Perseids උල්කාපාත වර්ෂාව

 


උල්කාපාත වර්ෂාව යන නම ඇසූ සැනින් දර්ශනීය අහසක් ඔබේ සිතට නැඟෙනු ඇත. වසරේ විවිධ කාලයන්හී දී මෙම වර්ෂා ඇති වෙමින් එම මනස්කාන්ත දර්ශනය අහස් ගැබ තුළ සිත්තම් කරන්නේ සොබාහදහම් දිනිතියගේ අශ්චර්‍ය්‍ විදහා දක්වමිනි. මෙම මාසය තුලදී ද උල්කාපාත වර්ෂාවක් ඇති වන අතර එය පර්සියස් තාරකා මණ්ඩලයේ දිස්වන බැවින් perseids නමින් හඳුන්වනු ලැබේ. මෙදින රාත්‍රී අහසේ දීප්තිමත් රේඛා රාශියක් දැක ගත හැකි අතර එය ඊනියා උල්කාපාත වර්ෂාවන්ට අනුරූප වේ. එසේ ම මෙය ලොව ප්‍රකට උල්කාපාත වර්ෂාවක් වන අතර පැයට උල්කාපාත 80 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිපදවිය හැකි බැවින් එහි විශාල තීව්‍රතාවයක් ඇත. මේ මොහොතේ වායුගෝලීය තත්වයන්හි භූගෝලීය පිහිටීම, එහි ත්‍රීවතාවය සඳහා බලපායි.

ක්‍රි.ව. 36 දී පමණ perseids පිළිබඳව චීන ජාතිකයන් දැන සිටිය හ. මධ්‍යකාලීන යුගයේ කතෝලිකයන් එය බව්තීස්ම කළේ ශාන්ත ලෝරන්ස්ගේ කඳුළු නමින්. ස්වාභාවිකවම මෙම තාරකා වල මූලාරම්භය පිළිබඳ විවාද කිහිපයක් පැවතුනි. මේ පිළිබඳ තාරකා විද්‍යාඥයන්ගේ ප්‍රබල පොදු එකඟතාවයක් වූයේ වර්ෂ 1992 දී පෘතුවියට ආසන්නව ගමන් කළ Swift-Tuttle වල්ගා තරුව විසින් ඉතිරි කරන ලද අයිස් සහ පාෂාණ කැබලි හරහා පෘථිවිය ගමන් කිරීමෙන් Perseids හි උපත සිදු වී ඇත යන්න යි. Perseids බිහි කළ වල්ගා තරුව, වර්ෂ 1862 දී සොයා ගන්නා ලද අතර ආසන්න වශයෙන් එහි විෂ්කම්භය කිලෝමීටර 26 කි. වල්ගා තරුව සූර්යයා වටා ඉලිප්සාකාර කක්ෂයේ ගමන් කිරීමට ගතවන කාලය අවුරුදු 133 ක් පමණ වේ. එය අවසන් වරට වර්ෂ 1992 දී දැක ඇත.

පෘථිවිය වල්ගාතරුවේ මංසන්ධියේ ඝන සහ දූවිලි සහිත ප්‍රදේශය හරහා ගමන් කරන විට Perseids, උච්චතම අවස්ථාවට පත් වේ. එය මෙම වසරේ අගෝස්තු 12 සහ 13 යන දිනවල සිදුවෙතැයි ඇමරිකානු තාරකා විද්‍යාඥයන් පවසයි. මෙම මාසයේ පුර පසළොස්වක පොහොය දින, 2022 වසරේ අවසන් සුපිරි සඳ දිස්වන බැවින් බොහෝ වසරවලට වඩා හොඳ නැරඹුම් තත්වයක් යටතේ වළාකුලු සහ පූර්ණ චන්ද්‍රයා නොමැතිව නරඹන්නන් හට උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකිය හැක. එහිදී එය පැයකට දෘශ්‍ය උල්කාපාත 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් හෝ Shooting Stars දැකීම අපේක්ෂා කළ හැකිය.

මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා කිසිදු උපකරණයක් අවශ්‍ය නොවේ. ඔබට යම් යම් කොන්දේසි සපුරාලන එනම් රාත්‍රී අහස නිරීක්ෂණයට අපහසු වන ගස්වලින් හා ගොඩනැගිලි වලින් යුක්ත, නැතිනම් අධික ආලෝකයක් ඇති ස්ථානයක් නොවී වඩාත් සුදුසු ස්ථානයක් තෝරා ගැනීමට අවශ්‍ය වන අතර මෙය පියවි ඇසින් හොඳින් ම නිරීක්ෂණ කිරීමේ හැකියාව පවතී. වඩාත් සුදුසු ම නැරඹුම් කාලය වන්නේ මධ්‍යම රාත්‍රිය සහ අලුයම අතර චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් ඇති විට දී ය.


©️ Vishmi Sahashra

Graphic by : Milan Weerasinghe


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts