SEPTEMBER EQUINOX


 Equinox හෙවත් විෂුවය සෑම වසරකටම දෙවරක් සිදු වේ. ඉන් එකක් සැප්තැම්බර් මාසයේද සහ අනෙක මාර්තු මාසයේද වේ. මෙම දිනයන් හී පෘථිවියේ අක්ෂය හිරු කිරණට ලම්බකව ඇති අතර ඉන් අදහස් වන්නේ පෘථිවියේ සියලුම ප්‍රදේශ වලට සමාන පැය ගණනක් හිරු එළිය ලැබෙන බවයි. එලෙසම ලොව පුරා දිවා සහ රාත්‍රී කාලය එකම දිගකි. Equinox යනු ලතින් භාෂාවෙන් "සමාන රාත්‍රිය" යන අර්ථය ලැබේ.

පෘථිවිය එහි අක්ෂය මත අංශක 23.4 කින් පමණ නැඹුරුව පවතී. මෙම නිසා පෘථිවියේ සෘතු ඇති වේ. සරත්-විෂුවය මඟින් තාරකා විද්‍යාත්මක සරත් ඍතුවෙහි ආරම්භය සනිටුහන් කරන අතර එමඟින් පෘථිවියේ දකුණු අර්ධගෝලයට තාරකා විද්‍යාත්මක වසන්තයේ (වර්නල් විෂුවයේ) ආරම්භය සනිටුහන් කරනු ලබයි.

මෙලෙසම ජූනි මාසයේ උතුරු අර්ධගෝලය දෙසට සූර්යයා වැඩියෙන් නැඹුරුව ඇති අතර දකුණු අර්ධගෝලයයෙන් ඈත් වී ගිම්හාන සූර්ය නිවෘත්තිය සනිටුහන් කරයි.

සාමාන්‍යයෙන් සෑම වසරකම  සැප්තැම්බර් මස 22, 23, 24 යන  දිනයන්ගෙන් එක් දිනයකදී විෂුවය සිදු වේ. 2021 වසරේ සැප්තැම්බර් මස 23 වන දින 00:51 ට මෙය සිදු වේ.      

 

🖊️Written by -  Pasan Rathnayake

🖼️Graphics by - Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts