NEPTUNE AT OPPOSITION


 

Neptune at opposition එහෙමත් නැත්නම් නෙප්චුන්ගේ මුදුන් වීම වැනි අදහසක් තමයි මෙහි තියෙන්නේ🪐. මෙය වාර්ෂිකව සිදුවන තවත් එක් සුවිශේෂී තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් . Opposition වචනය තාරකා  විද්‍යාවේ දී යෙදෙන්නේ යම් ග්‍රහලෝක‍යක පිහිටීමක් විස්තර කරන්න. තවදුරටත් කියනවා නම් යම් ග්‍රහ ලෝකයක පිහිටීම සෞරග්‍රහ මන්ඩලයේ රජු වන සූර්යයාට☀️ සහ පෘථිවියට 🌏සාපේක්ෂව දක්වන විට තමයි මේ opposition කියන වචනය යෙදෙන්නේ.ඉතින් සූර්යයා සහ පෘථිවිය යන ග්‍රහලෝක දෙකට ඒක රේඛීයව 🪐නෙප්චූන් පිහිටන මෙම  සුවිශේෂී අවස්ථාව තමයි Neptune at opposition  කියන්නේ .

 

නෙප්චුන් ග්‍රහලෝකය සැලකූ විට එය පෘථිවිය 🌏මෙන් සිව් ගුණයක් විශාලයි😶‍🌫. ඒ වගේම තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් තෙවනියට විශාලතම ග්‍රහලෝකයයි. එමෙන්ම අටවන ග්‍රහලෝකය වන මෙය සූර්‍යයාගේ සිට කි.මි. බිලියන 4.5ක් පමණ දුරකින් තමයි පිහිටා තියෙන්නේ🌪️. නෙප්චුන් ග්‍රහලෝකය තමා වටා භ්‍රමණය වීමට ආසන්නව පැය 16ක කාලයක් ගත කරනවා. එනිසා නෙප්චුන්හි දවසක් පැය 16කට සීමා වෙනවා. නෙප්චුන් ග්‍රහලෝකය  ගොඩක් සීතල ග්‍රහලෝකයක් 🪐. එය සූර්‍යයාට වඩාත් දුරින් පිහිටීම එයට හේතුවක්. සැබැවින්ම නෙප්චුන් නම් යෝධ අයිස් කදක්🌬️❄️. මේ යෝධ නෙප්චුන් සිය චන්ද්‍රයන් 14 දෙනෙක් පිරිවරාගෙන තමයි මෙලෙස අහස් තලයේ නිල් පැහැයෙන් හැඩ ගැන්වෙන්නෙ🤩. නෙප්චුන් අපට බෙහෝ දුරින් සිටියත් පෘථිවියේ ජීවිත්වෙන අපටනම් එය සමීපකෙනෙක්. මොකද කියනවනම් pop සංස්කෘතියේදී විශේෂ අවදානයකට ලක් වෙලා තියෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි විවිධ විද්‍යා ප්‍රබන්ධ කතා වලත් නෙප්චුන් ගැන සදහන් වෙලා තියෙනවා. ඉතින් නෙප්චුන් කියන්නෙ සුවිශේෂී කෙනෙක් කියල අපි හැමෝටම පැහැදිලියි.

 

මේ විශේෂිත සංසිද්ධිය ගැන සැලකූවිට, පෘථිවිය🌏 ,සූර්‍යයා🌞 සහ නෙප්චුන් 🪐යන මෙ පෙලගැස්ම මැදට පැමිණෙන අතර මෙදිනදී සූර්‍යයාලෝකයෙන් නැහැවෙන නෙප්චුන් ග්‍රහයා අපට පෘථිවියේ සිට දැකගත හැකියි. දීප්තිමත් නිල් (Royal blue) පැහැයෙන් දිස්වෙන මේ නෙප්චුන් සෞරග්‍රහ මණ්ඩලයේ අන්ධකාරයෙන් වැසී ඇති නමුත් මේ සුවිශේෂී පිහිටුමේදී දුරේක්ෂයක් හෝ දුරදක්නයක් වැනි උපකරණයකින් දැකගත හැකිය . වාර්ෂිකව සිදුවන මේ සංසිද්ධිය 2021 එනම් මේ වර්ශයේත් සැප්තැම්බර් මස 14වන දින සිදුවේ. බොහෝ විට එදින මධ්‍යම රාත්‍රීයේදී එය දැකගත හැකි වනු ඇත . මෙදිනදී වෙනදාට වඩා විශාලව මෙන්ම දීප්තිමත්ව නෙප්චුන් ග්‍රහලෝකය දිස්වේ.

සැප්තැම්බර් 14 දින හිරු බැසගොස් ක්ශිතිජයට පහලින් කිදා බැස නෙප්චුන් ග්‍රහයා නැගෙනු ඇති අතර ආසන්නතම මධ්‍යම රාත්‍රීයේදී එය අහස් තලයේ මුදුන්වෙයි. මෙය බොහෝ විට කුම්භ රාශියට ආසන්නව පවතී.සැප්තැම්බර් 14 දින නෙප්චුන් ග්‍රහලෝකය දෘශ්‍යමාන වුවද අවට තාරකා 🌟 හා සසඳන විට එය දුර්වල ලෙස පෙනිය හැක. මේනිසා යම් විශාලන උපකරණයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් මේ සුවිශේෂී අවස්තාව දැකබලා ගැනීමට බෙහෝ දෙනා ඇලුම් කරන බවනම් නොඅනුමානයි 😇 .

 

🖊️Article by : Hashini Erangika

🖼️Graphics by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts