අගෝස්තු නිල් සද | Blue moon of August


 

තාරකා විද්‍යවේදී , සෑම කන්නයකම - ශීත, වසන්ත, ගිම්හාන වැනි මාස තුනක් පවතින අතර එහිදී සාමාන්‍යයෙන් පුර පසළොස්වක තුනක් ඇති අතර එය දින 30 ක පරතරයකින් සිදු වේ. මෙම වසරේදී ජුනි මාසය උදා වී දින කිහිපයකට පසු ජුනි මාසයේ පූර්ණ චන්ද්‍රයා පැමිණීම නිසා, සැප්තැම්බර් 22 වෙනිදා සැප්තැම්බර් විෂනාදයෙන් අවසන් වන වර්තමාන ග්‍රීෂ්ම සෘතුවේදී පූර්ණ චන්ද්‍රයින් හතරක් අපට දැක ගත හැක.

මින් තෙවන පූර්ණ චන්ද්‍රය(Blue moon) අගෝස්තුවේදී  සිදුවනු ඇත.  පූර්ණ චන්ද්‍ර අවධිය පිළිබදව විමසා බැලීමේදී සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවිය සමඟ එහි මධ්‍යයේ කෙළින්ම පෙලගැසීම  එනම් අංශක 180 ක නව සඳට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ථානයක පිහිටීම නිසා ඇතිවන සංසිද්ධිය කි. මෙහිදී සඳෙන් 97% ත් 100% ත් අතර ප්‍රමාණයක් ඉතා පැහැදිලිව  දැකිය හැකිය. වෙනත් අයුරකින් කියන්නේ නම්, අප සිටින්නේ සඳ සම්පූර්ණයෙන්ම දැකගත හැකි අවධියේ.

මෙම අගෝස්තු පුර  සඳ මෙම වසරේ  තාරකා විද්‍යා දින දර්ශනයේ විශේෂ තැනක් ගනියි. අගෝස්තු පුර සඳ සාමාන්‍යයෙන් 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හැදින්වේ. එනම් අගෝස්තු මාසයේ රාත්‍රී අහස නිරීක්ෂණය කරන පුද්ගලයෙකුට 8වන දා අදුරු රාත්‍රී අහසේ  නව සඳ ද, මාසයේ අග එනම් 22 වනදා පූර්ණ සඳ ද පැහැදිලිව නිරීක්ෂණය කිරීමට පුලුවන. මේ නිසා අගෝස්තුවේදී නිසැකවම සඳෙහි නිරීක්ෂණය කළහොත් එකිනෙකට වෙනස් සඳෙහි අවධීන් නිරික්ෂණය කිරීමට හැකිවේ.

චන්ද්‍රයා කවදා හෝ නිල් පැහැයක් ගනීද කියා ඔබ සිතනවා විය හැකිය. නිල් පැහැයෙන් යුත් නිල් සඳ ඉතා දුර්ලභ වන අතර දින දර්ශනයට හෝ සඳෙහි අවධීන්ට කිසිදු සම්බන්ධයක් නැත. ඔවුන් ද පූර්ණ සඳ විය යුතු නැත. නිල් පැහැති සඳක් ඇති වූ විට නිල් පැහැය ඇති වන්නේ ගිනිකඳු අළු සහ දුම වැනි ස්වාභාවික ව්‍යසනයන්ගෙන් වාතයේ ජල බිඳිති, යම් යම් වලාකුළු හෝ අංශු වායුගෝලයට විසිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.නීල  චන්ද්‍රයෙකු නිර්මාණය කිරීම සඳහා දූවිලි හෝ අළු අංශු මයික්‍රෝන 0.6 ට වඩා විශාල විය යුතු අතර එමඟින් රතු එළිය විසිරී නිල් ආලෝකය නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසයි. මෙම කරුණු පිලිදව විමසා බැලීමේදී  අපි නිල් සඳක් ලෙස හඳුන්වන දේ වෙනත් ඕනෑම රාත්‍රියක සඳ මෙන් සාමාන්‍යයෙන් සුදුමැලි අළු, සුදු හෝ කහ පැහැයක් ගනී .එසේම, ඡායාරූප වල නිල් පාට චන්ද්‍රයන් සෑදී ඇත්තේ කැමරා සඳහා විශේෂ නිල් පෙරහන් භාවිතයෙන් හෝ පසු සැකසුම් මෘදුකාංග වලිනි.

මෙම පූර්ණ චන්ද්‍රයා මුල් ඇමරිකානු ස්වදේශික ගෝත්‍රිකයින් හැඳින්වූයේ ස්ටර්ජන් මූන් (Sturgeon Moon)ලෙස ය, මන්ද මහා විල් වල විශාල ස්ටර්ජන් මසුන් සහ අනෙකුත් ප්‍රධාන විල් මේ වසරේ පහසුවෙන් අල්ලා ගත හැකි බැවිනි.අගෝස්තු 22වනදා නිල් සඳ නිරීක්ෂණය කරන්නේ නම් මධ්‍යම රාත්‍රී අහසේ Aquarius (කුම්භ රාශිය) තාරකා මණ්ඩලයේ අංශක 16 කලා 21 පහත වැටීමකින් දර්ශනය වනු ඇත.එය  ශ්‍රීලංකාවට අලුයම 05.31ට ඉතා පැහැදිලිව දිස් වේ.

සාමාන්‍යයෙන්  නිල් සඳක් අවුරුදු 2කට හෝ 3කට වතාවක් රාත්‍රී අහසේ දිස්වේ.අවසාන වරට පසුගිය වර්ෂයේ ඔක්තෝම්බරයේ  අග නිල් සඳක් දිස්විය.අඟහරු ග්‍රහයා පෘථිවියට සමීපව පිහිටා තිබීම නිසා එය ඉතා විශාල නිරීක්ෂණය වුනි. දින දර්ශනයේ මාස නිර්වචනය භාවිතා කරමින් ඊළඟ නිල් චන්ද්‍රයා  2023 අගෝස්තු 31 වන දිනත් ඉන් පසුව 2026 මැයි 31 සහ 2028 දෙසැම්බර් 31 දින පැමිණීමට නියමිතයි.

 

Written by : Hansani Chandima

Graphic by : Niru Ruwanya

 

  J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts