DELTA AQUARIDS METEOR SHOWER ☄️☄️☄️


 

        Delta Aquarids උල්කාපාත වර්ෂාව ජූලි මස මැද භාගයේ දී ආරම්භ වන අතර අගෝස්තු මස අග දක්වා දැක ගත හැක. මෙම උල්කාපාත දර්ශනය කිරීමට අපහසු වන අතර සද🌝 පායා ඇති රැයක මෙය කිසිසේත්ම දැක ගත නොහැක. උල්කා වැස්සේ උච්චතම අවධිය වන ජූලි මස අග භාගයේ දී එනම් ජූලි 27-30 දිනවල සද පායා නැති රාත්‍රී අහසේ Delta Aquarids උල්කා වැස්ස හොදින්ම දැක ගත හැකිය☄️. මෙම උල්කා වර්ෂාව තත්පරයට 41km ක වේගයෙන් වැටෙන අතර ආසන්න වශයෙන් පැයකට 20 ක් පමණ උල්කා පතිත වේ. Delta Aquarids හොදින්ම දැක ගත හැක්කේ දකුණු අර්ධගෝලයේ🌏 හා උතුරු අර්ධගෝලයේ දකුණු අක්ෂාංශ වල වෙසෙන අයටයි. ක්ෂිතිජයත් අහස් මුදුනත්🌌 අතර අඩ දුරක් හා Aquarids තාරකා මණ්ඩලයේ✨ සිට 45°ක් ඈත රාත්‍රී අහස දෙස බැලීමෙන් මෙම උල්කා වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව වැඩි වේ.

උල්කා වැසි හටගන්නේ කෙසේද? 🤔🤥

        උල්කා වැසි හටගන්නේ වල්ගා තරු අංශු වලින් 💫හා බිදුණු ග්‍රාහක කැබලි🪐 වලිනි. වල්ගා තරු 💫සූර්යයා වටා🌞 පැමිණෙන විට ඔවුන් විමෝචනය කරන දූවිලි ක්‍රමයෙන් ඔවුන්ගේ කක්ෂ වටා දූවිලි සහිත මාවතකට පැතිරෙයි.🌠 සෑම වසරකම පෘථිවිය මෙම සුන්බුන් මංසන්ධිය හරහා ගමන් කරන අතර එමඟින් මෙම කැබලි අපගේ වායුගෝලය සමඟ ගැටී අහසේ ගිනිමය වර්ණවත් රේඛා නිර්මාණය කරයි. 🌠

        Delta Aquarids නිර්මාණය කිරීම සඳහා අපගේ වායුගෝලය සමග අන්තර් ක්‍රියා කරන අභ්‍යවකාශ සුන්බුන් කැබලි 96P/Machholz වල්ගා තරුවෙන් සම්භවය වූ බවට සැක කෙරේ. මෙම කෙටි කාල වල්ගා තරුව වසර 5 කට වරක් සූර්යයා වටා ගමන් කරයි. Radiant, එනම් Delta Aquarids උල්කා වර්ෂාව අහසේ මතුවන ස්ථානය Aquarius තාරකා මණ්ඩලයයි. මෙම තාරකා මණ්ඩලයේ 3 වන විශාලතම තාරකාව Delta තරුවයි. මෙම උල්කා වර්ෂාවට Delta Aquarids ලෙස නම ලැබීමට හේතුව වන්නෙත් මෙම තාරකා මණ්ඩලයේ✨ හා තාරකාවේ ⭐නම් නිසයි.

        තාරකා මණ්ඩලයක් යනු උල්කා වර්ෂාවක ප්‍රභවය නොවේ. උල්කා වර්ෂාවක් තාරකා මණ්‌ඩලයක‍ නමකින් නම් කරන්නේ එම උල්කා වර්ෂාව රාත්‍රී අහසේ දිස් වන්නේ එම තාරකා මණ්ඩලය ✨පිහිටන ස්ථානයෙන් නිසා නරඹන්නන්ට එය දැක ගත හැකි ස්ථානය පහසු කිරීම සඳහා පමණි🔭. තාරකාවේ නමකින් ⭐( මෙහිදී Delta ලෙස) නම් කර ඇත්තේ එම තාරකා මණ්ඩලය පිහිටි ස්ථානයෙන් ම මතු වන අනෙකුත් උල්කා වර්ෂාවන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමට පමණි. (උදා: Eta Aquarids )☄️☄️☄️

Written by : Pulmini Milanika
Graphic by : Niru Ruwanya

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

Comments

Popular Posts