සැප්තැම්බර් මස පුරසඳ | අස්වනු සඳ 🌕


 

ගිම්හාන ඍතුවේ අවසානයත් සමග  සරත් ඍතුවේ ආරම්භය සනිටුවහන් කරනා "අස්වනු සඳ" 🌾🌕 , සම්ප්‍රදායිකව අස්වනු සඳ ලෙසින් හඳුන්වනු ලබන සමකයට ආසන්නතම සැප්තැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා.. ඉරිඟු අස්වනු නෙළීමට නියමිත කාලහෝරාව සළකුණු කළ හෙයින් අස්වනු චන්ද්‍රයා ලෙස ස්වදේශීය ඇමරිකානුවන් විසින් හදුන්වනු ලැබූ අතර  "Shine on ,shine on harvest moon 🎼 ගීතයෙන් 20 වන සියවසයේ මුල් භාගයේදී ලොව පුරා " Harvest moon" (අස්වනු සද ) යන නාමයෙන් ප්‍රචලිත විය.

     එලෙසම අස්වනු නෙළන කාලය පුරාවට බටහිර දෙසින් හිරු එළිය මැකී යත්ම නැගෙනහිර දෙසට නැග එන සඳ රාත්‍රිය පුරාවටම ගොවීන්ට සිය අස්වනු ඒකරාශී කරගැනීමෙහිලා බෙහෙවින්ම උපකාරී වේ.

     ගිම්හාන ඍතුවේදී අවසාන පූර්ණ චන්ද්‍රයා හෝ සරත් ඍතුවේ ප්‍රථම පූර්ණ සඳ වන අස්වනු සඳ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පුර පසළොස්වක පොහොය පුරාවටම යෙදෙන සඳ හතරෙන් හතරවැන්න යි. එය උත්තර අර්ධගෝලයේ ගිම්හානයේ සිව්වන ශීත පූර්ණ චන්ද්‍රයා වේ.

   සරත් ඍතු කාල ආසන්නයේදී පෘථිවියේ සිතිජයට සාපේක්ෂව චන්ද්‍රයාගේ කක්ෂයේ කෝණය එහි අවම මට්ටමක පවතින අතර එම නිසා පුන් සඳ සාමාන්‍ය සඳට වඩා බොහෝ වේගයෙන් සිතිජයට ඉහළින් නැගී එයි.

    පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය පරිපූර්ණ කවයක් නොවන හෙයින් ,අස්වනු සඳට පෘථිවියෙන් ඇති දුර සහ අපේ අහසේ පෙනෙන ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස්‍ ය. 2020 වර්ෂයේදී අස්වනු සඳ  එම වර්ෂයේ දෙවන කුඩාම පූර්ණ චන්ද්‍රයා වූ අතර 2019 වර්ෂයේදී එය වඩාත්ම දුරස්ථ සහ කුඩාම පූර්ණ චන්ද්‍රයා විය.නමුත් 2015 වර්ෂයේදී එය වසරේ සමීපතම මෙන්ම විශාලතම සුපිරි සඳ ලෙස දර්ශනය විය. 2021 වර්ෂයේදී එය බොහෝදුරට සාමාන්‍ය ප්‍රමාණයේ චන්ද්‍රයෙකු ලෙස දර්ශනය වනු ඇත. පූර්ණ සඳ සිතිජයට ආසන්නයේ පිහිටන බැවින් එය තැඹිලි පැහැයෙන් දර්ශනය වේ.

   2021 වර්ෂය සදහා නියමිත පූර්ණ චන්ද්‍රයා නොහොත් අස්වනු සඳ පෘතුවියේ සිට 373719 km දුරින් 84.6% ක දීප්තියෙන් යුතුව සැප්තැම්බර් මස 21 වන දින පෙ.ව 05.24 ට උදාවීමට නියමිතව ඇත. 🌾🌕

 

🖊Written by -  Hasini Pramodya

🖼Graphics by - Niru Ruwanya

 

J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts