PARTIAL LUNAR ECLIPSE



    2021 නොවැම්බර් 19 වන දින, දර්ශනය වන අර්ධ චන්ද්රග්රහණය, වසර 500 කට පමණ පසුව සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්රග්රහණය යිඅවසන් වරට අර්ධ චන්ද්රග්රහණයක් මෙතරම් දිගු කාලයක් පැවතියේ 15 වන සියවසේ ඉන්කාවරුන් විසින් මාචු පීචු ඉදිකරමින් සිටි ක්රි. .1440 වර්ෂයේදී පෙබරවාරි මස 18 වැනි දිනය.

මීළඟට දීර්ඝ අර්ධ චන්ද්රග්රහණයක් පෘථිවියට දර්ශනය වන්නේ ක්රි..  2669 පෙබරවාරි 8 වැනිදාය.

    අර්ධ චන්ද්රග්රහණයකදී, සූර්යයා, පෘථිවිය සහ චන්ද්රයා පරිපූර්ණ ලෙස පෙළගැස්වීමකට පැමිණේ. පෘථිවි සෙවනැල්ල සඳ මත පතිත වන අතර එහි ප්රතිඵලයක් ලෙස අර්ධ චන්ද්රග්රහණයක් සිදුවනු ඇත.

    2021 නොවැම්බර් චන්ද්රග්රහණයේ සමස්ත කාලසීමාව, චන්ද්රයා පෘථිවියේ අර්ධ සෙවනැල්ලට ඇතුළු වන මොහොතේ සිට, එය පිටත් වන මොහොත දක්වා - තත්පර 21,693  (පැය 6 යි මිනිත්තු 2 ක් පමණ) පමණ වනු ඇත.

    2021 නොවැම්බර් චන්ද්රග්රහණය මෙතරම් දිගු වන්නේ, චන්ද්රග්රහණයේ උපරිම ලක්ෂ්යය පැමිණෙන්නේ චන්ද්රයා මෙම මාසය සඳහා පෘථිවියේ සිට එහි දුරම ස්ථානය වන උච්ඡස්ථානයට පැමිණීමට පැය 41කට පමණ පෙර නිසා . නාසා ආයතනය පවසන්නේ චන්ද්රයා එහි කක්ෂයේ Apogee ලෙස හඳුන්වනු ලබන පෘථිවියේ සිට පෘථිවියට ආසන්නම කොටසේ පිහිටා ඇති නිසා මෙම අර්ධ චන්ද්රග්රහණය ඉතා දිගු බවයි, එනම් චන්ද්රයා පෘථිවියේ සෙවනැල්ල හරහා තරමක් සෙමින් ගමන් කරන බවයි.

    අර්ධ චන්ද් ග්රහණයකදී චන්ද්රයා රතු පැහැයට හැරෙන්නේ චන්ද්රයා වෙතට පතිත වන එකම සූර්යාලෝකය පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන නිසාය. චන්ද්රග්රහණ කාලය තුළ පෘථිවි වායුගෝලයේ දූවිලි හෝ වලාකුළු වැඩි වන තරමට චන්ද්රයා රතු පැහැයෙන් දිස් වනු ඇත.

    අර්ධ චන්ද්රග්රහණයක් සදහා ආකාශ සිද්ධීන් දෙකක් එකවර සිදු විය යුතුය. එනම් පූර්ණ චන්ද්රයකු සිටීම සහ සූර්යයා, පෘථිවිය සහ සඳ  සරල රේඛාවක පෙළගැසීම යි.

    මෙම අර්ධ චන්ද්රග්රහණය ශ්රී ලංකා සම්මත වේලාවෙන් පෙරවරු 11.32 ආරම්භ වී පස්වරු 5.33 අවසන් වන අතර එහි සම්පූර්ණ කාලය පැය 6 යි මිනිත්තු 1 කි.

    ඉන්දියාවේ නැගෙනහිර ප්රදේශය ඇතුළු ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්රේලියාව සහ පැසිෆික් කලාපයේ රටවල්ද ඇතුළුව ලෝකයේ විශාල ප්‍රදේශයකට අර්ධ චන්ද්රග්රහණය පෙනුනද ශ්රී ලංකාවට එය නොපෙනෙන බවට කොළඹ විශ්වවිද්යාලයේ භෞතික විද්යා අංශයේ තාරකා විද්යා හා අභ්යවකාශ විද්යා අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා ඇත.

 

© Raini Charuka

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts