවුරුද්දේ විවිධ මාසවලට අනුව පූර්ණ චන්ද්‍රයා විවිධ නම් වලින් ඇතැම් සංස්කෘතීන් හඳුන්වනු ලබයි.

මාසයේ විවිධ කාලවලදී අපට චන්ද්‍රයා වෙනස් ලෙස දිස්වන්නේ ඇයි ?

චන්ද්‍රයා එහි කක්ෂයේ පිහිටීම සහ අප විසින් පෘථීවියේ සිට බලන විට චන්ද්‍රයාගේ පෙනුමේ  වෙනසට අනුරූපව   චන්ද්‍රඅධියර ඇතිවේ. මෙය චන්ද්‍රචක්‍රය (Lunar Cycle) නම් වේ. අමාවක සඳ/නවසඳ (New moon) , පුරඅටවක සඳ (Half-moon/First Quarter) ,පසළොස්වක සඳ (Full moon) සහ අවඅටවක සඳ (Half-moon/Third Quarter) ලෙස ප්‍රධාන වශයෙන් චන්ද්‍රඅධියර හතරකි. අමාවක දිනයේ දී චන්ද්‍රයා , පෘථීවිය සහ සූර්යයා අතර එකම රේඛාවේ පිහිටයි . එවිට  සූර්යාලෝකය චන්ද්‍රයාගේ අපට නොපෙනෙන ප්‍රදෙසට පතිත වීම නිසා අමාවක සඳ අපට නොපෙනේ. පුරඅටවක හා අවඅටවක චන්ද්‍රයා, පෘථීවිය හා සූර්යයා යාකරන රේඛාවට ලම්බකව (අංශක90o ) කින් පිහිටන නිසා චන්ද්‍රයාගෙන් අඩක් දිස්වේ.පෘථීවිය, චන්ද්‍රයා හා සූර්යයා අතර පවතින විට පූර්ණ චන්ද්‍රයාගේ පෘථීවියට මුහුණලා ඇති චන්ද්‍ර අර්ධගෝලය සම්පූර්ණයෙන්ම හිරු රශ්මියෙන් නැහැවී රවුම් තැටියක් සේ පුරසඳ දිස්වේ. ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයෝ මෙම කාලය “Full Warm Moon” නැතහොත් "පණු සඳ" ලෙස ද හඳුන්වයි.

සුපිරි (Super moon) යනු කුමක්ද?

පූර්ණ චන්ද්‍රයා තම කක්ෂයේ  පෘථීවියට සමීපතම අවස්ථාව සමඟ සමපාත වීමෙන් සුපිරි සඳ ඇතිවේ. සුපිරි සඳක් සාමාන්‍යයෙන් පුන්සඳකට  වඩා 30% කින් පමණ දීප්තියෙන් සහ 14% කින් පමණ විශාලත්වයකින් දිස්වේ. මෙම වර්ෂයේ දී අගෝස්තු 11 -12 දිනවල අහසේ සුපිරි සඳ දර්ශනය විය. එය මෙම වර්ෂයේ දී දිස් වූ අවසාන සුපිරි සඳ වේ.

චන්ද්‍රයාගේ එකම පැත්තක් පමණක් සෑමදාම දිස්වන්නේ ඇයි?

චන්ද්‍රයා සහ පෘථීවිය එකිනෙකා වටා පරිභ්‍රමණය වන අතර චන්ද්‍රයා තමා වටා භ්‍රමණය වේ. මෙවිට යම් අවස්ථාවකදී  චන්ද්‍රයාගේ අනෙක් පැත්තත් අපට දැකීමට හැකිවිය යුතුයි. නමුත් එසේ නොවනුයේ,

චන්ද්‍රයාට පෘථීවියේ සිට ඇති දුර   : 384 400 Km

චන්ද්‍රයාගේ පරිභ්‍රමණ කාලය (පෘථීවිය වටා එක් වටයක් ගමන් කිරීමට ගත්වන කාලය )   : දින 27.3

චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය (චන්ද්‍රයා තම  අක්ෂය වටා කැරකීමට ගත්වන කාලය)  : දින 27.3

මෙලෙස චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණය කාලය සමානවීම නිසා චන්ද්‍රයාගේ එකම පැත්තක් අපට නිරීක්ෂණය වේ.  මෙය "Tidally Locked" ලෙස හඳුන්වයි. මෙය පෘථීවියේ ගුරුත්වාකර්ෂණ බලය මගින් කුඩාවස්තුව වන චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය අඩු කිරීම නිසා සිදුවේ. (මෙම අවස්ථාව චන්ද්‍රයා හා පෘථීවියේ අවම ශක්තිඅවස්ථාව-Lowest energy state ලෙස ද හඳුන්වයි.) 

©️ Supun Sudharaka Perera

Graphic by : Priyashantha Perera


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫




Comments

Popular Posts