NEW MOON | නව සඳ 🌑


     නව සඳ යනු පෘථිවිය සහ සූර්යයා අතර චන්ද්‍රයා පිහිටන විට සඳෙහි පෘථිවිය දෙසට ඇති පැත්තට  හිරු එළිය නොලැබී පෘථිවියට සඳ නොපෙනී යාමයි. අමාවක ලෙස හඳුන්වන්නේද මෙම සිදුවීමයි. එය ආලෝකමත් වන්නේ පෘථිවියෙන් පරාවර්තනය වන අඳුරු හිරු එළියෙන් පමණි.මෙම සිදුවීමේදී පෘථිවියට චන්ද්‍රයා නොපෙනීම හේතු දෙකක් නිසා සිදුවිය හැකිය..

පලමු හේතුව වන්නෙ සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවියේ පෙළගැස්වීම නිසා පෘථිවියට මුහුණ ලා ඇති චන්ද්‍රයාගේ පැත්ත අඳුරේ පවතීම නිසා සඳ නොපෙනී යාමයි..

දෙවන හේතුව ලෙස නව සඳ දිවා කාලයේ අහසේ පැවතීම නිසා එය පෘථිවියට නොපෙනී යාම දැක්විය හැකිය. එය සූර්යයා මෙන් එකම වේලාවක නැඟී බැස යන අතර, එය පියවි ඇසින් දැකිය නොහැකි වනුයේ සූර්යයාගේ දීප්තියට ඉතා සමීප බැවිනි.

අවුරුද්දකට සාමාන්‍යෙන් මාසයකට එක බැගින් නව සඳවල් දොලසක් ඇති අතර චන්ද්‍ර මාස හා කැලැන්ඩර් මාස අතර ඇති අසමතුලිතතාවය නිසා යම් අවුරුදු වලදී නව සඳවල් 13 ක් පිහිටිය හැක. මෙම අප්‍රේල් මාසය විශේශ වන්නේ එබැවිනි.. මෙම අප්‍රේල් මාසයේ පලමු දින හා 30 වන දින අපට නව සඳ දැක බලා ගත හැකිය.

 

© Chathura Dissanayake

Graphic by : Dumindu Sasanka

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts