කෑදර මන්දාකිණි හෙවත් “Greedy galaxies”
අද
ලිපියෙන් අපි කතා කරන්නේ “කෑදර මන්දාකිණි” එහෙමත්
නැත්නම් ඉංග්‍රීසි බසින් කියනවා නම් “greedy galaxies” ගැන
යි.
මොනවද
මේ කෑදර මන්දාකිණි කියලා කියන්නේ?
අපේ
මුල්ම ලිපියෙන් අපි කතා කල ආකාරයට මන්දාකිණියක් සෑදීම සිදු වන්නේ තාරකා සිය දහස් ගණනක්
එක් වීමෙන්ය. නමුත් ඔයාලා දන්නවද ඒ මන්දාකිණින් තවත් කුඩා මන්දාකිණි ගිල
දමා තව තවත් විශාල වන බව. මෙය ඇසූ විට ඔබ විශ්මයට පත් වනු නිසැකය.
“කෑදර” එසේත් නැතිනම් “greedy” යන
නමින් මෙම මන්දාකිණි හදුන්වන්නේ ඒ නිසාවෙන් ය.
තාරකා
විද්‍යාඥයින් ද එසේ සිදු වේ යැයි විශ්වාස කලත් එය සනාථ කරා ගැනීම තරමක් අපහසු කාර්යයක්
විය. එයට හේතුව වූයේ මේ විදිහට කුඩා මන්දාකිණියක් ගිල ගත් පසු,
එවැන්නක් තිබුනාද යන්න ගැන කිසිදු සාක්ෂියක් ඉතිරි නොවීමයි.
එය හරියට පොකුණකට විසි කල වතුර බාල්දියක් මෙන් කවලම් වී යනවා.
ඒ ආකාරයට කුඩා මන්දාකිණියේ තාරකා සහ විශාල මන්දාකිණියේ තාරකා
ඒවා මුලින් අයිති වී තිබුනේ කුමන මන්දාකිණියට දැයි කීව නොහැකි වන සේ මිශ්‍ර වී යනවා.
ඉතින්
මේ විදිහට ගිල දැමූ මන්දාකිණින් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් අලුත් ක්‍රමයක් සොයාගෙන
තිබෙනවා.ඔවුන් මෙහිදී සිදු කර ඇත්තේ අන්තරීක්‌ෂ වායූන් සහ දූවිලි
වලාකුළු හෙවත් ග්‍රහ නිහාරිකා පිලිබඳව අධ්‍යනයක යෙදීමයි. මෙම
ග්‍රහ නිහාරිකා තාරකා තරම් සුලබව දක්නට නොලැබෙන අතර ඒවා හදුනා ගැනීම තාරකාවක් හදුනා
ගන්නවාට වඩා පහසුයි.
නැවත
වරක් ඔයාලා හිතන්න පොකුණකට විසි කල වතුර බාල්දියක් ගැන. නමුත්
මේ පාර විසි කරන්නේ මඩ වතුර කියලා හිතන්න. වතුර
මිශ්‍ර වුනත්, ජල තරංග තුලින් කලවම් වීගෙන යන මඩ අංශු අපිට දැක බලා ගන්න
පුළුවන්. ඉතින් මේ ග්‍රහ නිහාරිකාත් හරියට මඩ අංශු වගේ ක්‍රියාත්මක
වෙලා විශාල මන්දාකිණින් ඇතුලට ගිල ගත් කුඩා මන්දාකිණින් දැක ගැනීමට සලස්වනවා.
මෙසියර්
87 යනුවෙන් හදුන්වන සුපිරි යෝධ මන්දාකිණියේ මෙවැනි ග්‍රහ නිහාරිකා
300 ක් පමණ මෙම ක්‍රමය මගින් අධ්‍යනය කර තිබේ.
අවුරුදු බිලියනයක විතර කාලයක් තුලදී එය සර්පිලාකාර මන්දාකිණියක්
සම්පුර්ණයෙන්ම ගිල දමා ඇති බව විද්‍යාඥයින් සොයා ගෙන තිබේ.
මෙසියර්
87 නමින් හඳුන්වන යෝධ නිහාරිකාව පිලිබඳව තොරතුරු දැන ගැනීමටත්
ඔයාලා බොහෝ අසාවෙන් කුතුහලයෙන් ඇති. ඊළඟ ලිපියෙන්
මේ පිළිබඳ ව සවිස්තරාත්මකව තොරතුරු ඔයාලට දැන ගැනීමට පුළුවන්.
©️
කාවින්ද්‍යා දිල්ශානි පතිරාජ
Graphic
by: Pavith Madhura
J'pura
Astronomy Club
💫More
beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
Comments
Post a Comment