කලුකුහර
කලුකුහර යනු?
විශාල තාරකා වල මළ සිරුරු කියල දැනට සරල අදහසක් ගමු.
කලුකුහර යනු කලුපාට කුහර විශේෂයක්ද?
එය වැරදි අදහසක්. මේවා ගෝලාකාර හැඩයෙන් යුත්ත කලු පැහැයෙන් දිස්වන අධික ගුරුත්වයක් සහිත වස්තූන් වේ.
මෙය කලු පැහැයෙන් දිස් වන්නේ එහි ඇති අධික ගුරුත්වය හේතුවෙන්, ඒ දෙසට පැමිණෙන ආලෝක කිරණය පවා ඇද ගැනීම නිසා නැවත පරාවර්තනයක් සිදු නොවන බැවිනි.
කලුකුහරයක් නිර්මාණය වන්නේ කෙසේද යත් විශාල තාරකා වල හයිඩ්‍රජන් අවසන් වූ විට, එම තාරකාවේ ගුරුත්වයට විරුද්ධව ඇති බලය නැතිවීම හේතුවෙන් තාරකාව හැකිලීමට ලක් ව සුපර්නෝවා පිපිරීමකින් පුපුරා යයි. මෙම තාරකාවේ ඉරණම තීරණය වන්නේ එහි හරයෙහි ස්කන්ධය මතයි. උදාහරණයක්
ලෙස ගතහොත් අපගේ සූර්යා වැනි කුඩා තාරකා සුදු වාමනයෙක් බවටත් ඊට වඩා මදක් විශාල තාරකා
නියුට්‍රෝන තාරකාවන් බවටත් පත් වේ. එනම් එහිදී
ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන එකට තෙරපීමට තරම් ශක්තියක් තිබේ නම්, එහිදී ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන එකට ගැටී නියුට්‍රෝන හා නියුට්‍රිනෝ
සෑදී නියුට්‍රෝන තාරකාවක් බවට පත් වේ. මීටත් වඩා විශාලත්වයෙන් වැඩි තාරකා කලුකුහර බවට
පත් වේ. මෙහි බාහිර වටේ කොටස event horizon ලෙසත් මධ්‍ය කොටස singularity
ලෙසත් හැදින් වේ. මෙහි ගවේෂණ කටයුතු සදහා යානාවක් යවන්නේ නම්, එම යානාව ආලෝකයේ වේගය
ඉක්මවා යා යුතුය. නමුත් දැනට පවතින තාක්ෂණය භාවිතයෙන් යානාවකට ආලෝකයේ වේගය ඉක්මවා යාමේ
හැකියාවක් නොමැත එබැවින් මෙම කලුකුහර ගවේෂණය ඉතා අසීරු කටයුත්තකි. යම් හෙයකින් පුද්ගලයකු
කලුකුහරයක් ආසන්නයට ගියහොත් රබර් පටියක් ඇදෙනවා සේ ඇදී යයි. නියත වශයෙන් මරණයට ලක්වන
අතර මරණයට ගත වන කාලය පමණක් කලුකුහරයේ විශාලත්වය මත තීරණය වේ.
අප පෘතුවියට කලුකුහර මගින් බලපෑමක් තිබේද?
කලුකුහර මගින් පෘතුවිට බලපෑමක් නොමැත.
කලුකුහර විශ්වයේ පවතින්නේ කුමන ස්ථානවලද?
විශාල මන්දාකිණිවල මධ්‍යයේ කලුකුහර ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරයි.
Milky way මන්දාකිණිය මධ්‍යයේ ද මෙවන් විශාල කලුකුහරක් ඇතැයි විශ්වාස කරන අතර
එය Sagittarius A* ලෙස හදුන්වයි.
කලුකුහර විශාලත්වය අනුව Primordial , Stellar හා Supermassive ලෙස වර්ග 3 කට බෙදා ඇත.
ඒ වගේම දැනට සොයාගෙන ඇති කුඩාම කලුකුහරයේ විෂ්කම්භය 24km පමණ වේ. නමුත් විද්‍යාඥයන්ගේ
මතය වන්නේ, මීට වඩා කුඩා කලුකුහර තිබිය හැකි අතර මෙම කුඩා කලුකුහර විශ්වය ආරම්භයේ ඇති
වූ ඒවා යන්නයි.
සියල්ල අනිත්‍යනම් කලුකුහර පමණක් නිත්‍ය විය හැකිද?
කලුකුහරයද කාලයක් ගියපසු විනාශ වී යයි. Hawking radiation හෙවත්
කලුකුහරයේ පිටත අවකාශයේ ඇති virtual particles එකිනෙක ගැටීමට ලක් වේ. Event
horizon එක
ආසන්නයේ ඇති virtual particles, Event horizon තුල ඇති virtual particles සමග ගැටී විනාශ වී යයි. නමුත් ඉන්
පිටත ඇති virtual particles එකිනෙක ගැටීමෙන් real particles බවට පත් වේ. මෙය ආරම්භයේ
ඉතා සෙමින් සිදු වුනත් කලුකුහරය කුඩා වීමත් සමග මෙය ඉතා වේගයෙන් සිදු වී පරමාණු බෝම්බ
බිලියන ගණනක ශක්තියක් පිටකරමින් පුපුරායාමට ලක්ව කලුකුහරයක අවසානය සිදු වේ. නමුත් මේ
සදහා වසර ට්‍රිලියන ගණනක් ගත වේ.
©️රවිදු ලෙනෝරා
J'pura Astronomy Club
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
Comments
Post a Comment