LEONIDS METEOR SHOWER☄️☄️


 

    ලියොනිඩ්ස් යනු සාමාන්‍ය උල්කාපාත වර්ෂාවක් වන අතර මෙම උල්කාපාත වර්ෂාව ලියොනිඩ්ස් හදුන්වනු ලබන්නේ එහි උල්කාපාත මතුවන ලක්ෂ්‍යය අහසේ ලියෝ තාරකා මණ්ඩලයේ පවතින බැවිනි. සෑම වසර 33කට වරක් පැයකට උල්කාපාත සියගණනක් දැකිය හැකි සුළි කුණාටුවක් ඇතිවීම මෙම වර්ෂාවේ සුවිශේෂත්වයයි. ලියොනිඩ්ස් දීප්තිමත් මෙන්ම වර්ණවත්ද විය හැකිය. මෙය තත්පරයට කිලෝමීටර 71 ක වේගයෙන් ගමන් කරනු ලබයි.

    උල්කාපාත වර්ෂාවක්/කුණාටුවක් යනු අවම වශයෙන් පැයකට උල්කාපාත 1000 ක් වත් තිබීම ලෙස අර්ථ දැක්වේ. 1966 දී පැවති ලියොනිඩ් උල්කාපාත වර්ෂාවේ දී මිනිත්තු 15 ක් තුළ මිනිත්තුවකට උල්කාපාත දහස් ගණනක් පෘථිවි වායු ගෝලය හරහා වැටුණ බව සදහන් වේ. මෙවැනි උල්කාපාත වර්ෂාවක් අවසන් වරට සිදු වූයේ 2002 වසරේදීය. එය සාමාන්‍යයෙන් උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ නොවැම්බර් මස 17 හෝ 18 වේ.

    ලියොනිඩ්ස් හටගන්නේ පෘතුවිය ටෙම්පල්-ටට්ල් නම් වල්ගාතරුව විසින් ඉතිරිකරන ලද සුන්බුන් හරහා ගමන් කරන විටදීය. ලියොනිඩ්ස් නිපදවනු ලබන්නේ එම වල්ගාතරුව විසින් ඉතිරි කරන ලද දූවිලි මගිනි. මෙම වල්ගාතරුව දෙවරක් ස්වාධීනව සොයාගන්නා ලදි. ඒ Ernst Tempel සහ Horace Tuttle යන දෙදෙනා විසින් පිළිවලින් 1865 සහ 1866 යන වර්ෂ වලදීය. ටෙම්පල්-ටට්ල් කුඩා වල්ගාතරුවක් වන අතර එහි න්‍යෂ්ටිය 3.6km පමණ දුරකින් යුක්ත වේ. මෙම උල්කාපාත වර්ෂාව ලියෝ තාරකා මණ්ඩලයෙන් උල්කාපාත විකාශනය වන නමුත් අහසේ ඕනෑම තැනක දිස්විය හැකිය.  

    මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සදහා වඩාත්ම සුදුසු වනුයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අදුරු ස්ථානයක් වේ. ඔබේ පාද නැඟෙනහිර දෙසට යොමු කර, උඩුබැලි අත පොළව මත වැතිර ඉහළ බලන්න. අඳුරේ මිනිත්තු 30කට අඩු කාලයකදී ඔබේ ඇස් හැඩගැසෙන අතර ඔබ උල්කාපාත දැකීමට පටන් ගනී. මෙය සාමාන්‍යයෙන් අලුයම පමණ වන තෙක් දිස්විය හැකිය.

 

© Supun Peeligama

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts