සූර්‍යයාගේ අවසානය


 සූර්යයාගේ අවසානය

සූර්යයාගේ අවසානය එහෙමත් නැතිනම් සූර්යයාගේ මියයාම සිදුවෙන්නෙ කවදද? 🤔

සූර්යයයා  මියගියහොත් සිදුවෙන්නේ කුමක්ද ? 🤔

    පෘථිවියේ ජීවයට ශක්තිය ලබාදෙන සූර්යයා නොමැති නම් පෘථිවියේ පැවැත්මක් නොමැත. කෙසේ නමුත් අභ්යාවකාශයේ තිබෙන බොහෝ වස්තූන් මෙන්ම තරු වලටත් සීමිත ආයුකාලයක් පවතින බැවින් කිසියම් දිනක අපගේ සූර්යයාත් මිය යනු ඇත.

    එසේනම් සූර්යයා මියයන්නේ කවදාද? ඔබත් මමත් මේ තරම් ඉක්මනින් මෙය පිළිබඳව කලබල වියයුතු නොවේ. මන්දයත් සඳහා තවත් බොහෝ කාලයක් ගතවන බැවිනි.

    වායු(හයිඩ්රජන් සහ හීලියම්) හා දූවිලි එකතු වීමෙන් වායු වළාවක් සෑදෙන අතර එය ගුරුත්වාකර්ෂණය හේතුවෙන් බිඳ වැටී තරු සෑදීමට පටන් ගනී. ආරම්භක වායු වලාකුළ කඩා වැටීමට පටන් ගත් මොහොතේ සිට තාරකාව නිර්මාණය වී සූර්යයා මෙන් බැබළෙන තුරු තාරකා සෑදීමේ ක්රියාවලියට වසර මිලියනයක් පමණ ගත වේ.

    එම කඩා වැටෙන වායු ස්කන්ධයේ මධ්යයේ පීඩනය කෙතරම් ඉහළද යත්, හයිඩ්රජන් පරමාණු වලට ඉලෙක්ට්රෝන අහිමි වන තරමට උෂ්ණත්වය අධික වී තාපය සිතාගත නොහැකි තරම් ඉහළ මට්ටමකට ළඟා වේ. එම හයිඩ්රජන් පරමාණු පසුව හීලියම් පරමාණු හා එකට එකතු වන අතර එම ප්රතික්රියාව මඟින් වායු වලාකුළ බිඳ වැටෙන ගුරුත්වාකර්ෂණ පීඩනයට එරෙහිව ප්රමාණවත් ශක්තියක් නිකුත් කරයි. ගුරුත්වාකර්ෂණය සහ විලයන ප්රතික්රියා වල ශක්තිය අතර සටන අපේ සූර්යයාට හා අපේ මන්දාකිණියේ හා ඉන් ඔබ්බෙහි ඇති මිලියන ගණනක් තාරකා වලට ඉන්ධන සපයයි.

 

සූර්යයයා මියගියහොත් කුමක් සිදුවේද ?

    වසර බිලියන 5 පමණ කාලයකදී සූර්යයාගේ හයිඩ්රජන් හිඟ වනු ඇත. අපේ සූර්යයා මේ වනවිට එහි ජීවන චක්රයේ ස්ථායී අවධියක සිටින අතර  අපගේ සෞරග්රහ මණ්ඩලය බිහි වී වසර බිලියන 4.5 කට පමණ පෙර සිට එය පැවතුනි. සියලුම හයිඩ්රජන් භාවිතා වූ පසු සූර්යයා මෙම ස්ථායී අවධියෙන් පිටතට වැඩෙනු ඇත.

    හරය තුළ විලයනය වීමට හයිඩ්රජන් ඉතිරිව නොමැති හෙයින්, හීලියම් පිරවූ හරය වටා විලයන හයිඩ්රජන් කවචයක් සෑදෙනු ඇතැයි තාරකා භෞතික විද්යාඥ Jillian Scudder මහතාගේ ලිපියක සඳහන් වේ. ගුරුත්වාකර්ෂණ බලය පවරාගෙන හරය සම්පීඩනය කර සූර්යයාගේ සෙසු ප්රදේශ ප්රසාරණය වීමට ඉඩ සලසයි. පසුව සූර්යයා පෘථිවිය ඇතුළු අභ්යන්තර ග්රහලෝක ආවරණය වන තරමට විශාල වනු ඇත. සූර්යයා රතු යෝධයෙක් බවට පත්වනුයේ එම අවස්ථාවේදීය.

    මෙලෙස වසර බිලියන ගණනක් පමණ සූර්යයා රතු යෝධයෙක් ලෙස දැවී යනු ඇත. එවිට එම හරයෙහි හයිඩ්රජන් ක්ෂය වී හීලියම් බහුල වන අතර එවිට එම මූලද්රව්යය ඔක්සිජන් සහ කාබන් වැනි බර මූලද්රව්යයන් සමඟ ශක්තිය විමෝචනය නොවන ප්රතික්රියා වලට සම්බන්දවේ. සියලුම හීලියම් අවසන් වූ පසු ගුරුත්වාකර්ෂණ බලය ක්රියාත්මක වී සූර්යයා සුදු වාමනයෙක් බවට පත්වන අතර ග්රහ නිහාරිකාවක් ඉතිරි කර පිටත සියලු ද්රව් විසිරුවා හරිනු ඇත.

    තාරකාවක් මියගිය විට එය වායු හා දූවිලි විශාල ප්රමාණයක් අභ්යවකාශය වෙත නිකුත් කරයි. මෙම ප්රමාණය තාරකාවේ ස්කන්ධයෙන් අඩක් පමණ වියහැක. එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්යාලයේ තාරකා විද්යාඥ ඇල්බට් සිල්ස්ට්රා පවසන ආකරයට මෙමඟින් තාරකාව ඉන්ධන හිඟ වී අවසානයේ තාරකාව මියයාමට පෙර, තාරකාවේ හරය හෙළි කරනු ලැබේ.

    තාරකා විද්යාඥයින් ගණන් බලා ඇති ආකාරයට සූර්යයා විසිරී ගොස් මියයාමට වසර බිලියන 7 සිට 8 දක්වා කාලයක් ඉතිරිව පවතී. වනවිට මිනිස්භාවය බොහෝදුරට නැති වී ගොස් පැවතිය හැකි අතර නැතහොත් එම කාලය වනවිට සමහර විට අපි වෙනත් ග්රහලෝකයක් ජනපද කරගෙන සිටිනු ඇත.

 

©️ Imasha Sashini

Graphic by : Pavith Madhura

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Education💫

Comments

Popular Posts