MARCH EQUINOX | මාර්තු විෂුවය



    විෂුවය(Equinox) යනු පෘථිවියේ සෑම ප්රදේශයකම දිවා ආලෝකය පැය 12ක් සහ රාත්රීය පැය 12ක් සමගින්, පෘථිවි දිවා රාත්රිය සමාන දිගකින් යුක්ත වන සුවිශේෂී සංසිද්ධියකි. පෘථිවිය අංශක 23.5 කෝණයකින් ආනත වී ඇති නිසා දිවා හා රාත්රී කාලයන්හි ප්‍රමාණය  අවුරුද්දේ කාලය සහ පෘථිවියේ කලාපය අනුව එකිනෙකට වෙස් වේ.කෙසේ වෙතත්, පෘථිවිය සූර්යයා වටා කක්ෂය සමඟ පෙළගැසෙන විට, විෂුවය සිදු වේ.

විෂුවය වසරකට කොපමණ වාරයක් සිදුවේ ?

    මෙම සංසිද්ධිය වසරකට දෙවරක්, මාර්තු 20 සහ සැප්තැම්බර් 23 වැනි දින නැවත සිදු වේ. මෙම කාලය තුළ සූර්යයා සමකයට කෙළින්ම ඉහළින් පිහිටා ඇති අතර උතුරු සහ දකුණු අර්ධගෝල දෙකටම සමාන දිවා රාත්රී  කාලයන් ඇතිවේ.

ඇත්තෙන්ම විෂුවයේදී දිවා සහ රාත්රී කාල එකිනෙකට සමාන වේ ?

    විෂුවයේ දී පෘථිවි අර්ධගෝල දෙකට සූර්ය කිරණ සමානව ලැබේ. එහිදී රාත්රිය සහ දවාල දිගින් සමාන බව බොහෝ විට කියනු ලැබේ. “Equinox” යන වචනය   පැමිණෙන්නේ "සමාන රාත්රිය" සඳහා වන ලතින් වචන වලිනි. එනම්, “aequus” (සමාන) සහ nox  (රාත්රිය) ලෙසිනි. ර්අපගේ මුතුන් මිත්තන්ගේ කාල නිර්ණයන් නූතනයට සාපේක්ෂව අඩු නිරවද්යතාවයකින් යුක්ත වූ අතර, දිවා රාත්රිය සමාන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් එය සියයට සීයක් නිවැරදි නොවන බව අද අපි දනිමු.

විෂුවය බලපාන්නේ පෘථිවියට පමණක් ?

    විෂුවක් අත්විඳීමේදී එය පෘථිවියට පමණක් නොව සෞරග්රහ මණ්ඩලයේ සියලුම ග්රහලෝක වලට එය බලපායි.

මාර්තු විෂුවය යනු කුමක්ද?

    මාර්තුු විෂුවයේදී සූර්යයා ඍජුවම  සමකයට ඉහල අහසේ මුදුන් වීම සිදුවන අතර ෙය සෑම වසරකම මාර්තු 19, 20 හෝ 21 දිනවල සිදු වේමාර්තු විෂුවය "වසන්ත විෂුවය" ලෙසද හැඳින්වේ. උතුරු අර්ධගෝලයේ වසන්ත සමයේ ආරම්භය සහ දකුණු අර්ධගෝලයේ සරත් සමය මෙමගින් සනිටුහන් කරයි. 2022 මාර්තු විෂුවය මාර්තු 20 දින 15:33 UTC පැමිණේ . මධ්යම දිවා ආලෝකයේ වේලාව පෙරවරු 10:33 යි.

මාර්තු විෂුවයේ සොබාදහම් වෙනස්කම් මොනවාද?

    මාර්තු විෂුවයේ සුර්යයාගේ චාපය නිරීක්ෂණය කළහොත් ඔබට පැහැදිලිව එය උතුර දෙසට ගමන් කරන ඔබට නිරීක්ෂණය වනු ඇත. දිගු දිවා ආලෝකයේ වෙනසට ප්රතිචාර දක්වමින් කුරුල්ලන් සහ සමනලුන් සූර්යයාගේ මාර්ගය සමඟ උතුරු දෙසට සංක්රමණය වේ. පරිසරය උණුසුම් කාලගුණයක් ගන්නා අතර ශාක දළුලන නව වර්ධන චක්රයක් ආරම්භ කරයි. බොහෝ ස්ථානවල වසන්තයේ මල් පිපෙන්නට පටන් ගනී.මාර්තු විෂුවයේ දී දිවා ආලෝකයේ දීර්ඝතම කාලපරිච්ඡේදය සිදුවන අතර  ජුනි මාසයේ ගිම්හාන සූර්යාලෝකය දක්වා සෑම දිනකම දිවා ආලෝකයේ ප්රමාණය අඛණ්ඩව වැඩිවේ.

 

© Raini Charuka

🖼️Graphics by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Observation💫

Comments

Popular Posts