නව සඳ | NEW MOON


 

    සඳ නොහොත් චන්ද්‍රයා පෘථිවියේ සිට කි.මී 384000 ක පමණ දුරින් අභ්‍යාවකාශයේ ඇති වස්තුවකි. මෙය දින 27.3 ක පමණ කාලයකින් පෘථිවිය වටා භ්‍රමණය වන අතර තමා වටා භ්‍රමණය වන වේගයට සමාන වේගයකින් පෘථිවිය වටා පරිභ්‍රමණය කරයි. එම නිසා සෑම විටම පෘථිවියට දිස් වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණයි.

සඳේ විවිධ කලාවන් ගැන අපි කවුරුත් අහලා තියනවා. පුර සඳ 🌕 නව සඳ 🌑 පුර අටවක🌗 හා අව අටවක 🌓 ලෙස ප්‍රධාන කලාවන් හතරකි. චන්ද්‍රයාගේ එකම පැත්තක් පමණක් සෑම විටම පෘථිවිය දිස් වූවත් සූර්යයාගේ ආලෝකය සඳ මත පතනය වන ආකාරය නිසා සඳ විවිධ හැඩවලින් ෘථිවියට දිස් වෙයි. ඒ ආකාරයට ඇති වන චන්ද්‍ර කලා චක්‍රය සෑම මසකට වරක් සිදු වේ.

පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රයා සූර්යයා  හා පෘථිවිය  අතරට පැමිණි අවස්ථාවේදී නව සඳ ඇති වේ 🌚 එනම් පෘථිවිය දෙසට දිස් වන්නේ සඳේ අඳුරු පැත්තයි. එම නිසා නව සඳ පියවි ඇසින් නිරීක්ෂණය ිරීමට නොහැකිය.

මෙදින රාත්‍රී අහස ඉතා අඳුරු වන නිසා අනෙක් ග්‍රහලෝක 🪐 මන්දාකිණි, තරු රටා ආදිය නිරික්ෂණයට කදිම රාත්‍රියකි. 2021 ජූලි මස 10 වන දින පෙ.ව. 06.46 ට නව සඳ ඇති වේ.  බුධ, සිකුරු මෙන්ම බ්‍රහස්පතී, සෙනසුරු 🪐 යන ග්‍රහලෝක ජූලි  මස 9, 10  දින වල රාත්‍රී අහසේ නිරීක්ෂණය කිරීමට හැකි වේ.

චන්ද්‍ර කලාවන් හා බැඳුණු සංස්කෘතික අංග රැසකි. නව සඳ හා බැඳුණු රසවත් තොරතුරු සොයා බැලූ විට චීන ජාතිකයින්, ඉස්ලාම්වරු මෙන්ම හින්දූන් ද මෙම නව සඳ ඇති වන දිනය නව මාසයක ඇරඹුම ලෙස සලකන බව පසක් වේ. එමෙන්ම ඔවුන් තම නව වැඩකටයුතු ආරම්භයට සුභ දිනයක් ලෙස නව සඳ දිනය හඳුන්වනු ලබයි.

එමෙන්ම මෙම නව සඳ ඇති වන දිනය අමාවක පොහොය ලෙස හඳුන්වන අතර ඇතැම් බෞද්ධ ජනතාව මෙදින සිල් සමාදානම් වීම ද සිදු කරති.

 

Written by : Malmi Bandara

Graphic by : Niru Ruwanya

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts