MERCURY AT GREATEST WESTERN ELONGATION


 

                       සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම මෙන්ම වේගවත්ම මේ අපූරු සගයා රෝමානුවන්ගේ  වේගවත්ම දූතයාගේ නාමයෙන්  දේවත්වයෙන් ඇදහීමක් පැරණි ග්‍රීක සමාජයේ දක්නට ලැබුණි... ඇත්ත වශයෙන්ම බුධ ග්‍රහයාගේ චක්‍රයේදී සූර්‍යාට නැගෙනහිරින් දර්ශනය වී අතුරුදහන් වී පසුව සූර්‍යාට බටහිර දෙසින් දර්ශනය වී පසුව නැවත අතුරුදහන් වීමක් සිදු වූ නිසාවෙන් මේ මායාකාරී හැසිරීම පදනම් කරගනිමින් බුධ ග්‍රහයා ග්‍රහලෝක දෙකක් බවට පැරැන්නෝ විශ්වාස කළහ.

          බුධ ග්‍රහයා ඔහුගේ විශාලතම නැගෙනහිර දිගුව කරා ළගාවූ විට සූර්‍යාට පසුව බැසයන වස්තූවක් ලෙසද,විශාලතම බටහිර දිගුවේදී එය සූර්‍යාට පෙර නැගීඑන උදෑසන වස්තූවක් ලෙසද අහස් තලයේ දර්ශනය වනු ඇත.අනෙක් සෑම අවස්ථාවකදීම බුධ ග්‍රහයා සූර්‍යාගේ දීප්තිය හේතුවෙන් අපට පැහැදිලිව දර්ශනය නොවනු ඇත.

  බුධ ග්‍රහයා සූර්‍යාට බටහිර දෙසින් සිටිනා විට එය දෘෂ්‍යමාන වනුයේ හිරු උදාව ට හෝ ඊට පෙර පමණි.එය කිසිම විටක පැය දෙකකට වඩා වැඩිනොවේ.

             මෙහිදී මේ අපූරු ග්‍රහලෝකයේ විශාලතම බටහිර දිගුව හිමිදිරියේ නැගෙනහිර දිශාවෙන් හිරු උදාවට පෙර නිරීක්ෂණය කළ යුතුය.මන්දයත් බුධ ග්‍රහයාගේ විශාලතම බටහිර දිගුව හිරු උදාවට පෙර අහසේ සුළු මොහොතක් පමණක් නිරීක්ෂණය වන බැවිනි...

       එසේනම් 2021 වර්ෂයේ ජූලි මාසය සදහා වූ බුධ ග්‍රයාගේ විශාලතම බටහිර දිගුව ජූලි මස 5 වන දිනට නියමිතව ඇත.මෙහිදී හිරු උදාව එදින පෙරවරු 5.55 ට පමණ යෙදී ඇති අතර  බුධ ග්‍රහයාගේ උදාව එදින පෙරවරු 4.11 ට සූර්යාට 17° ක උන්නතාංශයකින් යුතුව ඇත...🌞 එනම් බුධ ග්‍රහයාගේ ජූලි මාසයට නියමිත විශාලතම බටහිර දිගුව ,හිරු උදාවට පෙර අහසෙහි වැජඹී..දර්ශනය වී...හිරු උදාවත් සමග අතුරුදහන් වීමට නියමිතව ඇත...

 

Written by : Hasini Pramodya

Graphic by : Adithya Vimukthi

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts