MERCURY AT GREATEST EASTERN ELONGATION


 

බුධ ග්‍රහයා හොඳින් නිරීක්ෂණයට තවත් අවස්ථාක් මෙම වසරේ සැප්තැම්බර් 14 වන දින අපට ලැබෙනවා. එනම් 2021 බුධ ග්‍රහයාගේ දෙවන ශ්‍රේෂ්ඨතම නැගෙනහිර උච්ච වීම එදිනට යෙදී තියෙනවා.

යම් කිසි ග්‍රහලෝකයක විස්තාරණය එසේ නොමැති නම් උච්ච වීම යනු සූර්යයා හා එම ග්‍රහලෝකය අතර උපරිම දෘශ්‍ය විස්තාපනයක් ඇති වීමයි. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කෝණික විස්තාපනයකි.

බුධ ග්‍රහයා යනු පෘථිවියට දුරින් සූර්යයාට ළඟින් පිහිටන ඉතා කුඩා ග්‍රහලෝකයකි. සූර්යයාගේ අධික දීප්තිය හේතුවෙන පෘථිවියේ සිට බුධ ග්‍රහයා නිරික්ෂණය ඉතාමත් අපහසු කටයුත්තකි. නමුත් මෙලෙස බුධ ග්‍රහයා උච්චතම පිහිටීමට ළඟා වූ විටඑය පියවි ඇසින්ද ඉතා හොඳින් නිරික්ෂණයට පුලුවන්.

2021 සැප්තැම්බර් මස 13 දින සූර්යයා බැස ගිය පසු බටහිර අහසේ සූර්යයාට අංශක 26.8 ක් නැගෙනහිරින් බුධ ග්‍රහයා නිරීක්ෂණයට හැකියාව ලැබෙනවා. සැප්තැම්බර් 14 දින අලුයම 3.25 මෙහි උච්චතම අවස්ථාව එනම් 92% ක දීප්තියකින් දැක ගන්න පුලුවන්.

එමෙන්ම බුධ ග්‍රහයාගේ නැගෙනහිර උච්ච වීම අවස්ථාවේදී බුධ ග්‍රහයා  බටහිර අහසේ හිරු බැස යාමෙන් පසුවද, බටහිර උච්ච වීම අවස්ථාවේදී බුධ ග්‍රහයා  නැගෙනහිර අලුයම අහසේ ද නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.

 

🖊️Article by : Malmi Bandara

🖼️Graphics by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts