ETA AQUARIDS METEOR SHOWER☄️☄️



    Eta Aquarids නැමැතිි මෙම උල්කාපාත වර්ෂාව මැයි උල්කාපාත වර්ෂාව (May Meteor Shower) ලෙසද හදුන්වනු ලැබේ. මෙම උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් ක්‍රියාකාරීවන්නේ සෑම වසරකම අප්‍රේල් 19ත් මැයි 28 අතරය. Eta Aquarids යනු Halley වල්ගාතරුවෙහි සුන්බුන් වලින් නිර්මාණය කරන ලද උල්කාපාත වර්ෂා දෙකෙන් එකකි. Eta Aquarids එහි වේගය සදහා ප්‍රසිද්ධ වේ. මෙම උල්කාපාත පෘථිවි වායු ගෝලයට තත්පරයට සැතපුම් 0.6 (1km/s) පමණ වේගයෙන් ගමන් කරයි. Eta Aquarids ප්‍රථමවරට නිරීක්ෂණය කරන ලද්දේ 1870 අප්‍රේල් 30 සහ මැයි 2 යන දිනයන්වලදී ඉංග්‍රීසි තාරකා විද්‍යාඥ ජෝර්ජ් ලියොන් ටුප්මන් විසිනි. එනිසා එය සොයාගැනීමේ ගෞරවය ඔහුට හිමිවේ.සෑම වසර 75කට හෝ 76කට වරක් අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන හාලිගේ වල්ගා තරුව විසින් ඉතිරි කරන ලද සුන්බුන් නිසා වාර්ෂික Eta Aquarid උල්කාපාත වර්ෂාව ඇති වේ.

    මෙම උල්කාපාත වර්ෂාව එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ මැයි 4 සහ 5 දිනයන් වලදීය. උච්චතම අවස්ථාවේදී උපරිම පැයකට උල්කාපාත 50ක් දක්වා දිස්වේ. Eta Aquarids දකුණු නිවර්තන කලාපයෙන් වඩාත් හොඳින් නැරඹිය හැකි නමුත් උතුරු අර්ධගෝලයේ අඳුරු අහසක ඔබට පැයකට උල්කාපාත 30 ක් දක්වා අපේක්ෂා කළ හැකිය. Eta Aquarid උල්කාපාත වේගයෙන් චලනය වන අතර බොහෝ විට දිගු මංපෙත් නිපදවයි.

    Eta Aquarids උල්කාපාත වර්ෂාව නැරඹීම සදහා ඔබ නගරයෙන් හෝ වීදි ලාම්පු වලින් බොහෝ දුරින් පිහිටි ප්‍රදේශයක් සොයා ගන්න. ඔබේ පාද නැඟෙනහිර දෙසට තබා  බිම සැතපෙන්න, හැකිතාක් අහස දෙස බලා සිටින්න. අඳුරේ විනාඩි 30ක් පමණ ගත වූ පසු ඔබේ ඇස් අනුවර්තනය වී ඔබ උල්කාපාත දැකීමට පටන් ගනී. මෙම දර්ශනය අලුයම දක්වා පවතින බැවින් ඔබට මෙය නැරඹීම සදහා අවශ්‍ය තරම් කාලය තිබේ.

 

©️Supun Peeligama

🖼️Graphic by : Milan Sandeepa

 

J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts