මන්දාකිණියේ වගතුග 02 : වාමන මන්දාකිණි


 

    ඔයාලා දන්නවා විශ්වයේ විවිධ ආකාරයේ මන්දාකිණි ඇති බව. ඒ අතරින් එක් විශේෂ මන්දාකිණි වර්ගයක් තමයි වාමන මන්දාකිණි එහෙමත් නැතිනම් ඉංග්‍රීසි බසින් dwarf galaxies කියලා කියන්නේ. ඔයාලගේ දැනුම උදෙසා වාමන මන්දාකිණි පිළිබඳව තබන කෙටි සටහනක් තමයි මේ.

මොනවද මේ වාමන මන්දාකිණි?

    වාමන මන්දාකිණි යනු විශ්වයේ බහුලවම පවතින මන්දාකිණි වර්ගය වන නමුත්, මේවයේ අඩු දීප්තිය, අඩු ස්කන්ධය සහ කුඩා ප්‍රමාණය නිසා මේවා හඳුනා ගැනීම දුෂ්කර වේ. ඒවා බොහෝ විට මන්දාකිණි පොකුරු වල දක්නට ලැබෙන අතර ඒවා ප්‍රධාන වර්ග තුනකට වර්ගීකරණය කර ඇත. ඒවා නම්,

1.                       වාමන ඉලිප්සාකාර මන්දාකිණි (dwarf elliptical galaxies )

2.                       වාමන ගෝලාකාර මන්දාකිණි (dwarf spheroidal galaxies )

3.                       වාමන අවිධිමත් මන්දාකිණි (dwarf irregular galaxies )

    වාමන ඉලිප්සාකාර මන්දාකිණිවලට සාමාන්‍ය ඉලිප්සාකාර මන්දාකිණි වල දක්නට ලැබෙන ලක්ෂණ සාමාන්‍යයෙන් පවතින අතර ඒවා කුඩා පරිමාණයෙන් දිස් වේ. ඒවා ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත වන අතර ඒවායේ වායුන් අඩංගු නොවන අතර ඇතැම් විට වායූ ඉතා ස්වල්පයක් පැවතීමට ඉඩ ඇත. මෑතකදී මෙම මන්දාකිණින් තුල තාරකා සෑදු බවට සාධක ලැබී නොමැත. මේවායේ විෂ්කම්භය කිලෝපාර්සෙක් 1-10 ත් අතර වන වස්තු අඩංගු වන අතර සූර්ය ස්කන්ධ 105 -107 දක්වා පරාසයක පවතී. මේවට සාමාන්‍ය ඉලිප්සාකාර මන්දාකිණි වලට වඩා විවිධ ආලෝක බෙදා හැරීමේ හැකියාව ඇත.

    වාමන ගෝලාකාර මන්දාකිණි පවතින්නේ වාමන ඉලිප්සාකාර මන්දාකිණි පරිමාණයේ ධ්‍රැව කෙළවරේය. නමින්ම පෙනෙන ආකාරයට මෙම මන්දාකිණි ගෝලාකාර හැඩයක් ගන්නා අතර මේවා වාමන ඉලිප්සාකාර මන්දාකිණි වලට වඩා කුඩා වේ. ඒවායේ විෂ්කම්භය කිලෝපාර්සෙක් 0.1-0.5 ක්‌ පමණි. තවද මේවායේ සූර්ය ස්කන්ධය 107-108 ත් අතර ප්‍රමාණයක ද්‍රව්‍ය අඩංගු වේ.

    වාමන අවිධිමත් මන්දාකිණි වලට සාමාන්‍යයෙන් විශාල අක්‍රමවත් මන්දාකිණි වලට සමාන ගුණ ඇති අතර සැලකිය යුතු ප්‍රමාණයක වායූන් හා දූවිලි අඩංගු වේ. මේවායේ අඛණ්ඩ තාරකා සාදන බවට පැහැදිලි සාක්ෂි සොයාගෙන ඇත.

    මීට අමතරව, Dwarf spirl galaxy, Magellanic type dwarfs, blue compact dwarf galaxies, ultra-compact dwarf galaxies යන වාමන මන්දාකිණින් ද විශ්වයේ පිහිටා ඇත. වාමන මන්දාකිණි බොහොමයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර ඒවායින් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

Pegasus Dwarf Irregular Galaxy, Tucana Dwarf, Ursa Minor Dwarf, Draco Dwarf, Fornax Dwarf

    අපගේ ක්ෂිරපතයට වඩා 100 ගුණයකටත් වඩා අඩු විශාලත්වයකින් යුතු මෙම වාමන මන්දාකිණින් විශාල කළු කුහර ඇති බව දන්නා කුඩාම මන්දාකිණින් අතර වේ. මෙම කුඩා මන්දාකිණි වල ඇති කළු කුහර සාමාන්‍යයෙන් අපේ සූර්යාගේ ස්කන්ධය මෙන් 400 000 ගුණයක් පමණ වනු ඇතැයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති. අපගේ ක්ෂිරපත මන්දාකිණියට සමීපතම වාමන මන්දාකිණිය වන්නේ Canis Major නම් වාමන මන්දාකිණිය යි. එය සූර්යාගේ සිට ආලෝක වර්ෂ 25 000 ක දුරින් පිහිටා ඇත. සූර්යාගේ සිට ආලෝක වර්ෂ 70 000 ක්‌ දුරින් පිහිටා ඇති Sagittarius වාමන ඉලිප්සාකාර මන්දාකිණිය ක්ෂිරපතයට ඊළඟට සමීපතම වාමන මන්දාකිණිය වේ.

    ඉතින් ඔයාලා නොදන්න කරුණු බොහොමයක් මේ ලිපියෙන් දැනගන්නට අතැයි මා සිතනවා.. නැවතත් අපූරු ලිපියකින් හමුවෙමු.


©️ Kavindya Dilshani Pathiraja

Graphic by : Pavith Madhura

 

J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2022

#planetof_Education💫

Comments

Popular Posts