LYRIDS METEOR SHOWER☄️☄️



    පෘථිවියේ සිට නිරීක්ෂණය කළ හැකි ඉතා විස්මිත හා ආකාර්ශණීය කැපී පෙනෙන විශ්වීය සිදුවීම් අතර, උල්කාපාත වර්ෂාවන්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. පියවි ඇසින් සැම සිත් මවිත කරවන උල්කා වර්ෂා, සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශනය රූ ගනී.

    "තාරකාවක් පිටුපස පැතිර පවතින වල්ගා වැනි දූවිලි වලාවන් අතරින් පෘථිවිය ගමන්ගැනීමේ දී උල්කාපාත වැසි ඇතිවන" බව එක්සත් රාජධානියේ රාජකීය අභ්යවකාශ ආයතනයේ තාරකා විද්යාඥවරියක වන පැට්රීෂියා ස්කෙල්ටන්( Patricia Skelton)  පවසා ඇත. ඇයගේ ප්රකාශයට අනුව අප ජීවත් වන පෘථිවි ග්රහලෝකය අභ්යවකාශයෙහි ඇති වල්ගා තරු අංශු සහ ග්රාහක සුන්බුන් අතරින් ගමන්ගන්නා විට නොමිලේ අලංකාර රාත්රී අභ්යවකාශ සංදර්ශනයක් නැරඹීමේ අවස්ථා අපට සෑම වසරකම උදා වේ.

    ඔබ දන්නවාද? ඉතිහාසයේ පැරණිතම උල්කා වර්ෂාවක් එලබෙන බ්රහස්පතින්දා එනම් අප්රේල් 22 රාත්රියේ උපරිමයට පැමිණේ, එය නමින් ලිරිඩ්ස්( Lyrids) උල්කා වර්ෂාවයි. එය දශක ගණනාවක් පුරා තාරාකාලෝලීන් නැරඹීමට ප්රිය කරන වාර්ෂික සිදුවීමකි.

    2022 දී ලිරිඩ්ස් උල්කා වර්ෂාව අපේරල් 16 සිට 25 පමණ වන   විට පෘථිවිය පසුකර යන අතර එහි උපරිමය අප්රේල් 22 සිකුරාදා රාත්රියේ සිට අප්රේල් 23 උදෑසන දක්වා උච්ඡතම අවස්ථාවට පැමිණේ.

    නාසා ආයතනයට අනුව , චීන තාරකා විද්යාඥයින් විසින් වර්ෂාව වාර්තා කර ඇත්තේ ක්රිස්තු පූර්ව 687 පමණ ඈත අතීතයේ සිටය. EarthSky අනුව මෙය වසර 2,700ක් ඈතට දිවෙන ඉතිහාසයේ පැරණිතම උල්කාපාත වර්ෂාවකි.

    ලිරිඩ්ස් උල්කා වර්ෂාව සඳහා මූලාශ්රය වන්නේ ක්රි..1861 දී ආධුනික තාරකා විද්යාඥ .. තැචර් විසින් සොයා ගන්නා ලද C/1861 G1 (Comet Thatcher) වල්ගා තරුවයි . මෙම වල්ගා තරුව ක්රි.. 2276 දී නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලිරිඩ්ස් උල්කා වර්ෂාව දර්ශනය වන්නේ ලයිරා( Lyra) තාරකා මණ්ඩලයෙනි.

    ඉතින් ඔබත් අප්රේල් 23 අළුයම අහසේ උතුරු දිසාව නිරීක්ෂණය කරන්න. වළාකුළු වලින් තොර පැහැදිලි අහසින් ඔබට පියවි ඇසින් වුවද පැයකට උල්කා 10-15ක් අතර ප්රමාණයක් දැක ගත හැකිවේවි. අප්රේල් 22 රාත්රිය ජීවිතයේ සදා මතකයේ රැදෙන අහස් දසුනක් නැරඹීමට ඔබට ලිරිඩ්ස් උල්කා වර්ෂාව හොද අවස්ථාවක් වනු නිසැකය.

 

©Charuka Balasooriya

Graphic by : Dumindu Sasanka

 

J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts