DRACONIDS METEOR SHOWER | ඩ්‍රැකොනිඩ්ස් උල්කාපාත වර්ෂාව☄️☄️



    සෑම වසරකම ඔක්තෝබර් 6 -10 අතර කාලය තුල දිස්වන ඩ්‍රැකෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව මෙම වසරේ ඔක්තෝබර් 8 වන දින උච්ඡ වනු ඇත. මෙම උල්කාපාත වර්ෂාව අහස පුරාවටම දිස් වුවද, උල්කා පැමිණෙන්නාක් මෙන් පෙනෙන ලක්ෂය (radiant point) ඩ්‍රැකෝ තාරකා රාශියේ මකරාගේ හිස ආසන්නයේ පිහිටයි. එමනිසා උත්තර අර්ධ ගෝලයේදී මෙය නිරීක්ෂණය වඩාත් පහසු වේ.

    වසරේ අනෙකුත් උල්කාපාත වර්ෂා මෙන් නොව මෙය ඉතා කුඩා කාලයක් පවතින වර්ෂාවකි. එමෙන්ම එදින පවතින මෝරන වක් සඳ (waxing crescent moon) අඳුර වැටීමත් සමඟම බැස යාමත්, ඩ්‍රැකෝ තාරකා රාශිය රාත්‍රී 11 පමණ වන විට උතුරු දිග ක්ෂිතිජයෙන් බැස යාමත් නිසා අනෙක් බොහෝ උල්කාපාත වර්ෂා මෙන් නොව මෙය නිරීක්ෂණයට වඩාත් ම සුදුසු වන්නේ රාතිය උදාවී මුල් පැය කිහිපය තුළ ය.

    21P/Giacobini-Zinner ධූම කේතුවේ අවශේෂ හේතුවෙන් ඇතිවන මෙම උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් පැයකට උල්කා 5 ක් පමණ ඉතා සුළු ප්‍රමාණයක් උපදවන නමුත් ඇතැම් අවස්ථා වලදී එය පැයකට උල්කා 100 ක් පමණ ද උපදවා ඇත.

 

©Chathuka Jayasinghe
Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts