MERCURY AT GREATEST WESTERN ELONGATION



             බුධ යනු සෞරග්‍රහ මණ්ඩලයේ පළමුවන ග්‍රහලෝකය වන අතර කුඩාම ග්‍රහලෝකයද වේ.  බුධ ග්‍රහයා පිළිබඳ සිදුකර ඇති වාර්තාගත නිරීක්ෂණ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය දක්වා දිව යන අතර ප්‍රථම වරට දුරේක්ෂයකින් නිරීක්ෂණය කරන ලද්දේ ගැලීලියෝ ගැලීලි හා තෝමස් හැරොයිට් විසිනි. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට පෙර ග්‍රීක තාරකා විද්‍යාඥයින් විසින් විශ්වාස කලේ එම ග්‍රහයා වස්තුන් දෙකක් බවය.

මෙම ග්‍රහලෝකය පියවි ඇසින් දැකගත හැකි වන අතර  නිරීක්ෂණය කල හැකි කාල සීමාව ඉතා කුඩා වේ.මන්ද එය සූර්‍යාට සමීපව ගමන් ගන්නා බැවිනි. චන්ද්‍රයා මෙන් බුධ ග්‍රහයාද පෘථිවියේ සිට බලන කල විවිධ අවධි එනම් බුධ කලා (phases of Mercury) පෙන්නුම් කරයි. මෙම අවධි ,පෘථිවිය හා සූර්‍යයා යාකරන රේඛාවට, බුධ එහි කක්ෂයේ පිහිටන අවස්ථාවලදී ඇතිවන දුරෙහි වෙනස නිසා සිදුවන්නකි. ඒ අනුව හිරු නැගීමට පෙර බුධ ගේ ශ්‍රේෂ්ටතම බටහිර දිගු වීමත් (Mercury at Greatest Western Elongation) ,  හිරු බැසීමෙන් පසු  බුධගේ ශ්‍රේෂ්ටතම නැගෙනහිර දිගුවීමත් (Mercury at Greatest Eastern Elongation) දිස්වේ.

මෙලෙස උදෑසන ඉර නැගෙන විට පමණක් දුටු ග්‍රහයා ඇපලෝ ලෙසටත්, ඉර බැස යන විට දුටු ග්‍රහයා හර්මිස් ලෙසත් ආදීන්  විසින් නම් කරන ලදි. Mercury නමැති බුධ ග්‍රහයාගේ ඉංගීසි නම ,දෙවියන්ගේ පණිවුඩ කරුවා (Swift messenger of god )යන අරුතිත් ඇතිව ආදි කාලීන රෝමන් වරුන් විසින් හදුන්වා දී ඇත.

මේ අනුව බුධ ග්‍රහයා අපට බොහෝ විට නිරීක්ෂණය කළ හැකි වන්නේ බටහිර හෝ නැගෙනහිර ක්ෂිතිජට ආසන්නවය.මෙහි උපරිම උන්නතාංශය 28° පමන වේ .නමුත් මෙය 18° සිට 28° දක්වා වෙනස් වේ. මන්ද ග්‍රහලෝක අතුරින් වාඩාත් විකේන්ද්‍රික (දිගටි) වන්නේ බුධගේ කාක්ෂිකය නිසාවෙනි.ඒ සුර්යයාගේ සිට දුර කිලෝමීටර් මිලියන 46 සිට 70 දක්වා විචලනය වන 0.21 ක විකේන්ද්‍රිකතාවයක් සමගිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ බුධ ග්‍රහයාගේ ශ්‍රේෂ්ටතම උච්චවීම් ඉර නැගෙන අහසේ තුනක්ද, ඉර බැස යන අහසේ තුනක්ද ඉදිරි පත් කරයි. මේ අතුරින් අවසාන බුධගේ නිරීක්ෂණය, එනම් ශ්‍රේෂ්ට දිගුවීම බටහිර දිගුවක් ලෙස ඔක්තොම්බර් මස 25 දින පෙ.ව 4.48ට නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නයේ 18.4°/ 10 ක දිගුවකින් යුතුව නිරීක්ෂණය කිරීමට පුලුවන.

මෙලෙස බුධ ග්‍රහයාගේ අධර හමුවීම සෑම දින 116 කට වරක් ම සිදුවේ. නමුත් මෙම කාල පරාසය දින 111 සිට 121 දක්වා විය හැකිය. ඒ අනුව මෙම වසර සැප්තැම්බර් මස 4 වන දින අවසන් බටහිර දිගු වීම අලුයම අහසේ දිස්විනි.

 

©Hansani Chandima

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts