VENUS AT GREATEST EASTERN ELONGATION


                සිකුරු ග්‍රහයා මෙම සූර්‍යයවර්ශයට අදාළව දක්වන තවත් එක් සුවිශේෂී පිහිටුමක් තමයි මේ නැගෙනහිර දෙසින් මුදුන් වීම🪐. සිකුරු ග්‍රහලොව අපි හැමෝම හොදින් හදුනන සුවිශේෂී ග්‍රහලෝකයක්. මේ ග්‍රහලෝකය විවිධ නම් වලිනුත් හදුන්වනවා එහි තිබෙන විශේෂත්වය නිසාම 🌪️. සිකුරු යනු ෞරග්‍රහ මණ්ඩලයේ සිටින දෙවන ග්‍රහයා වන අතර පෘථිවියේ සමීපතම අසල්වැසියායි 🌞🪐🌏. සිකුරු ග්‍රහයා බොහෝ විට "පෘථිවියේ නිවුන් දරුවන් 🫂" ලෙස හදුන්වන්නේ ඒවායේ ප්‍රමාණයන් සහ ව්‍යුහයන් අතර ඇති සමානාත්මතාවය නිසායි. නමුත් සිකුරු සතුව අධික මතුපිට තාපයක් සහ ඝන ,විෂ සහිත වාතාවරණයක් ඇත 🔥🪐💨. සාමාන්‍යයෙන් ඉර අවරට යන සන්ධ්‍යා අහසේ   🌥️🌥️ පහසුවෙන් සිකුරු තරුව දිස්වෙන නිසා "ඉරබටු තරුව" ලෙසත් හදුන්වනවා. මේ වගෙ බොහෝ හේතු නිසා සිකුරු තරුව නැතහොත් සිකුරු ග්‍රහයා බොහෝ වැදගත් වෙනවා .

සිකුරු ග්‍රහයා සැලකූවිට සූර්‍යයා  වටා යෑමට සිකුරුට දින 225ක් ගතවෙනවා🌎🪐☀️. එය සූර්‍යයා වටා ගමන් කරන විට , පෘථිවිය මත සිට දර්ශනයෙන් නිරීක්ෂණය වන පරිදි ග්‍රහලෝකය සූර්‍යයාගේ නැගෙනහිර සිට බටහිර දෙසට  ගමන් කරයි. එය සූර්‍යයාගේ සිට එහි සමීපතම දුර ලගා වූ විට සූර්‍යයාගෙන් ලැබෙන ආලෝකය පෘථිවිය මත පතිත වේ🌤️🌎. ඒනිසා ග්‍රහලෝකය රාත්‍රී අහසේ දීප්තිමත් වන අතර එය වඩාත් සමීප වේ.

වසරක් තුලදී සිකුරු සිය අක්ෂයේ පෘථිවිය පසුකර යන විට වසරකට වරක් හෝ දෙවරක් මෙම කෝණික ස්ථානයට ලගා වේ. ඔක්තෝබර් මාසය පුරාම උතුරු අර්ධ ගෝලයේ හිරු බැස යන දිශාවට පහලින් සිකුරු තරුව දිස්වෙන අතර දකුණු අර්ධ ගෝලයේ සිටින අයට හිරු බැස යන දිශාවට ඉහළ අහසේ දීප්තිමත්ව දිස්වේ.

සිකුරු පෘථිවියෙන් දැකිය හැකි දීප්තිමත්ම ග්‍රහලෝකය වන අතර එය 2021 අවසානය දක්වා නැරඹිය හැකි ලස්සන හා සිත්ගන්නාසුලු ග්‍රහලෝකයකි🪐🌎. සිකුරු ග්‍රහයා මාසය පුරාම හිරු බැස යෑමට ඉහළින් තේජාන්විත ලෙස උස්ව සිටියි සහ අප සියල්ලන්ටම, සිකුරු ග්‍රහලෝකය එහි විශාලතම දිග්ගැස්ම නොහොත් එහි උපරිම දිගුව වෙත ළඟා වනු ඇත, එනම් ඔක්තෝබර් 29 වන දින සූර්යයාගේ සිට දුරම ස්ථානයට ළඟා වනු ඇත. විශාලතම දිග්ගැස්මේදී, සිකුරු ග්‍රහයා සූර්යයාගේ සිට අංශක 47 ක කෝණයකින් එය ස්ථානගත වේ. එය හැකි උපරිම දුර වේ💫💫.

 

©Hashini Hatharasinghe

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts