මන්දාකිණියේ වගතුග - 01
මන්දාකිණි...එහෙමත් නැත්නම්
ගැලැක්සි ගැන ඔයාලා
අහල ඇති. මොනවද
මේ මන්දාකිණි කියලා
කියන්නෙ? විශ්වය සිසාරා
වූ දැනුම බෙදා
ගන්න කැමති ඔයාලා
වෙනුවෙන්, මන්දාකිණි ගැන ලියවුණු
ලිපි මාලාවක් ඉදිරිපත්
කරන්නට තමයි මේ උත්සාහය... ඉතින් මේ
ලිපි මාලාවේ පළමුවෙනි
ලිපිය මේ විදිහට
ඔයාලගේ රසවින්දනය වෙනුවෙන්
ගෙන හැර දක්වන්නෙමු...
මොනවද
මේ මන්දාකිණි කියලා
කියන්නේ?
ග්‍රහලෝක, නිහාරිකා,
කොස්මික් දුවිලි සහ
වෙනත් ද්‍රව්‍ය වැනි
ආකාශ වස්තුන් ඇති
තාරකා සමූහයකින් සමන්විත
විශාල සමූහයක් තමයි
මන්දාකිණියක් කියලා කියන්නේ.
විශ්වයේ අවම වශයෙන්
මන්දාකිණි ට්‍රිලියන
දෙකක් ඇති අතර ඒවායින් බොහොමයක් ඒවා
විෂ්කම්බය පාර්සෙක්(parsec) 100 ත් 100 000 ත් අතර වන බව
සොයාගෙන තියනවා.
අපේ
සූර්යයා සහ අනෙකුත්
ග්‍රහලෝක පිහිටා
ඇති අපගේ සෞරග්‍රහ මණ්ඩලයත්
මන්දාකිණියක කොටසක් වේ.
ක්ෂීරපතය නමින් හදුන්වන්නේ
එයයි.
මන්දාකිණි
වල උපත සිදු
වුනේ කොහොමද?
මන්දාකිණි
වල ආරම්භය තවමත්
නිමක් නොමැතිව විවාදයට
භාජනය වෙමින් පවතිනවා.
තාරකා විද්‍යාඥයින්
විශ්වාස කරන්නේ “මහා
පිපිරුම සිදු වී කලකට පසුව
මෙම මන්දාකිණි හට
ගත් බවයි”. පශ්චාත්
පිපුරුම් අවදියේදී ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලිය යටතේ වායු
වලාකුළු එකිනෙක හා
සම්පීඩනය වී මන්දාකිණියේ
පළමු කොටස සාදයි.
බොහෝ නූතන දුරේක්ෂ
වලට, මහා පිපිරුමෙන්
ටික කලකට පසුව
ආරම්භ වූ ඉතා පැරණි මන්දාකිණි
හදුනා ගැනීමට හැකි
වී තිබේ.
මන්දාකිණි
වල ලක්ෂණ මොනවාද?
මන්දාකිණි
වල ප්‍රමාණයන්
ඉතා විවිධාකාර වන
අතර ඒවා ස්ථිතික
නොවේ. එසේම මන්දාකිණියේ
සියළුම කොටස් සමාන
වේගයකින් ද භ්‍රමණය නොවේ.
මධ්‍යයේ ඇති තාරකා පිටත
ඒවාට වඩා වේගයෙන්
භ්‍රමණය වේ.
තවද මෙම මන්දාකිණි
වල වර්ණය හා
දීප්තිය කාලයත් සමග
වෙනස් වේ. අලුතින්
බිහි වන මන්දාකිණි
පැරණි ඒවාට වඩා
දීප්තිමත් ය. මෙම
මන්දාකිණි වල හැඩයන්ද
එකිනෙකට වෙනස් වන
අතර විවිධ හැඩයේ
මන්දාකිණින විශ්වය පුරා
විසිරී ඇත.ඒවා ඉලිප්සාකාර මන්දාකිණි, සර්පිලාකාර
මන්දාකිණි, ලේන්ටිකුලර් මන්දාකිණි, අක්‍රමවත් මන්දාකිණි
සහ සුවිශේෂී මන්දාකිණි
වේ. දැන් අපි
මේ එක් එක් මන්දාකිණිය ගැන කෙටියෙන්
විස්තර සලකා බලමු.
ඉලිප්සාකාර
මන්දාකිණි රතු පැහැයට
නැඹුරු වන අතර පැරණි තාරකා
රාශියක් එහි ඇත. මෙතෙක් දන්නා
ඒවායින් විශාලතම මන්දාකිණියද
ඉලිප්සාකාර වේ. සර්පිලාකාර
මන්දාකිණි වල නිල්
පැහැය කේන්ද්‍රය
දෙසටත් රතු පැහැය
පිටත දෙසටත් සංකේන්ද්‍රනය වී
ඇත. මෙම මන්දාකිණියේ
සර්පිලයේ මැද විශාල
ශක්තියක් සංකේන්ද්‍රනය වී ඇති අතර
ඒවා සාමාන්‍යයෙන්
ඇතුලත කළු කුහරයකින්
සමන්විත වේ. තරු,
ග්‍රහලෝක සහ
දූවිලි වැනි සියළුම
ද්‍රව්‍ය කේන්ද්‍රය
වටා භ්‍රමණය වේ.මෙම
මන්දාකිණි වල කේන්ද්‍රය තාරකා
වල උපත සිදු
වේ යැයි සිතන
ස්ථානයක් වේ.ලේන්ටිකුලර්
මන්දාකිණි වලට සර්පිලාකාර
සහ ඉලිප්සාකාර මන්දාකිණි
අතර හැඩයක් ඇත.මේවා පැරණි
යෝධ තාරකා වලින්
සමන්විත වන අතර රතු පැහැයෙන්
යුක්තයි. අක්‍රමවත්
මන්දාකිණි වලට පැහැදිලි
හැඩයක් නොමැත. සුවිශේෂී
මන්දාකිණි යනු නමට
අනුව අමුතු සහ අසාමාන්‍ය හැඩයන්
ඇති මන්දාකිණි වේ.
සංයුතිය හ ප්‍රමාණය අනුව
ඒවා තරමක් දුර්ලබ
බවක් ගනී.
අපගේ
සූර්යා සහ අනෙකුත්
ග්‍රහලෝක අයත්
මන්දාකිණිය වන ක්ෂීරපතය
පිලිබදව ඊළග ලිපියෙන්
හමුවෙමු.
©️කාවින්ද්‍යා දිල්ෂානි
පතිරාජ
🖼️Graphics by : Pavith
Madhura
J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2021
#planetof_Education💫
Comments
Post a Comment