සුපර්නෝවා | SUPERNOVA
සුපර්නෝවා පිපිරීමක් යනු කුමක් ද යත් කෙටියෙන්ම පැවසුවහොත් තාරකාවක මියයාමයි. මෙය විශාල ශක්තියක් පිටකරමින් ඉතා දීප්තිමත්ව දිස්වන පිපිරීමක් ලෙස හදුනා ගත හැකි ය. අප මන්දාකිනියට ආසන්නව සිදුවන සුපර්නෝවා පිපිරීමක් දහවල් කාලයේදී වුවත් දැකගැනීමේ හැකියාවක් පවතියි. මෙම සුපර්නෝවා පිපිරීමකදී යකඩ වලට වඩා ඉහල පරමාණුක ක්‍රමාංකයක් සහිත මුලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වීම සිදුවේ. උදාහරණයක් ලෙස රත්තරන් ලෝහය ගත හැක.
සුපර්නෝවා පිපිරීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. – Type II ,Type
IA
Type II සුපර්නෝවා පිපිරීමක් ලෙස
හැදින්වෙන්නේ කුමක්ද?
Type II සුපර්නෝවා පිපිරීමක් යනු සුර්යයාට වඩා විශාල ස්කන්ධයක් සහිත
තාරකාවක් පුපුරායාමයි. මෙය සුර්යයා මෙන් 8 සිට 15 ගුණයක් දක්වා විශාල විය හැකිය.
Type II පිපිරීම ඇතිවන්නේ, ආරම්භයේදී තරුව අභ්‍යන්තරයේ ඇති හයිඩ්‍රජන් හීලියම් බවට පත්වීමෙනි. අභ්‍යන්තරයේ හයිඩ්‍රජන් අවසන් වූ විට මෙම ක්‍රියාවලිය තරුව අභ්‍යන්තරයේ සිට පිටතට ක්‍රමවත්ව ගමන් කරයි. මෙලෙස මෙම
ක්‍රියාවලියේදී අභ්‍යන්තරයේ උෂ්ණත්වය ඉහල යාම නිසා හීලියම් කාබන් බවට පත්වේ.
මේ ආකාරයට බාහිරට පැමිණෙන සෑම අදියරයකදිම පිටත සිට පිලිවෙලින් අභ්‍යන්තරය දක්වා හයිඩ්‍රජන්, හීලියම්, කාබන්, නියෝන්, ඔක්සිජන්, සිලිකන් සහ යකඩ ලෙස මුලද්‍රව්‍ය සංස්ලේෂණය වේ. මෙම අවස්ථාවේදී තරුවේ විවිධ ස්ථර වල විවිධ මුලද්‍රව්‍ය දැකගත හැක. නමුත් මෙම අවස්ථාවේදී යකඩ වලට වඩා
පරමාණුක ක්‍රමාංකය
ඉහල මුලද්‍රව්‍ය දැකගැනීමේ
අවස්තාවක් නොපවතියි.
මෙහිදී තරුවේ හරයේ, ස්කන්ධය වැඩි මුලද්‍රව්‍ය සෑදීම නිසා හරය යම් සීමාකරන අගයක් පසු කිරීම සිදුවේ. මෙය චන්ද්‍රසේකර සිමාව ලෙස හදුන්වයි. මෙය සුර්යයා
මෙන් 14 ගුණයක් පමණවේ. මෙම සීමාව පසුකිරීමෙන් පසු තරුවෙහි අධික ගුරුත්වාකර්ෂණ
බලය නිසා එය හැකිලීමකට
ලක්වේ. එය Gravitational collapse ලෙස හදුන්වයි.
එවිට තරුවේ හරය පිපිරීමකුත් බාහිර කොටස් පිටතට විසිවීමකුත් සිදුවේ. මෙම සිදුවීම සුපර්නෝවාවක් ලෙස හදුන්වයි.
අවසානයේදී පිපිරීගිය තරුව නියුට්‍රෝන තරුවක් හෝ කලුකුහරයක් බවට පත්වේ. සුපර්නෝවා පිපිරීමේදී පිටවන අධික ශක්තිය නිසා විවිධ පරමාණු නියුට්‍රෝන සමග එකතුවී යකඩ වල සිට අනෙකුත් සියලු මූලද්‍රව්‍ය සෑදේ.
Type
IA සුපර්නෝවා පිපිරීමක් ලෙස හදුන්වන්නේ කුමක් ද?
සුදු වාමනයෙකු විසින් තවත් තරුවක පදාර්ථ ලබාගැනීමෙන් මෙය ඇතිවේ. සුදු වාමන තරු සුර්යයාට වඩා
කුඩා නමුත් එයට ආසන්නයේ ඇති තරුවක පදාර්ථ ආකර්ෂණය කරගැනීමේ
හැකියාවක් ඇත. මෙම පදාර්ථ ඇදගැනීමේදී සුදු වාමන තරුවෙහි ස්කන්ධය වැඩි වී එය ප්‍රසාරණය වීම ආරම්භ වේ. සුදු වාමන තරුවෙහි ප්‍රසාරණය චන්ද්‍රසේකර සීමාව පසුකල විට එය සුපර්නෝවා
පිපිරීමක් ලෙස පිපිරීයයි.
එහි සුවිශේෂී ලක්ෂණය වන්නේ මෙය විශ්වයේ කුමන ස්ථානයක පිපිරී ගියත් එහි සමස්ත ශක්තිය දළ වශයෙන් නියත වීමයි. එමනිසා මේවා විශ්වයේ ඉතා ඈත ඇති වස්තුන්ගේ දුර මැනීමට භාවිතාකරයි.
ප්‍රධාන සුපර්නෝවා පිපිරීම්
Tycho Brahe විසින් 1572දී නිරීක්ෂණය
කල සුපර්නෝවාව.
1054දී චීන ජාතිකයින් විසින් නිරීක්ෂණය කල සුපර්නෝවාව. මෙය Crab nebula ලෙසද හැදින්වේ.
අනාගතයේ සිදුවිය හැකි සුපර්නෝවා පිපිරීම්
ඔරායන් තරු රටාවේ දකුණු උර ප්‍රදේශයේ මෙම Betelgeuse තාරකාව දැකගත හැක. මෙය පෘතුවියට අලෝකවර්ෂ 226 වැනි ආසන්න දුරකින් පවතින නිසා මෙය පිපිරී ගියවිට සුර්යයාට සමාන දීප්තියකින් දිස්වේ.
J'pura Astronomy Club
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
Comments
Post a Comment