TAURIDS METEOR SHOWER☄️☄️
උල්කාපාත වර්ෂාවක් යනු සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. උල්කා වැසි හටගන්නේ වල්ගා තරු අංශු වලින් හා බිඳුණු ග්‍රාහක කැබලි වලිනි. සූර්යයාගේ අධික තාපය හමුවේ වල්ගා තරු වල මතුපිට ඇති අයිස් ස්ථරය දියවී වාෂ්ප වීමට ලක් වේ. එවිට දූවිලි හා අංශු විශාල ප්‍රමාණයක් වල්ගා තරුවෙන් මුදා හැරීම සිදුවේ. මෙම අංශු පෘථිවි වායුගෝලයට ඇතුල් වී වේගයෙන් ගමන් කරන විට හට ගන්නා ඝර්ෂණය හේතුවෙන් දීප්තිමත් ලෙස දැවී යයි. දවස පුරාම මෙය සිදු වුවද නිරීක්ෂණය කල හැක්කේ රාත්‍රී කාලයේදී පමණි.
Taurids උල්කාපාත වර්ෂාව දීර්ඝකාලීනව සිදු වන සුළු උල්කාපාත වර්ෂාවක් වන අතර සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ සුට දෙසැම්බර් මාසය දක්වා කාලයේ සිදු වේ. මෙයින් පැයකට උල්කා 5ත් - 10ත් අතර ප්‍රමාණයක් නිපදවේ. Taurids උල්කාපාත වර්ෂාව ධාරා දෙකකින් සමන්විත් වේ. පළමුවැන්න Asteroid 2004 TG10 මගින්ද, දෙවැන්න Comet 2p Encke මගින්ද නිපදවේ.
2021 වසරේ මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව නොවැම්බර් 4 දිනට යෙදී ඇත. නව සඳ රාත්‍රිය බැවින් අඳුරු අහසේ ඉතා හොඳින් උල්කා නිරික්ෂණය කිරීමට හැකි වනු ඇත. Taurus තාරකා මණ්ඩලයෙන් නිකුත් වන මෙම උල්කා අහසේ ඕනෑම ස්ථානයකින් දිස් විය හැකිය.
© Malmi Bandara
Graphic by : Niru Ruwanya
J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2021
#planetof_Observation💫
Comments
Post a Comment