The Buck Moon | ඇසළ මස පුර සඳ 🌕


 

Full Moon, පුර සඳ නොඑසේ නම් පුරපසළොස්වක යනු සූර්යයා, පෘථිවිය හා චන්ද්‍රයා හරියටම රේඛීයව පිහිටුවමින් පෘථිවිය; සූර්යයා හා චන්ද්රයා අතරමැද පිහිටන අවස්ථාවේදී චන්ද්‍රයාගේ කලාවයි.මෙම අවස්ථාවේදී සූර්යයාගේ කිරණ ඍජුවම චන්ද්‍රයාගේ, පෘථිවිට මුහුණලා පවතින අර්ධයට වැටීම නිසා චන්ද්‍රයා පූර්ණ ආලෝකමත් වීමකින් යුතුව පූර්ණ වෘත්තයක ආකාරයට නිරීක්ෂණය කළ හැකිය.

එක් පුර සඳක් සහ ඊට පසු පුර සඳක් අතර කාල පරිච්ඡේදය Synodic month ලෙස හදුන්වනු ලබන අතර මේ සඳහා දින 29.53 ක කාලයක් ගත වේ. චන්ද්‍රග්‍රහණ සිදුවන්නේද චන්ද්‍රයාත්, පෘථිවියත් සහ සූර්යයාත් මෙවැනිම පිහිටුමකදී බව අප දන්නා කරුණකි. නමුත් සියලු පුරපසළොස්වක දිනයන්හීදී මෙම සංසිද්ධිය අපට දැක ගත හැකි නොවේ. ඊට හේතුව වන්නේ, පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂය, සූර්යයා වටා පෘථිවි කක්ෂයට වඩා වෙනස් තලයක පිහිටා ඇති වීමයි. එම නිසා   චන්ද්‍රග්‍රහණ සඳහා පරිපූර්ණ පෙළගැස්වීමක් සෑම පුරපසළොස්වක දිනකම සිදු නොවේ.

ජූලි 24 වන දින ශ්රී ලංකාවේ කොළඹ නගරයට මෙම පුර සඳ නිරීක්ෂණය වන අතර මෙදින සවස 18:58 ට චන්ද්‍ර උදාව නිරීක්ෂණය වන අතර චන්ද්‍රයා බැස යාම උදෑසන 06:02 ට සිදු වේ.මෙදින මෙම චන්ද්‍රයා ග්‍රිනිච් දේශාංශ රේඛාව, (නිරීක්ෂණ අහසේ ඉහළම ස්ථානය) උදෑසන 00:01 ට පසු කරයි. මෙම අවස්ථාවේදී චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර 368,111 km වේ. මෙම අවස්ථාවේදී චන්ද්‍රයාගේ උපරිම දීප්තිමත්භාවය 99.7% වේ. ජූලි පුර පසළොස්වක චන්ද්‍රයා buck moon ලෙස හැඳින්වේ.

 

Written by : Pasan Rathnayake

Graphic by : Dumindu Sasanka

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts