පර්සීඩ් උල්කාපාත වර්ෂාව | PERSEIDS METEOR SHOWER☄️☄️


    රාත්‍රී අහසේ දැකිය හැකි ඉතා මනරම් දර්ශනයක් වන උල්කාපාත වර්ෂා ආකාශ නිරීක්ෂකයන්ගේ මෙන්ම සියලු දෙනාගේම දැඩි අවදානයට ලක්වන ස්වභාවධර්මයේ අපූරු අවස්තාවකි.

    මෙම උල්කාපාත වර්ෂා ඇති වනුයේ සිදුවීම් දාමයක ප්‍රතිපලයක් ලෙසිනි. වල්ගා තරුවක් සෞරග්‍රහ මණ්ඩලය තුලින් ගමන් කරන විට සූර්‍යයාගේ විකිරණ ලෙසින් පිටවන අධික තාපය හමුවේ සිය මතුපිට ඇති අයිස් ස්තරය දියවී වාශ්ප වීමට ලක්වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස දුහුවිලි සහ අංශු විශාල ප්‍රමාණයක්  වල්ගා තරුවෙන් මුදා හැරීම සිදුවේ.මෙම අංශු වල ගමන් මාර්ගය පෘථිවි කක්ෂය ඔස්සේ පවතින විට අපගේ වායුගෝලයට මෙම කුඩා අංශු රාශියක් අතුලු වේ. වායුගෝලයේදී වේගයෙන් ගමන් කරන මෙම උල්කාශ්ම ඝර්ශණය හේතුවෙන් දීප්තිමත්ව දැවී යාම උල්කා වර්ශාවක් ලෙස හදුන්වනු ලබයි.දවස පුරා සිදුවන මෙය රාත්‍රී කාලයේදී අපට නිරීක්ශනය කිරීමට හැක.

    පර්සීඩ් උල්කාපාත වර්ෂාව මෙලෙස රාත්‍රී අහසේ අපට දක්නට ලැබෙන තවත් එක් දර්ශනීය උල්කාපාත වර්ෂාවකි. උතුරු හා වයඹ දිග අහසේ පර්සියස් තරු රටාව පසුබිම් කරගනිමින් දර්ශනය වන බැවින් මෙය පර්සීඩ් උල්කා වර්ෂාව ලෙස නම්කර ඇත. Swift-Tuttle වල්ගා තරුවේ ගමන් මග නිසා ඉන් නිකුත් වන දුහුවිලි සහ අංශු මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය කිරීමට හේතු වී ඇත. පෘථිවි වර්ෂ 133 ක ආවර්ත කාලයක් පවතින මෙම වල්ගා තරුව 1862 වසරේදී හඳුනාගන්නා ලදී.

    සෑම වසරකම ජූලි මැද දිනවල දර්ශනය වීම අරඹන පර්සීඩ් උල්කාපාත වර්ශාව සාමාන්‍යයෙන් අගෝස්තු මස 9ත් 16 ත් අතර කාලයේදී සිය උච්චතම අවස්තාවට ළඟා වී අගෝස්තු මස අවසානයේදී අවසාන වෙයි. මෙම උච්චතම කාලයේදී සාමාන්‍යයෙන් පැයට උල්කාශ්ම 60 ක් පමන දැවී යාම නිරීක්ෂණය කල හැකිවනු ඇත. මෙම දැවීයාම් සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 80 ක පමන ඉහල අහසේ සිදුවේ.

    මෙම වසරේ (2021) අගෝස්තු මස 12 රාත්‍රී කාලයේ සිට 13 වන දින අලුයම දක්වා උතුරුදිග අහසෙහි මෙහි උච්චතම අවස්තාව නිරීක්ශනය කළ හැකිවනු ඇත.

 

Written by: Manujith Waduge

Graphic by: Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts