මන්දාකිණියේ වගතුග 06 : මෙසියර් 87 යෝධ මන්දාකිණිය

           


කලින් ලිපියෙන් අපි කතා කරා greedy galaxies එහෙමත් නැතිනම් කෑදර මන්දාකිණි ගැන. මෙසියර් 87 කියන්නෙත් කෑදර මන්දාකිණියකට නිදසුනක් තමයි. අපි දැන් මේ පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු.

මෙම මන්දාකිණියට මෙසියර් 87 යනුවෙන් නම ලැබුනේ කෙසේද...

තාරකා විද්‍යාඥයකු වන චාර්ල්ස් මෙසියර් විසින් හඳුනා ගත් ගැඹුරු ආකාශ වස්තු නාමාවලියේ 87 වෙනි වස්තුව තමයි මේ විදිහට මෙසියර් 87 යනුවෙන් හඳුන්වන්නේ. M87 යන නමින්ද හඳුන්වන මෙය ඉලිප්සාකාර මන්දාකිණියක් වේ.

තාරකා ට්‍රිලියන එකකටත් වැඩි සංඛ්‍යාවකින් සමන්විත මෙම යෝධ ඉලිප්සාකාර මන්දාකිණිය මෙසියර් විසින් නිහාරිකාවක් ලෙස 1781 දී නම් කලද පසුව මෙය මන්දාකිණියක් ලෙස සොයා ගැනුණි. පැහැදිලි අහසක කුඩා දුරේක්ෂයකට පවා පැහැදිලිව දර්ශනය වන මෙම මන්දාකිණිය smoking gun යන අන්වර්ථ නාමයෙන් ද සමහර අවස්ථා වලදී සඳහන් කර ඇත. කන්‍යා රාශිය පසුබිම් කරගත් මන්දාකිණි පොකුරකට අයත් මෙම මන්දාකිණිය තරු පොකුරු 150,000 කින් පමණ සමන්විත වන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ 120,000 ක්‌ පමණ වන බව සොයා ගෙන තිබේ.

මෙම මන්දාකිණියේ මධ්‍යයේ සුපිරි කළු කුහරයක් (super massive black hole) තිබෙන බව සොයා ගත් අතර එම කළු කුහරයේ ස්කන්ධය සූර්ය ස්කන්ධය මෙන් බිලියන 6.5 ක්‌ තරම් වේ. මෙම කළු කුහරය අතිශය සක්‍රිය එකකි. මෙම කළු කුහරය සතු අතිශය ප්‍රභල චුම්භක ක්ෂේත්‍රය මගින් මෙතුලට වැටෙනා ද්‍රව්‍ය ගොනු කර ගන්නා අතර සමහර ද්‍රව්‍ය කළු කුහරයෙන් ඉවතට ජෙට් දහරාවක් ලෙස ඉවතට විදිනු ලබයි. මෙම ජෙට් දහරා ආලෝක වර්ෂ 5000 ක්‌ පමණ දුරකට විහිදෙනු තරම් ප්‍රභල බවකින් යුක්ත වේ.මෙම ජෙට් දහරාවේ දීප්තිය හේතුවෙන් මෙම මන්දාකිණියේ න්‍යෂ්ටිය සක්‍රිය මන්දාකිණි න්‍යෂ්ටියක් ලෙස ද හඳුන්වයි.සූර්ය ස්කන්ධය  මෙන් බිලියන 240 000 ක්‌ තරම් සුවිසල් ස්කන්ධයක් හිමි මෙම මන්දාකිණිය මගින් ඇති කරන සුවිසල් ගුරුත්වාකර්ෂණය මගින් එහි අවට පවතින වාමන මන්දාකිණි තමන් වෙතට ඇද ගැනීම සිදු කරයි. ඒ අනුව අසල්වාසී මන්දාකිණි 2000 ක පමණ පාලක මන්දාකිණිය ලෙසද මෙය ක්‍රියා කරයි.

කලින් සඳහන් කල පරිදි මෙම මන්දාකිණියේ මධ්‍යයේ පවතින සුපිරි කළු කුහරයේ සොයා ගැනීම, තාරකා භෞතික විද්‍යාවේ මෙන්ම භෞතික විද්‍යාවේ ද මහත් විජහග්‍රහණයක් විය.

©️කාවින්ද්‍යා දිල්ශානි පතිරාජ
Graphic by : Pavith Amarasinghe

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫

Comments

Popular Posts