NEW MOON | නව සඳ 🌑


සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය පිලිවෙලින් පිහිටන (Syzygy) විට පෘථිවියට මුහුණලා දිස්වෙන චන්ද්‍රයාගේ මුහුණත අඳුරුවේ. මේ අවස්ථාවේදී චන්ද්‍රයා, නව සඳ ලෙස හඳුන්වනු ලබයි.

මෙම සංසිද්ධියේදී චන්ද්‍රයා හිරු සමගම නැගී බැස යාම නිසා පියවි ඇසින් නිරීක්ෂණය කිරීම අපහසුවේ. 2021/08/08 පස්වරු 7.20 ට කටක තාරකා රාශිය ආසන්නයේ මෙය නිරීක්ෂණය කල හැකිය. නමුත්, අපට මෙම නව සද පියවි ඇසට පහසුවෙන් දැකගත හැකි එක අවස්ථාවක් පවතී. එනම් සූර්‍යග්‍රහණයක් සිදුවන අවස්ථාවකයි. මන්දයත් නව සඳ ‘පරිපූර්ණ’ වන එකම අවස්ථාව මෙය වන නිසාය. 

සඳ එළියෙන් කිසිදු බලපෑමක් නොවෙන නිසා නව සඳ රාත්‍රීන් ඉතාමත් අඳුරු බවින් යුක්තය.

ග්‍රහලෝක, උල්කාපාත වැසි සහ තරු පොකුරු, නිහාරිකා සහ මන්දාකිණි වැනි ගැඹුරු අහසේ වස්තූන් නිරීක්ෂණයන්ට මෙම නව සඳ රාත්‍රීන් ඉතාමත් සුදුසු රාත්‍රීන් වේ.


Written by: Wasukee Weerasinghe

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts