බාහිර ග්‍රහලෝක

 


බාහිර ග්‍රහලෝකයක් යනු කුමක්ද?

අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඕනෑම ග්‍රහලෝකයකි. බොහොමයක් බාහිර ග්‍රහලෝක වෙනත් තරු වටා පරිභ්‍රමණය වන නමුත් නිදහසේ පාවෙන බාහිර ග්‍රහලෝක ද ඇත. ඒවා හොර ග්‍රහලෝක ලෙස හදුන්වයි.

මේවා මන්දාකිණිවල කේන්ද්‍රය වටා කක්ෂගත වේ.

දැනට සොයාගෙන ඇති බොහෝ බාහිර ග්‍රහලෝක අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථයට අයත් ඒවාය. මන්දාකිණිය තුල තරු වලට වඩා ග්‍රහලෝක ඇති බව NASA හි Kepler අභ්‍යවකාශ දූරේක්ෂය මගින් සොයාගෙන ඇත.

බාහිර ග්‍රහලෝකවල විෂ්කම්භයන් සහ ස්කන්ධයන් මැනීමෙන් ඒ්වා පෘථිවිය සහ සිකුරු වැනි පාෂාණමය ග්‍රහලෝක හෝ බ්‍රහස්පති හා සෙනසුරු වැනි වායුමය ග්‍රහලෝකවලට සමාන සංයුතියක් ඇතිදැයි හදුනාගත හැක.

බාහිර ග්‍රහලෝක සෑදී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝකවලට සමාන මූලද්‍රව්‍ය වලින් වන නමුත් ඒවායේ මූලද්‍රව්‍යවල සංයුතිය වෙනස් විය හැකිය. සමහර ග්‍රහලෝකවල ජලය හෝ අයිස් ද තවත් සමහර ග්‍රහලෝකවල යකඩ හෝ කාබන් ද ඇත. ඒ වගේම ලාවා වලින් වැසුනු ග්‍රහලෝක මෙන්ම ස්ටයිරෝෆෝම් වැනි ඝනත්වයෙන් යුතු ග්‍රහලෝක ද හදුනාගෙන ඇත. තවද තාරකා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකවල ඝන මධ්‍යන් ඇති බව NASA ආයතනය විසින් සොයාගන්නා ලදී.

තවත් සුවිශේෂ ලක්ෂණ ලෙස බිත්තර හැඩති , බහු සූර්යයන් ඇති , කිසිසේත්ම හිරු නොමැති ග්‍රහලෝක පවා සොයාගෙන ඇත.


පළමු බාහිර ග්‍රහලෝකය 1990 ගණන්වල සොයා ගන්නා ලද අතර එතැන් සිට විවිධ හදුනාගැනීමේ ක්‍රම භාවිතා කරමින් දහස් ගණන් බාහිර ග්‍රහලෝක සොයාගෙන ඇත.

තාරකා විද්‍යාඥයින් පෘථිවියේ සිට දූරේක්ෂයකින් සෙනසුරු දකින ආකාරයට බාහිර ග්‍රහලෝක දැකීම ඉතා කලාතුරකින් සිදු වන අතර එය සෘජු නිරූපණය ලෙස හදුන්වයි. මේ ආකාරයට සොයාගෙන ඇත්තේ අතලොස්සක් වන අතර මේවා තරු වලට බොහෝ දුරින් කක්ෂගත වන යෝධ වායු ග්‍රහලෝක වේ.

බොහෝ ග්‍රහලෝක සොයාගෙන ඇත්තේ “සංක්‍රාන්ති ක්‍රමය” මගිනි. එනම් ග්‍රහලෝකයක් එහි තාරකාවේ මුහුණත තරණය කරන විට කුඩාම සෙවනැලි නිරීක්ෂණය කිරීමේ ක්‍රමයයි.


©️ රවිදු ලෙනෝරා

Graphic by : Heshani Jananjalee

J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts