URANUS AT OPPOSITION


 සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ ආසන්නයේ සිට හත්වන ග්‍රහයා වන්නේ යුරේනස් ය. තවද ගෑස් යෝධයන් අතුරින් තෙවනියා වන්නේද යුරේනස් ය.

යුරේනස් යන නාමය යොදා ඇත්තේ ග්‍රීක දෙවියකු ගේ නාමය ඇසුරිනි. එහි විශ්කම්භය 51.118km වන අතර එය අපගේ පෘථිවි ග්‍රහයාට සාපේක්ෂව සුර්යයාගේ සිට 20 ගුණයක දුරින් පිහිටා ඇත.

කොළ පැහැයට හුරු නිල් පැහැයකින් දිස්වන යුරේනස් ග්‍රහයාව, පෘථිවියේ සිට දැකීමට නම් රාත්‍රී අහස ඉතා අදුරු විය යුතු අතර ඒ සඳහා චන්ද්‍රයා නව අවධියක සිටිය යුතුය.

ඒ සඳහා යෝග්‍යම කාලය වන්නේ 2021 නොවැම්බර් 4 රාත්‍රීයේ සිට නොවැම්බර් 5 හිමිදිරිය දක්වාය.

යුරේනස් ග්‍රහයා 2021 නොවැම්බර් 4 වන දින මේෂ රාශියේ විරුද්ධ කෙළවරට පැමිණේ. එමෙන්ම නොවැම්බර් 5 වන නව ඉල් සද උදාවන්නේ අතරමැදි කාලය තුළ තාරකා නරඹන්නන් හට යුරේනස් දැනගැනීම සදහා අදුරු අහසක් ලබා දෙමිනි.

 

යුරේනස් නැගීම -> නොවැම්බර් 4, සවස 05.46

යුරේනස් මුදුන් වීම ->නොවැම්බර් 4, රාත්‍රී 23.55

යුරේනස් බැස යාම ->නොවැම්බර් 5, අලුයම 06.04

 

මෙදිනට යුරේනස් පිහිටා ඇත්තේ Cetus තාරකා මණ්ඩලයේ Head of the Whale අසල ය. Menkar යනු තල්මසුන්ගේ දීප්තිමත්ම තාරකාවයි. Mu Ceti සොයා ගැනීමට Whale's Head හි Menkar දෙසින් කෙලින්ම බලන්න. එහිදී ඔබට යුරේනස් දැනගැනීමට හැකි වනු ඇත.

යුරේනස් ඔබගේ පියවි ඇසට පමණක් හදුනාගැනීම ට දුෂ්කර වුවත්, දුරදක්නයක් භාවිතා කිරීමෙන් කොළ - නිල් පැහැයෙන් දිදුලන යුරේනස් ග්‍රහයා Cetus තාරකා මණ්ඩලයේ 2021 දී, යුරේනස් පිහිටා ඇත්තේ Cetus තාරකා මණ්ඩලයේ මේෂ මායිම හරහා Mu Ceti සිට අංශක 5 ක් දුරින් දිස් වනු නිසැකය.


© Raini Charuka

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts