DELTA AQUARIDS METEOR SHOWER

                 


මේ සුවිසල් මහා විශ්වයේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත අකාශ වස්තූන් පවතී. ඉන් ඉතා ස්වල්පයක් පමණක් මිනිසා විසින් අධ්‍යනය කරනු ලැබුව ද මිනිස් ඥානයට ගෝචර නොවූ දෑ කොතරම්නම් මේ මන්දාකිණිය තුළ සැඟව පවතී ද? අනාදිමත් කාලයේ සිට ම මිනිසුන් විසින් අධ්‍යය කිරීමට හා නැරඹීමට ලක් වූ උල්කාපාත මේ මන්දාකිණියෙන්  බිහි වන තවත් මාහැඟි නිර්මාණයකි. විද්‍යාත්මක අර්ථයෙන් බැලූ කළ උල්කාපතයක් ලෙස හැඳින්වෙන්නේ “පෘතුවි වායු ගෝලයට ඇතුල් වෙන අභ්‍යාවකාශයේ සැරිසරන ඕනෑම ග්‍රහවස්තූන්” ය. මෙවැනි උල්කාපත දස දහස් ප්‍රමාණයක් මෙම අභ්‍යාවකාශය පුරා සැරිසරන අතර අපට වසරේ විවිධ කාලයන් හී දී මෙම උල්කාපාත පෘථිවියට කඩා වැටීම දැක ගත හැක.

උල්කාපාත වර්ෂා අතරින් ඉතාමත් ජනප්‍රිය උල්කාපාත වර්ෂාවක් වන Delta aquarids මෙම වසරේ ජූලි 12 සිට අගෝස්තු 23 දකවා කාලයේ දී සක්‍රීය වේ. ගිම්හානයේ අග භාගයේ දී අභිසාරී වන Delta aquarids ජූලි මැද භාගය වන විට පෘතුවි වායු ගෝලයට ඇතුල් වේ. Delta aquarids උල්කාපාත සති ගණනාවක්  පියාසර කරයි.  ජූලි අග සිට අගෝස්තු මුල දක්වා මධ්‍යම රාත්‍රියේ සිට අලුයම මුල් භාගයේ දී මෙය නැරඹීමට හැක. එනම් මෙය ජූලි 29 හෝ 30  උදේ පාන්දර වඩාත් හොඳින් නැරඹීමේ හැකියාව පවතී.

මෙම උල්කාපත වර්ෂාවේ විකිරණය  aquarids තාරකා මණ්ඩලයේ Delta aquarids තාරකාව අසලින් පමිණෙන බව පෙනේ. විකිරණ මධ්‍යම රාත්‍රිය පමණ වනවිට ක්ෂිතිජයට ඉහළින් නැඟී එන නමුත් අලුයම 3 වන විට දකුණු ක්ෂිතිජයට ඉහළින් එහි ඉහළම ස්ථානයට ළඟා වන අතර පැයකට උල්කාපාත 25ක් දක්වා ස්ථාවර ප්‍රභවයක් පවතී. සඳ නොමැති පැහැදිලි අහසක් සහිත දිනයක් දී පමණක් මෙය නිරීක්ෂණය කළ හැකිය.

එසේ ම එක්සත් ජනපද දකුණු දිග Delta aquarids උල්කාපත වර්ෂාව ඇති අක්ෂාංශ වල අධික වර්ෂා තත්වයක් පැවතිය හැක. Delta aquarids 5% සිට 10% දක්වා ප්‍රමාණයක් අඛණ්ඩව පතිත වන අතර උල්කාපාත පතනය අවසානයේ තත්පරයක් හෝ දෙකක කාලයක පවතින අයනීක වායු මංපෙත් දිලිසීමකට ලක් වේ.

පැයකට උල්කා 10 සිට 20 දක්වා ප්‍රමාණයක්  ඔබට මෙවරත් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකාව ඇතුලු උතුරු අර්ධගෝලීය වැසියන්ට ජූලි 17 සිට අගෝස්තු අවසන් වන තෙක් මෙය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. වලාකුළු රහිත පැහැදිලි අහසක වසරකට වරක් උදාවන මෙම උල්කා වර්ෂාව පියවි ඇසින් නැරඹීමට ඔබට ද හැකි වේ.


©️ Vishmi Sahashra

Graphic by : Bimsara Alawathugoda


J'pura Astronomy Club

💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planet_of_Observation💫

Comments

Popular Posts